වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown එක තවත් දීර්ග කරයිද? වැඩබලන ප්‍රාන්ත අගමැති පිළිතුරු දෙයි (SBS සිංහල/ වාර්තා)

මේ වන විට මෙල්බර්න් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 51 දක්වා වැඩිවී තිබෙන අතර පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 4,200 දක්වා ඉහළ ගොස් තිබේ.

Will Victoria’s COVID-19 lockdown be extended?

Will Victoria’s COVID-19 lockdown be extended? Source: Getty Images

අද (31/05) පස්වරුව වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් තවත් 6 දෙනෙකු හමුවී තිබේ.

ඒ අනුව අද (31/05) පෙරවරුවේ වාර්තා වූයේ ආසාදිතයින් 5 දෙනා සමග දිනයේ වාර්තා වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 11 කි.


Highlights

  • මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව කුඩා වුවත් ඔවුන්ගේ ආශ්‍රිතයින් සංඛ්‍යාව ඉතා විශාල බවත් ඔවුන් ආ ගිය ස්ථාන ඉතා පුළුල් පරාසයක ඇති බවත් වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති පැවසීය.
  • අද (31/05) වන විට ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුව, ස්ථාන 279 ක් දක්වා වර්ධනය වී තිබේ.
  • lockdown එක ඉවත් කිරීම ආසාදිතයින් සංඛ්‍යාව මත පමණක් පදනම් නොවන බව ද වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino පැවසීය.

ඒ සමග මේ වන විට මෙල්බර්න් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 51 දක්වා වැඩිවී තිබෙන අතර පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 4,200 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුව අලුතින් වාර්තා වූ ආසාදිතයින් 6 දෙනා ගතවු පැය 24 සීමාව ඉක්මවූ පසුව පසුව හඳුනාගෙන ඇති අතර ඒවා අඟහරුවාදා (01/06) නිල ආසාදිතයින් පිරිසට ඇතුළත් කරනු ඇත.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown එක දීර්ග කරයිද?

වික්ටෝරියානු ප්‍රාන්තය මේ වන විට ඉතා තියුණු අභියෝගයකට මුහුණ දී සිටින බව වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino අද (31/05) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව කුඩා වුවත් ඔවුන්ගේ ආශ්‍රිතයින් සංඛ්‍යාව ඉතා විශාල බවත් ඔවුන් ආ ගිය ස්ථාන ඉතා පුළුල් පරාසයක ඇති බවත් ඔහු අවධාරණය කළේය.
අද (31/05) වන විට ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුව, ස්ථාන 279 ක් දක්වා වර්ධනය වී තිබේ.

"සෑම දෙනාටම පැහැදිලිව එකක් කිව යුතුයි. මෙම පැතිරීම යහපත් අතට හැරීමට පෙර අයහපත් අතට හැරෙනු ඇත." යනුවෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino වැඩි දුරටත් පැහැදිලි කළේය.
Victoria's Acting Premier James Merlino
Victoria's Acting Premier James Merlino Source: AAP
මෙම වයිරසය ප්‍රාන්තය තුළ සම්ප්‍රේෂණය වීමේ වේගය මන්දගාමී කර ආසාදිතයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින්ව ඉතා ඉක්මණින් හඳුනාගැනීමේ අරමුණින් මෙම දින 7 ක lockdown කාලය පැනවූ බවද ඔහු සඳහන් කළේය.

lockdown එක ඉවත් කිරීම ආසාදිතයින් සංඛ්‍යාව මත පමණක් පදනම් නොවන බව ද වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino පැවසීය.

එය ආසදිතයින්ගේ වර්ගය, ඔවුන්ගේ ස්ථාන, ඔවුන් සම්බන්ධවූ පුද්ගලයින්, ඔවුන් සිටින්නේ අධි අවදානම් ස්ථාන වලද යන සාධක මත එය පදනම්වන බව ද ඔහු පැහැදිලි කළේය.

එනිසා lockdown එක ඉවත් කරනවාද, තවත් දීර්ග කරනවාද යන්න පිළිබඳ කීමට තවමත් කල් වැඩි බව ඔහු ප්‍රකාශ කළේය.

Share
Published 31 May 2021 8:21pm
By Madhura Seneviratne

Share this with family and friends