ක්වීන්ස්ලන්තය තම Skilled Visa nomination වැඩසටහන තාවකාලිකව නවතා දමයි (SBS සිංහල/ වාර්තා)

2021 ජුනි 14 වන දින සිට ක්වීන්ස්ලන්තයේ නිපුණතා වැඩසටහනට අදාළ ආරාධනා පත්‍ර නිකුත් නොකරන නමුත් මේ දක්වා ආරාධනා පත්‍ර ලැබී ඇති සියලු දෙනා හට තම වීසා අයදුම් පත් අදාළ ලේඛන සමග නොපමාව යොමු කරන ලෙසට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව දන්වයි.

Students

Source: AAP

තම skilled program හෙවත් නිපුණතා වැඩසටහන යටතේ 2020/21 මුල්‍ය වර්ෂය සඳහා තවදුරටත් ආරාධනා පත්‍ර නිකුත් නොකරන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ක්වීන්ස්ලන්තයේ නිපුණතා වැඩසටහන යටතේ 2021 ජුනි 14 වන දායින් පසුව කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් නොකරන බව ඔවුන්ගේ වෙබ් අඩවිය දක්වා ඇත.


Highlights

  • 2021 ජුනි 14 වන දින සිට ක්වීන්ස්ලන්තයේ නිපුණතා වැඩසටහනට අදාළ ආරාධනා පත්‍ර නිකුත් නොකෙරේ.
  • Business සහ Skilled වීසා වැඩසටහන් යටතේ යොමු කර ඇති අයදුම්පතක් සලකා බැලීමට ගතවන කාලය තරමක් දීර්ග විය හැකි බව ක්වීන්ස්ලන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
  • කොරෝනා වසංගතය හේතුවෙන් තෝරාගත් රැකියා ක්ෂේත්‍ර වෙත මෙහිදී ඉහළ ප්‍රමුඛතාවක් ලබාදෙන බවද ඔවුහු පවසති.

ක්වීන්ස්ලන්තයේ නිපුණතා වැඩසටහන ආරාධනා පත්‍ර නවත්වයි

2021 ජුනි 14 වන දින සිට ක්වීන්ස්ලන්තයේ නිපුණතා වැඩසටහනට අදාළ ආරාධනා පත්‍ර නිකුත් නොකරන නමුත් මේ දක්වා ආරාධනා පත්‍ර ලැබී ඇති සියලු දෙනා හට තම වීසා අයදුම් පත් අදාළ ලේඛන සමග නොපමාව යොමු කරන ලෙසට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව දන්වයි.

ඒ අනුව මේ වන විට පහත සඳහන් සියලුම වීසා ඛාණ්ඩ සහ වැඩසටහන් සඳහා ආරාධනා පත්‍රයක් නිකුත් නොකරන බව ඔවුන් පවසා ඇත.

  • The Skilled Work Regional (Provisional) visa (subclass 491)
  • Queensland 491-SBO (Small Business Owners) Pathway
  • The Skilled Nominated (Permanent) visa (subclass 190)
  • Queensland Business Program
The latest updated of Australian Visa Processing time
Source: Getty Images

අයදුම්පතක් සලකා බැලීමට ගතවන කාලය දීර්ග විය හැකියි

තමන් යොමු කළ අයදුම්පතේ තත්ත්වය කුමක්දැයි හෝ අයදුම්පත තෝරාගත්තා ද යන්න පිළිබඳ කරනු ලබන විමසීම් සඳහා මේ මොහොතේ නිශ්චිතවම පිළිතුරක් ලබා නොදිය හැකි බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වන විටත් business සහ skilled අංශ වල සැලකිය යුතු ලෙස ගොඩ ගැසී ඇති අයදුම්පත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව විසින් සලකා බලමින් සිටින බවද ඔවුහු පවසති.

මේ තත්ත්ව හමුවේ අයදුම්පතක් සලකා බැලීමට ගතවන කාලය තරමක් දීර්ග විය හැකි බවටද ඔවුහු දන්වා සිටිති.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ක්වීන්ස්ලන්තයේ Skilled Work Regional (Provisional) Subclass 491 visa

මේ සඳහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රැකියාවක් කරමින් සිටින අයදුම්කරුවන් පමණක් සලකා බැලේ.

කොරෝනා වසංගතය හේතුවෙන් පහත රැකියා ක්ෂේත්‍ර වෙත ඉහළ ප්‍රමුඛතාවක් ලබාදෙන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.

  • Health
  • Medical research
  • Life sciences
  • Agri-food
  • Digital
ඊට අමතරව පහත රැකියා/ වෘත්තීන් සඳහාද විශේෂ සැලකිල්ලක් දක්වන බව ඔවුහු සිය වෙබ් අඩවියේ දක්වා ඇත.

  • Air Ambulance
  • Critical Medical
  • Medical Technology
  • Engineering
  • Critical Infrastructure
  • Supply Chain
  • Telecommunications
  • Film & Television Production
  • Maritime Industry
  • Agricultural Technology Food Technology
  • Mining
  • Emerging Technology
  • Financial Technology
  • Large Scale Manufacturing

Share
Published 18 June 2021 11:14am
By Madhura Seneviratne

Share this with family and friends