ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගත හැකි Skilled වීසා අයදුම්පත් සලකා බලන ප්‍රමුඛතා අනුපිළිවෙල මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ Skilled වීසා ඛාණ්ඩවල අයදුම්පත් සලකා බැලීම විෂයය බාර අමාත්‍යවරයාගේ උපදෙස් වලට යටත් වන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.

More chance to get Permanent Residency in Australia from Health, Medical Research and Health sectors in Victoria

Source: AAP

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහන යටතේ වැඩි ඉඩක් සහ ප්‍රමුඛ අවධානයක් යොමුව ඇත්තේ Skilled migration හෙවත් නිපුණතා සංක්‍රමණ සඳහාය.

එහිදී විවිධ Skilled වීසා ඛාණ්ඩ සඳහා යොමු කළ අයදුම්පත් සලකා බැලීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා අනුව සිදුවේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


අයදුම්පත් සලකා බැලීමේදී විෂයය බාර අමාත්‍යවරයාගේ උපදෙස් වලට යටත් වන Skilled වීසා ඛාණ්ඩ

පහත සඳහන් Skilled වීසා ඛාණ්ඩවල අයදුම්පත් සලකා බැලීම විෂයය බාර අමාත්‍යවරයාගේ උපදෙස් වලට යටත් වන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.

Subclass 124 (Distinguished Talent)

Subclass 186 (Employer Nomination Scheme)

Subclass 187 (Regional Sponsored Migration Scheme)

Subclass 188 (Business Innovation and Investment)

Subclass 189 (Skilled - Independent) (Points-tested Stream)

Subclass 190 (Skilled - Nominated)

Subclass 489 (Skilled - Regional (Provisional))

Subclass 491 (Skilled Work Regional (Provisional))

Subclass 494 (Employer Sponsored Regional (Provisional))

Subclass 858 (Distinguished Talent) (now called Global Talent)
Two latest Australian visas which offer highly-skilled migrants.
Source: SBS

ප්‍රමුඛතාවය අනුව අයදුම්පත් සලකා බැලීමේ පිළිවෙල

ප්‍රමුඛතාවය අනුව ඉහත සඳහන් කළ Skilled වීසා ඛාණ්ඩවල අයදුම්පත් සලකා බැලීම පහත සඳහන් පිළිවෙල අනුව තීරණය කරන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය දක්වයි.

01. පහත සඳහන් ඕනෑම ආකාරයක අයදුම්පතක්:

    • Nominated occupation එක හෙවත් නිර්දේශිත වෘත්තීය, Priority Migration Skilled Occupation ලැයිස්තුවේ දක්වා ඇත්නම් Employer Sponsored හෝ Regional Sponsored ක්‍රමය යටතේ අයදුම්කරන අයදුම්කරුවන්
    • Global Talent Employer Sponsored Agreement යටතේ සේවා යෝජකයා (employer) විසින් නිර්දේශ කරන අයදුම්කරුවන්
    • Global Talent Program හරහා හඳුනාගත් සියලුම අයදුම්පත්‍ර
    • පහත දැක්වෙන අනුපිළිවෙල යටතේ 188 වීසා උප ඛාණ්ඩය සඳහා යොමුකරන අයදුම්පත්:
      1. Significant Investor ධාරාව යටතේ යොමු කෙරෙන 188 වීසා උප ඛාණ්ඩයේ අයදුම්පත්
      2. සෙසු 188 වීසා උප ඛාණ්ඩයේ අයදුම්පත්
02. Critical Sector යටතේ ඇති වෘත්තීන්ට අදාළ අයදුම්පත්

03. Designated Area Migration Agreement යටතේ සේවක ගිවිසුමක පාර්ශවකරුවෙක් වන සේවායෝජකයෙක් (employer) විසින් සිදුකරන Employer Sponsore හෝ Regional Sponsore අයදුම්පත්

04. Subclass 494 (Employer Sponsored Regional (Provisional)) වීසා අයදුම්පත්

05. Subclass 491 (Skilled Work Regional (Provisional)) වීසා අයදුම්පත්

06. ඉහත 1 හෝ 2 ට අදාළ නොවන Employer Sponsored වීසා අයදුම්පත්

07. අනුමත අනුග්‍රාහකයෙකු විසින් නිර්දේශ කරනු ලබන අයදුම්කරුවන්ගේ Subclass 187 (Regional Sponsored Migration Scheme) වීසා අයදුම්පත්

08. Subclass 489 (Skilled - Regional (Provisional)) වීසා අයදුම්පත්

09. Subclass 190 (Skilled - Nominated) වීසා අයදුම්පත්

10. ලකුණු ක්‍රමයට අනුව නිකුත් කෙරෙන Subclass 189 (Skilled - Independent) වීසා අයදුම්පත්

11. විෂයය බාර අමාත්‍යවරයාගේ උපදෙස් වලට යටත් වන අනෙකුත් සියලුම වීසා බලපත්‍ර සඳහා වූ අයදුම්පත්

Share
Published 1 June 2021 7:24pm
Updated 14 June 2021 8:10am
By Madhura Seneviratne

Share this with family and friends