වික්ටෝරියානු ප්‍රාන්තයෙන් මැයි මාසයේදී ලබාදුන් 190 හා 491 වීසා nomination ප්‍රමාණය මෙන්න (SBS සිංහල/ වාර්තා)

2021 මැයි 31 වන දිනට මේ සඳහා ROI 7,157 ක් ලැබී ඇති නමුත් ඉන් වික්ටෝරියානු visa nomination හිමිවූ ප්‍රමාණය 1,806 කි.

Australian Visa

Source: Getty Images

වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහනට අදාළව නිකුත් කරන 190 වීසා සහ 491 වීසා කෝටාවේ මැයි 31 වන දිනට තත්ත්වය පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මේ වන විට දන්වා තිබේ.

2020/21 මුල්‍ය වර්ෂය සඳහා 190 වීසා සහ 491 වීසා සඳහා මෙතෙක් ලැබුණු ROI (Registration of Interest) ප්‍රමාණය සහ ඉන් වික්ටෝරියානු visa nomination හිමිවූ ප්‍රමාණය පිළිබඳ දත්ත මෙහිදී ඉදිරිපත් කොට ඇත.


Highlights

  • 2020/21 මුල්‍ය වර්ෂය උදෙසා 190 වීසා සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයට 2,500 ක කෝටාවක් ද 491 වීසා සඳහා 1,043 ක කෝටාවක් ද වෙන්කොට තිබේ.
  • 2021 මැයි 31 වන දිනට 190 වීසා සඳහා වික්ටෝරියානු visa nomination හිමිවූ ප්‍රමාණය 1,806 කි.
  • 2021 මැයි 31 වන දිනට 491 වීසා සඳහා වික්ටෝරියානු visa nomination හිමිවූ ප්‍රමාණය 303 කි.

2021 මැයි 31 වන දිනට වික්ටෝරියානු visa nomination වැඩසටහන

Skilled nominated visa (subclass 190)

2020/21 මුල්‍ය වර්ෂය උදෙසා 190 වීසා සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයට 2,500 ක කෝටාවක් වෙන්කොට තිබේ.

2021 මැයි 31 වන දිනට මේ සඳහා ROI 7,157 ක් ලැබී ඇති නමුත් ඉන් වික්ටෝරියානු visa nomination හිමිවූ ප්‍රමාණය 1,806 කි.

ඒ අනුව ගතවූ අප්‍රේල් මාසය තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් 190 visa nomination 480 ක් පිරිනමා ඇත.

190 වීසා උප ඛාණ්ඩය යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකරදෙන වීසා උප ඛාණ්ඩයකි.
ACT 190 Visa
Source: AAP

Skilled Work Regional (Provisional) visa (subclass 491)

2020/21 මුල්‍ය වර්ෂය උදෙසා 491 වීසා සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයට 1,043 ක කෝටාවක් වෙන්කොට තිබේ.

2021 මැයි 31 වන දිනට මේ සඳහා ROI 1,403 ක් ලැබී ඇති නමුත් ඉන් වික්ටෝරියානු visa nomination හිමිවූ ප්‍රමාණය 303 කි.

ඒ අනුව ගතවූ අප්‍රේල් මාසය තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් 491 visa nomination 34 ක් පමණක් පිරිනමා ඇත.

491 වීසා උප ඛාණ්ඩය හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකරගත හැකි අතර  
skilled worker, female nurse, skilled migration
Source: Getty Images/JohnnyGreig

වික්ටෝරියානු visa nomination සඳහා තෝරාගත් වෘත්තීන්/ රැකියා වර්ග

2020/21 මුල්‍ය වර්ෂය සඳහා මෙතෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීන්/ රැකියා සඳහා වික්ටෝරියානු visa nomination වැඩි වශයෙන් ලබාදී ඇති බව වික්ටෝරියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දන්වයි.

කොරෝනා වයිරසයට ප්‍රතිචාර දැක්වීමේදී ඉහළ දායකත්වයක් සපයන වෘත්තීන්/ රැකියා සඳහා මෙහිදී ප්‍රමුඛතාව හිමිවන බව ඔවුන් සඳහන් කරයි.

ඒ අනුව පහත රැකියා ක්ෂේත්‍ර වෙත ඉහළ ප්‍රමුඛතාවක් ලබාදෙන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.

  • Health
  • Medical research
  • Life sciences
  • Agri-food
  • Digital

 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

190 වීසා සහ 491 වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලයන් වික්ටෝරියානු ආගමන කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය පහත පරිදි දක්වා තිබේ.

Processing times - subclass 190

75% අයදුම්පත් සඳහා: දින 26

90% අයදුම්පත් සඳහා: දින 39

Processing times - subclass 491

75% අයදුම්පත් සඳහා: දින 14

90% අයදුම්පත් සඳහා: දින 17

Share
Published 14 June 2021 11:31am
Updated 14 June 2021 11:35am
By Madhura Seneviratne

Share this with family and friends