ජුනි 24 මධ්‍යම රාත්‍රියේ සිට මෙල්බර්න් ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති ලිහිල් වන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා)

දරුවන් ද ඇතුළුව එක් දිනකදී අමුත්තන් 15 ක ට එක් නිවසකට යා හැකි අතර එළිමහනේ උපරිම පුද්ගලයින් 50 ක් දක්වා ඒකරාශී විය හැකිය.

Victoria will further ease COVID-19 restrictions

Victoria will further ease COVID-19 restrictions Source: SBS/Trinh Le

වික්ටෝරියානු ප්‍රාන්තයේ දැනට පනවා ඇති කොරෝනා නීති හෙට (24/06) මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් ලිහිල් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අද (23/06) තීරණය කළේය.

ඒ අනුව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයට වෙන වෙනම කොරෝනා නීති පහත පරිදි ලිහිල් කෙරෙනු ඇත.

 


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය

  • නිවසින් බැහැරව වෙනත් ගෘහස්ථ ස්ථානයකදී මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතුය.
  • කිසිදු සීමාවකින් තොරව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප අතර සංචරණයට අවසර ලැබේ.
  • හිම බැලීම සහ හිම ක්‍රීඩා කිරීම සඳහා alpine කලාපයට යාමේදී පනවා තිබූ අනිවාර්ය කොරෝනා පරීක්ෂණය සිදු කිරීම ඉවත් කෙරේ.
  • තමන්ගේ දරුවන් ද ඇතුළුව එක් දිනකදී අමුත්තන් 15 ක ට නිවසකට යා හැකිය.
  • එළිමහනේ උපරිම පුද්ගලයින් 50 ක් දක්වා ඒකරාශී විය හැකිය.
  • aged care මධ්‍යස්ථාන සහ රෝහල් සඳහා එක් දිනකට උපරිම අමුත්තන් 5 ක් දක්වා පැමිණීමට හැකි නමුත් එක් වරකදී උපරිම පැමිණිය හැකි අමුත්තන් සංඛ්‍යාව 2 කි.
  • පාසල්, පෙර පාසල්, childcare මධ්‍යස්ථාන සහ family daycare සියල්ලම විවෘතය.
  • උසස් අධ්‍යාපනය ලබන සිසුන් නිවසේ සිට අධ්‍යන කටයුතු සිදුකළ යුතුය යන සීමාව ඉවත් කෙරේ.
  • හැකිනම් නිවසේ සිට සේවා හා රාජකාරී කටයුතු සිදුකළ යුතුය යන සීමාව ඉවත් කෙරේ.
  • පූර්ණ සේවක ධාරිතාවෙන් 75% ක් හෝ මුළු සේවකයින් 40ක් හෝ ඊට වඩා අඩු පිරිසක් සේවය කරන සේවා ස්ථාන සඳහා සේවකයින් 30 ක් දක්වා සේවා ස්ථාන වෙත ගෙන්වා ගත හැකිය.
  • සේවා ස්ථාන වලද QR code check-in එක අනිවාර්ය වේ.
  • සියලුම සිල්ලර වෙළෙඳ සැල් වලට පාරිභෝගිකයින් ගෙන්වා ගැනීමේදී වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය ක්‍රියාත්මක වේ.
  • සෑම වෙළෙඳ සැලකම QR code check-in එක අනිවාර්ය වේ.
  • භූමි ප්‍රමාණය අනුව පුද්ගලයන් 300 ක් දක්වා ගෘහස්ථව හා එළිමහනේ මංගල උත්සව සඳහා අවසර ඇත.
  • නර්තන අංග සඳහා අවසර නැත.
  • භූමි ප්‍රමාණය අනුව පුද්ගලයන් 300 ක් දක්වා ගෘහස්ථව හා එළිමහනේ අවමංගල උත්සව සඳහා අවසර ඇත.
  • භූමි ප්‍රමාණය අනුව පුද්ගලයන් 300 ක් දක්වා ආගමික ස්ථාන වල රැස්විය හැකිය.
  • වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ගෘහස්ථ ක්‍රීඩා මධ්‍යස්ථාන විවෘත කළ හැකිය.
  • වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ගෘහස්ථව උපරිම අමුත්තන් 25 කට කුඩා ප්‍රමාණයේ අවන්හල් සහ ආපන ශාලා විවෘත කළ හැකිය.
  • වර්ග මීටර 600 ට වඩා අඩු ස්ථානවල පුද්ගලයන් 150 ක උපරිම සීමාවක් දක්වා වර්ග මීටර 2 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ අවන්හල් සහ ආපන ශාලා ක්‍රියාත්මක කළ හැකිය.
  • food courts සඳහා උපරිම පුද්ගල සීමාවක් නොමැති නමුත් වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ක්‍රියාත්මක විය යුතුය.

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප

  • නිවසින් බැහැරව වෙනත් ගෘහස්ථ ස්ථානයකදී මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතුය.
  • කිසිදු සීමාවකින් තොරව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප අතර සංචරණයට අවසර ලැබේ.
  • තමන්ගේ දරුවන් ද ඇතුළුව එක් දිනකදී අමුත්තන් 15 ක ට නිවසකට යා හැකිය.
  • එළිමහනේ උපරිම පුද්ගලයින් 50 ක් දක්වා ඒකරාශී විය හැකිය.
  • aged care මධ්‍යස්ථාන සහ රෝහල් සඳහා එක් දිනකට උපරිම අමුත්තන් 5 ක් දක්වා පැමිණීමට හැකි නමුත් එක් වරකදී උපරිම පැමිණිය හැකි අමුත්තන් සංඛ්‍යාව 2 කි.
  • පාසල්, පෙර පාසල්, childcare මධ්‍යස්ථාන සහ family daycare සියල්ලම විවෘතය.
  • උසස් අධ්‍යාපනය ලබන සිසුන් නිවසේ සිට අධ්‍යන කටයුතු සිදුකළ යුතුය යන සීමාව ඉවත් කෙරේ.
  • හැකිනම් නිවසේ සිට සේවා හා රාජකාරී කටයුතු සිදුකළ යුතුය යන සීමාව ඉවත් කෙරේ.
  • පූර්ණ සේවක ධාරිතාවෙන් 75% ක් හෝ මුළු සේවකයින් 40ක් හෝ ඊට වඩා අඩු පිරිසක් සේවය කරන සේවා ස්ථාන සඳහා සේවකයින් 30 ක් දක්වා සේවා ස්ථාන වෙත ගෙන්වා ගත හැකිය.
  • සේවා ස්ථාන වලද QR code check-in එක අනිවාර්ය වේ.
  • සියලුම සිල්ලර වෙළෙඳ සැල් වලට පාරිභෝගිකයින් ගෙන්වා ගැනීමේදී වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය ක්‍රියාත්මක වේ.
  • සෑම වෙළෙඳ සැලකම QR code check-in එක අනිවාර්ය වේ.
  • භූමි ප්‍රමාණය අනුව පුද්ගලයන් 300 ක් දක්වා ගෘහස්ථව හා එළිමහනේ මංගල උත්සව සඳහා අවසර ඇත.
  • නර්තන අංග සඳහා අවසර නැත.
  • භූමි ප්‍රමාණය අනුව පුද්ගලයන් 300 ක් දක්වා ගෘහස්ථව හා එළිමහනේ අවමංගල උත්සව සඳහා අවසර ඇත.
  • ආගමික ස්ථාන වලට රැස්විය හැකි පුද්ගල ප්‍රමාණයේ සීමාවක් නැත.
  • වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ගෘහස්ථව උපරිම අමුත්තන් 25 කට කුඩා ප්‍රමාණයේ අවන්හල් සහ ආපන ශාලා විවෘත කළ හැකිය.
  • සෙසු අවන්හල් සහ ආපන ශාලා වර්ග මීටර් 2 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ක්‍රියාත්මක කළ හැකිය.
  • food courts සඳහා උපරිම පුද්ගල සීමාවක් නොමැති නමුත් වර්ග මීටර් 2 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ක්‍රියාත්මක විය යුතුය.

Share
Published 23 June 2021 5:04pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends