ඔස්ට්‍රේලියානුවන්ට බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීම අවදානම් බව කියමින් අගමැති මොරිසන් G7 සමුළුව අතරේ මුතුන් මිත්තන්ව සෙවීමට ගිහින් (SBS සිංහල/ වාර්තා)

කොරෝනා වසංගතය හේතුවෙන් බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියානු සංචාරකයින් සඳහා අවදානම් සහගත ගමනාන්තයක් බවට ඔහු තර්ක කරන අතරේ එංගලන්තය තුළ මෙලෙස පුද්ගලික අතුරු ගමන් යාම පිළිබඳ මේ වන විට දැඩි විවේචන එල්ලවෙමින් පවතී.

Scott Morrison has defended a side trip he took during his visit to the UK for the G7 summit.

Scott Morrison has defended a side trip he took during his visit to the UK for the G7 summit. Source: Bloomberg

එක්සත් රාජධානියේ මෙවර පැවති G7 සමුළුවට සහභාගී වීමට ගිය ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison එහිදී තවත් රහසිගත සංචාරයක යෙදුණු බවට චෝදනා එල්ල වෙමින් පවතී.

එක්සත් රාජධානියේ කළ G7 සංචාරය අතරතුරේ තම පවුලේ ඉතිහාසය ගවේෂණය කිරීම සඳහා රහසිගත ලෙස අගමැති මොරිසන් සංචාරය කළ බවට එම චෝදනා වල අඩංගු වේ.


Highlights

  • G7 සමුළුව අතරේ Cornwall ජනපදයේ තම මුතුන් මිත්තන්ව සෙවීමට ගිය බවට අගමැති මොරිසන්ට චෝදනා එල්ල වේ.
  • එම අතුරු ගමනේදී ඔහු එම ප්‍රදේශයේ පැරණි බන්ධනාගාරයකට ගොස් වසර 1755 දී එහි උපන් මුතුන් මිත්තෙකු සඳහා පුෂ්පෝහාර දක්වා තිබේ.
  • අගමැති මොරිසන්ගේ මෙම පෞද්ගලික සංචාරය ජන මාධ්‍යයට අනාවරණය නොකෙරිණි.

 

අගමැති මොරිසන් පුද්ගලික සංචාරයක් කළ බවට චෝදනා

එක්සත් රාජධානියේ මෙවර පැවති G7 සමුළුවට සහභාගී වීමට ගිය අතරේ ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison දේශීය තැබෑරුම් තුනකට ගොඩවැදුණු බවත් එහිදී Cornwall ජනපදයේ තමන්ගේ මුතුන් මිත්තන් පිළිබඳ සොයා බැලූ බවටත් චෝදනා එල්ල වේ.

කොරෝනා වසංගතය හේතුවෙන් බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියානු සංචාරකයින් සඳහා අවදානම් සහගත ගමනාන්තයක් බවට ඔහු තර්ක කරන අතරේ එංගලන්තය තුළ මෙලෙස පුද්ගලික අතුරු ගමන් යාම පිළිබඳ මේ වන විට දැඩි විවේචන එල්ලවෙමින් පවතී.

එම අතුරු ගමනේදී ඔහු එම ප්‍රදේශයේ පැරණි බන්ධනාගාරයකට ගොස් වසර 1755 දී එහි උපන් මුතුන් මිත්තෙකු සඳහා පුෂ්පෝහාර දක්වා තිබේ.

අගමැති මොරිසන්ගේ මෙම පෞද්ගලික සංචාරය ජන මාධ්‍යයට අනාවරණය නොකෙරිණි.

මෙම පුද්ගලික අතුරු සංචාරය ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි සිරවී සිටින ඔස්ට්‍රේලියානුවන් අතර කෝපයක් ඇති කර තිබේ.
Prime Minister Boris Johnson greets Australian Prime Minister Scott Morrison during the G7 summit in Cornwall.
Prime Minister Boris Johnson greets Australian Prime Minister Scott Morrison during the G7 summit in Cornwall. Source: AAP

චෝදනා අගමැති මොරිසන් ප්‍රතික්ෂේප කරයි

බ්‍රිතාන්‍යයේදී තමන් තම මුතුන් මිත්තන් සොයා නොගිය බවත් ඔස්ට්‍රේලියානුවන් තම G7 සංචාරය ද්විත්ව මුහුණුවරකින් නොදැකිය යුතු බවත් අගමැති මොරිසන් තරයේ කියා සිටියේය.

"එය බොහොම අහිංසක ලෙස සිදුවූ දෙයක්, එය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා උලුප්පා දක්වා තිබෙනවා." යනුවෙන් අගමැති මොරිසන් අද (21/06) 2GB ගුවන් විදුලියට පැවසීය.

පැවති මීදුම හේතුවෙන් Cornwall ප්‍රදේශයට වඩා තම ගුවන් යානය උතුරු ලන්ඩනයට ගොඩ බට බවත් දූත පිරිස අතරමඟදී විවේක ගැනීම සඳහා නතර වූ බවත් අගමැතිවරයා පැවසීය.

"අපි දිවා ආහාරය ගෙන අතරමගදී වෙනත් ස්ථානයක නැවතුණා. G7 සමුළුවෙන් පසුව ගුවන් තොටුපොළ වෙත යන අතරේ අපි තවත් ස්ථානයක නැවතුණා.  එය මගේ මී මුත්තෙකු සිටි ස්ථානයක්." යනුවෙන් අගමැති මොරිසන් පැහැදිලි කළේය.

මෙලෙස කළ පළමු ඔස්ට්‍රේලියානු අගමැතිවරයා මොරිසන් නොවේ

නිල රාජ්‍ය සංචාරයක් අතරේ තම මුතුන් මිත්තන් සොයා ගිය පළමු ඔස්ට්‍රේලියානු අගමැතිවරයා මොරිසන් නොවන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ සිටි සාර්ථකම අගමැතිවරයා ලෙස සැලකෙන John Howard ද තම නිල රාජ්‍ය සංචාරයක් අතරේ ප්‍රංශය වටා පිහිටි යුද්ධ කාලයේ සටන් භූමි නිරීක්ෂණය කළේය.

නමුත් අගමැති මොරිසන්ගේ මෙම සංචාරය සිදු කරනු ලැබුවේ කොරෝනා වසංගතය අතරේ සහ ජාත්‍යන්තර දේශසීමා වසා දැමූ විටදී වීම විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණකි.

ඊට අමතරව මේ මොහොතේ එක්සත් රාජධානියේ සංචාරය කිරීම ඉතා අවදානම් සහගත බව ඔහු ඔස්ට්‍රේලියානුවන්ට තරයේ කියා සිටින අතරේ මෙවැනි අතුරු ගමනක යෙදීම තවත් බරපතල සිදුවීමක් වී තිබේ.

ඔහුගේ එම ස්ථාවරය නිසා මිතුරන් සහ පවුලේ අය බැලීම සඳහා ඔස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය අතර සංචාරය කරන පුද්ගලයින්ට සංචාරය වළක්වා ඇත.

මීළඟ නත්තලේදී ඔස්ට්‍රේලියානුවන්ට විදෙස් සංචාර වල යෙදීමට හැකියාව ලැබෙනු ඇතැයි තමන් නිසැකවම අපේක්ෂා කරන බවද අගමැති මොරිසන් පැවසීය.

Share
Published 21 June 2021 7:29pm
Updated 21 June 2021 7:31pm
Source: AAP, SBS


Share this with family and friends