ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය අපේක්ෂා කරන ශ්‍රී ලාංකික දමිළ පවුලේ තිදෙනෙකුට bridging visa හිමිවේ (SBS සිංහල/ වාර්තා)

මෙම දමිළ පවුල Christmas දූපතේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තිබූ අතර බරපතල රුධිර ආසාදනයක් හේතුවෙන් පවුලේ බාල දියණිය වන Tharunicaa මීට සති දෙකකට පමණ පෙර පර්ත් ළමා රෝහල වෙත ගෙන යන ලදී.

From left: Nades Murugappan, Kopika, Priya,and Tharnicaa.

From left: Nades Murugappan, Kopika, Priya,and Tharnicaa. Source: Supplied

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය අපේක්ෂා කරමින් බරපතල සටනක නිරතවන ශ්‍රී ලාංකික දමිළ පවුලේ වැඩිමහල් සාමාජිකයින් තිදෙනා හට මාස තුනකට bridging visa ලබා දුන් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke ඊයේ ප්‍රකාශ කළේය.

මෙම දමිළ පවුල මේ වන විට පර්ත් නුවර ප්‍රජා රැඳවුම් මධ්‍යස්ථානයක සිටියි.


Highlights

  • මොවුන්ට මාස තුනක bridging visa ලබාදීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික පනත යටතේ තමාට හිමි බලය භාවිත කර තිබෙයි.
  • bridging visa ලැබූ එම සාමාජිකයින් තිදෙනා හට රැකියා කිරීමේ සහ ඉගෙන ගැනීමේ අයිතිය ලබා දී තිබේ.
  • පසුගිය සති අන්තයේ Tharunicaa රෝහලෙන් පිටව ගොස් තිබේ.

දමිළ පවුලට bridging visa

මෙම දමිළ පවුලට මාස තුනක bridging visa ලබාදීම සඳහා  ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික පනත යටතේ තමාට හිමි බලය භාවිත කර තිබෙයි.

ඒ අනුව bridging visa ලැබූ එම සාමාජිකයින් තිදෙනා හට රැකියා කිරීමේ සහ ඉගෙන ගැනීමේ අයිතිය ලබා දී තිබේ.

මෙම දමිළ පවුල Christmas දූපතේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තිබූ අතර බරපතල රුධිර ආසාදනයක් හේතුවෙන් පවුලේ බාල දියණිය වන Tharunicaa මීට සති දෙකකට පමණ පෙර පර්ත් ළමා රෝහල වෙත ගෙන යන ලදී.

ඇය සමග ඇගේ මව වන ප්‍රියා ද Christmas දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයේ සිට රෝහල වෙත ගෙන යන ලදී.

ඉන් අනතුරුව Christmas දූපතේ ඉතිරි වූ Tharunicaa ගේ පියා වන නඩේස් සහ වැඩිමහල් සහෝදරිය වන Kopika ද පර්ත් නුවර වෙත ගෙන යන ලදී.

පසුගිය සති අන්තයේ Tharunicaa රෝහලෙන් පිටව ගොස් තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ආධාරකරුවන් ගේ අදහස්

මෙම දමිළ පවුලේ බාලම සාමාජිකයා වන Tharunicaa හට bridging visa ලබා නොදී ඇති අතර ඒ පිළිබඳ දමිළ පවුලේ නීතිඥයා නීතිමය කරුණු විමසීමක් සිදුකරන බව ඔවුන්ගේ ආධාරකරුවෝ පවසති.

පර්ත් නුවර ප්‍රජා රැඳවුම් මධ්‍යස්ථානයෙන් මිදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Biloela ප්‍රාදේශීය නගරයට මෙම දමිළ පවුලට වාසය කිරීම සඳහා පැමිණීමට හැකිවෙතැයි මෙම ආධාරකරුවෝ විශ්වාස කරති.

2018 වසරේදී මෙම පවුලේ සමාජිකයින් සංක්‍රමණික රැඳවුම් භාරයට ගැනීමට පෙර ඔවුන් වාසය කරමින් සිටියේ මෙම Biloela ප්‍රාදේශීය නගරයේය.

"මෙම පවුලේ සාමාජිකයින් තිදෙනෙකුට හෝ bridging visa ලබාදීමට ගත් පියවර ලැබූ විශාල ජයක් වන නමුත් ඔවුන්ට තවමත් ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීම සඳහා වීසා ලබා ගැනීමේ මාර්ගයක් නැහැ." යනුවෙන් මෙම දමිළ පවුල වෙනුවෙන් පෙනී සිටින Home to Bilo සංවිධානයේ නියෝජිතවරියක් වන Angela Fredericks නිවේදනයක් නිකුත් කරමින් පැවසුවාය.

Tharunicaa ට bridging visa නොලැබීම

මෙම දමිළ පවුලේ බාලම දියණිය වන Tharunicaa ට bridging visa නොලැබීම පිළිබඳ ආගමන කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිතයින් වන Kristina Keneally සහ Andrew Giles සිය කණගාටුව පළ කළෝය.

පවුලේ සාමාජිකයින් තිදෙනෙකුට පමණක් මාස තුනකට සීමා වූ bridging visa ලබාදීම පිළිබදවද බොහෝ ඔස්ට්‍රේලියානුවන් සැලකිල්ලක් දක්වන බවද ඔවුහු පැවසුහ.

මෙම දමිළ පවුල සම්බන්ධව තමා ඉදිරියේ ඇති කරුණු  සලකා බැලීමට අවශ්‍ය කාලය ලබා ගැනීමටත් Biloela වෙත ඔවුන්ව ට ආපසු පිටත් කිරීමට තීරණයක් ගැනීමටත් ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා මෙම මාස තුනක කාලය ලබාගත් බවට අපි විශ්වාස කරමු යනුවෙන්ද  Kristina Keneally සහ Andrew Giles ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුහ.

මෙම දමිළ පවුල තාවකාලික විසඳුමකට වඩා දෙයක් බලාපොරොත්තුවන බව ග්‍රීන්ස් පක්ෂයේ නායක Adam Bandt ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.

ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දීමට ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට බලය තිබුණද ඔහු එසේ නොකිරීමට තීරණය කර ඇති බව Adam Bandt වැඩිදුර සඳහන් කළේය.

ඔවුන්ට  bridging visa ලබාදීමෙන් ඔස්ට්‍රේලියාව තුළ රැකියා කිරීමට සහ අධ්‍යාපනය ලැබීමට අවසරය ලැබෙන නමුත්  bridging visa හරහා අනාගතය සඳහා ආරක්ෂාවක් නොලැබෙන බව Asylum Seeker Resource Centre හි ප්‍රධාන විධායක  Kon Karapanagiotidis පැවසීය.

Share
Published 24 June 2021 11:14am
Updated 12 August 2022 3:05pm
By Jodie Stephens, Madhura Seneviratne


Share this with family and friends