බොහෝ Skilled වීසා අයදුම්පත් ඉක්මණින් සලකා බැලීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කරයි (SBS සිංහල/ වාර්තා)

මේ අනුව වීසා අයදුම්පත් ඉක්මණින් සලකා බලන වෘත්තීන් අතරට ගණකාධිකාරිවරුන්, සූපවේදීන්, සිවිල් ඉංජිනේරුවන්, software programmers සහ හෙදියන් ඇතුළු වෘත්තීන් 41 ක් වේ.

The ACT Critical Skills List was updated on 24 June 2022

The ACT Critical Skills List was updated on 24 June 2022 Source: Getty Images

තවත් බොහෝ සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ වීසා අයදුම්පත් ඉක්මණින් සලකා බලා ඔවුන්ට ස්ථිර වීසා ලබාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

ඒ අනුව දැනට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාදීම සඳහා සලකා බලන Priority Migration Skilled Occupation List එක පුළුල් කිරීමට සැලසුම් කර තිබේ.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාදීම සඳහා මේ වකවානුවේ උපයෝගී කරගනු ලබන Priority Migration Skilled Occupation List (PMSOL) එකට අලුතින් වෘත්තීන් 22 ක් ඇතුළත් කර තිබේ.
  • ඒ අනුව නව Priority Migration Skilled Occupation ලැයිස්තුවේ වෘත්තීන් සංඛ්‍යාව 41 කි.
  • වීසා අයදුම්පත් ඉක්මණින් සලකා බලන වෘත්තීන් අතරට ගණකාධිකාරිවරුන්, සූපවේදීන්, සිවිල් ඉංජිනේරුවන්, software programmers සහ හෙදියන් ද ඇතුළත්ය.

Priority Migration Skilled Occupation List එකට අලුතින් වෘත්තීන් 22 ක්

නිපුණතා සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාදීම සඳහා මේ වකවානුවේ උපයෝගී කරගනු ලබන Priority Migration Skilled Occupation List (PMSOL) එකට අලුතින් වෘත්තීන් 22 ක් ඇතුළත් කරන බව වාර්තා වේ.

ඒ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke නිවේදනය කළේය.

ඔස්ට්‍රේලියාවට ඉතා වැදගත් හා තීරණාත්මක ශ්‍රමිකයින් ඔස්ට්‍රේලියාව තුළට ගෙන්වා ගැනීම සඳහා මෙම Priority Migration Skilled Occupation List එක සැලසුම් කර ඇත.
COVID-19 වසංගතයෙන් ඔස්ට්‍රේලියාව යථා තත්ත්වයට පත් කිරීමට මෙම ශ්‍රමිකයින් හරහා හැකියාව ලැබෙනු ඇතැයි මධ්‍යම රජය අපේක්ෂා කරයි.

මෙලෙස Priority Migration Skilled Occupation List එකට අලුතින් වෘත්තීන් 22 ක් එක් කරනු ලැබුවේ ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක ව්‍යාපාරික පාර්ශවකරුවන් සහ කර්මාන්ත ආයතනවල කණ්ඩායම් සමග සාකච්ඡා කර බව ද අමාත්‍ය Alex Hawke පැවසීය.
Skilled Migration Occupation Lists
Source: SBS

නව Priority Migration Skilled Occupation ලැයිස්තුව

අලුතින් එකතු කළ වෘත්තීන් 22 ත් සමග නව Priority Migration Skilled Occupation ලැයිස්තුවේ වෘත්තීන් සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒවා පහත පරිදි වේ.

  1. Chief Executive or Managing Director (111111)
  2. Construction Project Manager (133111)
  3. Accountant (General) (221111)
  4. Management Accountant (221112)
  5. Taxation Accountant (221113)
  6. External Auditor (221213)
  7. Internal Auditor (221214)
  8. Surveyor (232212)
  9. Cartographer (232213)
  10. Other Spatial Scientist (232214)
  11. Civil Engineer (233211)
  12. Geotechnical Engineer (233212)
  13. Structural Engineer (233214)
  14. Transport Engineer (233215)
  15. Electrical Engineer (233311)
  16. Mechanical Engineer (233512)
  17. Mining Engineer (excluding Petroleum) (233611)
  18. Petroleum Engineer (233612)
  19. Medical Laboratory Scientist (234611)
  20. Veterinarian (234711)
  21. Orthotist or Prosthetist (251912)
  22. General Practitioner (253111)
  23. Resident Medical Officer (253112)
  24. Psychiatrist (253411)
  25. Medical Practitioners nec (253999)
  26. Midwife (254111)
  27. Registered Nurse (Aged Care) (254412)
  28. Registered Nurse (Critical Care and Emergency) (254415)
  29. Registered Nurse (Medical) (254418)
  30. Registered Nurse (Mental Health) (254422)
  31. Registered Nurse (Perioperative) (254423)
  32. Registered Nurses nec (254499)
  33. Multimedia Specialist (261211)
  34. Analyst Programmer (261311)
  35. Developer Programmer (261312)
  36. Software Engineer (261313)
  37. Software and Applications Programmers nec (261399)
  38. ICT Security Specialist (262112)
  39. Social Worker (272511)
  40. Maintenance Planner (312911)
  41. Chef (351311)

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


වීසා බලපත්‍රලාභීන් තමන්ගේ නිරෝධායන වියදම් ගෙවිය යුතුය

මෙලෙස නිපුණතා සංක්‍රමණිකයින් විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන විටදී ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීම හේතුවෙන් ඔවුන් දින 14 ක් අනිවාර්යෙන් නිරෝධායනය විය යුතුය.

එනිසා එම නිරෝධායන ගාස්තුව අදාළ නිපුණතා වීසා හිමියාගෙන්ම අය කළ යතු වේ.

කොරෝනා වසංගතයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාව යථා තත්ත්වයට පත්වීමට සහාය වීම සඳහා සංක්‍රමණ වැඩසටහන කෙසේ විය යුතුද යන්න පිළිබඳව මේ මොහොතේ අවධානය යොමු කර ඇත්තෙමු යන්න ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා ලබාදෙන දැනට ක්‍රියාත්මක  skilled migration occupation ලැයිස්තු සක්‍රීයව පවතින අතර ඒවාට අදාළ වීසා බලපත්‍ර තවමත් සලකා බලන නමුත් PMSOL හි වෘත්තීන්හි නියුතු අයට හිදී ප්‍රමුඛතාව ලබාදෙයි.

Share
Published 22 June 2021 7:33pm
Updated 12 August 2022 3:05pm
By Tom Stayner, Madhura Seneviratne


Share this with family and friends