වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ඔබට කොරෝනා එන්නත ගත හැක්කේ කෙලෙසද? කොතනින්ද? (SBS සිංහල/ වාර්තා)

ඔබ දැනටමත් Pfizer හෝ AstraZeneca එන්නත් වලින් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇතිනම් දෙවැනි මාත්‍රාවද පළමු එන්නතේ වර්ගයෙන්ම ලබාගත යුතුය.

A file photo of a COVID-19 Vaccination Clinic sign in Melbourne.

A file photo of a COVID-19 Vaccination Clinic sign in Melbourne. Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ යළි කොරෝනා වයිරසය පැතිරීම ආරම්භ වීමත් සමග කොරෝනා එන්නත ලබාගැනීමට බොහෝ දෙනෙකු වැඩි උනන්දුවක් දක්වන බව පෙනී ගොස් තිබේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයකින් දිනකදී වාර්තා වූ ඉහළම කොරෝනා එන්නත් ලබාගැනීමේ සංඛ්‍යාත්මක වාර්තාව පසුගිය සතියේ දින කිහිපයක්ම වික්ටෝරියානු ප්‍රාන්තය විසින් බිඳ දමන ලදී.


Highlights

  • ඔබ වයස අවුරුදු 40 ත් 49 ත් අතර පසුවනවා නම් ඔබ Pfizer කොරෝනා එන්නත ලබාගැනීමට හිමිකම් කියයි.
  • ඔබ වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයෙකු නම් ඔබට AstraZeneca එන්නත ලබාගැනීමට අවසර ලැබේ.
  • Medicare කාඩ් පත නොමැති වුවද එනම් තාවකාලික වීසා ලාභියෙක් වුවද ඔබට කොරෝනා එන්නත නොමිලයේ ලබාගැනීමට හැකියාව ඇත.

වික්ටෝරියානු ප්‍රාන්තයේ වෙසෙන ඔබට කොරෝනා එන්නත ගත හැක්කේ කෙලෙසද?, කොතනින්ද? ඒ සඳහා වේලාවක් වෙන් කරගන්නේ කෙසේද? සහ ඔබ ලබාගත යුත්තේ කුමන එන්නතද? යන ප්‍රශ්න තවමත් තිබෙනවා වන්නට හැකිය.

ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා එන්නත ලබාගැනීම සම්බන්ධව අත්‍යවශ්‍ය තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
A Pfizer vaccine is administered at the COVID-19 Vaccination Centre in Sydney
Ben Shepherd from the Rural Fire Service receives a Pfizer vaccine at the newly opened COVID-19 Vaccination Centre in Sydney Monday, May 10, 2021. Source: Nick Moir/Pool Photo via AP

ලබා ගැනීමට සුදුසු කුමන කොරෝනා එන්නතද?

ඔබ වයස අවුරුදු 40 ත් 49 ත් අතර පසුවනවා නම් ඔබ Pfizer කොරෝනා එන්නත ලබාගැනීමට හිමිකම් කියයි.

කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානයකින් Pfizer කොරෝනා එන්නත ඔබට ලබාගැනීමට හැකි නමුත් සෑම කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානයකම Pfizer කොරෝනා එන්නත නොමැති බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

කෙසේවෙතත්, මේ සඳහා ඔබ කලින් වේලාවක් වෙන් කරවාගත යුතුය.

ඔබ වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයෙකු නම් ඔබට AstraZeneca එන්නත ලබාගැනීමට අවසර ලැබේ.

ඒ සඳහා ඔබ කලින් වේලාවක් වෙන් කරවාගත හැකි අතරම කලින් වේලාවක් වෙන් නොකරගෙන වුවද අදාළ මධ්‍යස්ථාන වෙත ගොස් AstraZeneca එන්නත ලබාගැනීමට හැකිය.

වේලාවක් වෙන් නොකරගෙන වුවද AstraZeneca එන්නත ලබාගැනීමට හැකි ස්ථාන පහත වේ.

  • Bendigo Community Clinic
  • Broadmeadows Town Hall
  • Coburg Uniting Church
  • Cranbourne Turf Club
  • Deer Park – IPC Health Deer Park
  • Former Ford factory – Geelong
  • Heidelberg Repatriation Hospital
  • Melbourne Convention and Exhibition Centre (MCEC)
  • Melbourne Showgrounds
  • Mercure Hotel and Convention Centre in Ballarat
  • Northern Hospital Epping
  • Plenty Ranges Arts and Convention Centre
  • Ringwood East Community Clinic (Braeside Avenue)
  • Royal Exhibition Building
  • Sandown Racecourse
  • Shepparton Showgrounds – McIntosh Centre
  • Sunshine Hospital
  • South West Healthcare Vaccination Centre
  • Traralgon Racecourse
  • West Melbourne – CoHealth West Melbourne
  • Wodonga Vaccination Hub
  • Wonthaggi Town Hall

මාත්‍රා දෙකම එකම එන්නතෙන් විය යුතුයි

ඔබ දැනටමත් Pfizer හෝ AstraZeneca එන්නත් වලින් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇතිනම් දෙවැනි මාත්‍රාවද පළමු එන්නතේ වර්ගයෙන්ම ලබාගත යුතුය.

පළමු සහ දෙවැනි මාත්‍රා අතර තිබිය යුතු කාල පරතරය පහත පරිදි වේ.

  • Pfizer එන්නත - අවම වශයෙන් සති 3 ක්
  • AstraZeneca එන්නත - අවම වශයෙන් සති 12 ක්
Medicare කාඩ් පත නොමැති වුවද එනම් තාවකාලික වීසා ලාභියෙක් වුවද ඔබට කොරෝනා එන්නත නොමිලයේ ලබාගැනීමට හැකියාව ඇත.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


කොරෝනා එන්නත ගැනීම සඳහා වේලාවක් වෙන්කරවාගන්නේ කෙසේද?

1800 571 121 යන දුරකථන අංකයෙන් වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ COVID vaccination hotline එකට හෙවත් කොරෝනා එන්නත් ඇමතුම් අංකයට ඔබට කතා කර එන්නත ලබාගැනීමට වේලාවක් වෙන් කරවාගත හැකිය.

මේ වන විට එම ඇමතුම් අංකයට විශාල ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බව ප්‍රාන්ත රජය පවසයි.

ඇතැම් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවාවන් ඔවුන්ගේ වෙබ් අඩවි වල දේශීය දුරකථන අංකයක් සටහන් කර ඇති අතර එමඟින් ද ඔබට එන්නත ලබාගැනීමට වෙලාවක් වෙන්කරවා ගත හැකිය.

ඔබට ඔබගේ පවුලේ වෛද්‍යවරයා හරහා ද කොරෝනා එන්නත ලබාගැනීමට අවස්ථාව ලැබේ.

ඔබට ආබාධිත තත්වයක් හෝ පෙර පැවති රෝගකාරක තත්ත්වයක් තිබේ නම්, ඔබේ පවුලේ වෛද්‍යවරයා සමඟ කොරෝනා එන්නත ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම වැදගත්ය.

Share
Published 1 June 2021 1:43pm
Updated 1 June 2021 4:07pm
By Madhura Seneviratne

Share this with family and friends