ඔස්ට්‍රේලියාවේ අඩුවෙන් අයදුම් කරන නමුත් සේවකයින්ට ඉහළ ඉල්ලුමක් ඇති රැකියා (SBS සිංහල/ වාර්තා)

Trades & Services ක්ෂේත්‍රයේ සේවකයින් සඳහා ඉල්ලුම වැඩිවෙමින් පවතින නමුත් ප්‍රධාන රැකියා භූමිකාවන් ගණනාවක් සඳහා අයදුම්පත් අඩු බව වාර්තා වේ.

Australia's Job Ready Program (JRP) changed from 1 July

Source: Getty Images/Yuri_Arcurs

කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පමණක් නොව සමස්ත ලෝකයේ සෑම රටකම රැකියා වෙළෙඳපොල බරපතල වෙනස්කම් වලට ලක්වී තිබේ.

එහිදී ඇතැම් රැකියා සඳහා ඇති ඉල්ලුම පහළ ගොස් තවත් රැකියාවල ඉල්ලුම ඉහළ පැමිණ තිබේ.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ අඩුවෙන් අයදුම් කරන නමුත් සේවකයින් සඳහා ඉහළ ඉල්ලුමක් ඇති රැකියා සහ වෘත්තීන් ගණනාවක් පිළිබඳව මේ වන විට අනාවරණය වී තිබේ.
  • එම රැකියා භූමිකාවන් සඳහා ඇති තරගය සැලකිය යුතු ලෙස අඩු වී ඇත.
  • නව රැකියාවකට හෝ ක්ෂේත්‍රයකට මාරුවීමට බලාපොරොත්තු වන පුද්ගලයින්ට ඒ හරහා වැඩි අවස්ථාවන් නිර්මාණය වේ.

අඩුවෙන් අයදුම්කරන රැකියා

ඇතැම් රැකියා සඳහා ඉහළ ඉල්ලුමක්ද ඇතැම් රැකියාවල ඉල්ලුම පහළ බැස්සද තවත් රැකියාවන්  සඳහා අයදුම්කරුවන් අඩුවෙන් අයදුම් කරන බව වාර්තා වේ.

මේ සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ රැකියා පිළිබඳ ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන Seek වෙබ් අඩවිය සමීක්ෂණයක් සිදුකර තිබේ.
කොවිඩ් වසංගතයට පෙර තිබුණාට වඩා අයදුම් කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාවේ පහත වැටීමක් සහ සේවකයින් සඳහා ඉහළ ඉල්ලුමක් මෙන්ම රැකියා දැන්වීම් සැලකිය යුතු ලෙස වැඩි වීමක් ඇතැම් රැකියා සඳහා ඇතිවී ඇති බව එයින් ඔවුන්ට පෙනී ගොස් ඇත.

එම රැකියා භූමිකාවන් සඳහා ඇති තරගය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව එයින් අදහස් කෙරේ.

තවද නව රැකියාවකට හෝ ක්ෂේත්‍රයකට මාරුවීමට බලාපොරොත්තු වන පුද්ගලයින්ට ද ඒ හරහා වැඩි අවස්ථාවන් නිර්මාණය වේ.
Australian Jobs_ Employers would like to see if the jobseeker is the right fit for the company.
Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ අඩුවෙන් අයදුම් කරන නමුත් සේවකයින් සඳහා ඉහළ ඉල්ලුමක් ඇති රැකියා සහ වෘත්තීන්

  • Mortgages
  • Child Welfare, Youth & Family Services
  • Employment Services
  • Health, Safety & Environment
  • Surveying
  • Childcare & Outside School Hours Care
  • Workplace Training & Assessment
  • Dental
  • Medical Imaging
  • Nursing
  • Chefs/Cooks
  • Occupational Health & Safety
  • Recruitment
  • Engineering - Software
  • Road Transport
  • Digital & Search Marketing
  • Marketing Communications
  • Residential Sales
  • Merchandisers
  • Account & Relationship Management
  • New Business Development
  • Sales Representatives/ Consultants
  • Coaching & Instruction
  • Air Conditioning & Refrigeration
  • Automotive Trades
  • Building Trades
  • Carpentry & Cabinet Making
  • Electricians
  • Fitters, Turners & Machinists
  • Gardening & Landscaping
  • Hair & Beauty Services
  • Painters & Sign Writers
  • Plumbers
  • Technicians
  • Welders & Boilermakers

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


රැකියා සඳහා ලැබෙන අයදුම් පත්‍ර අඩුවේ

මේ අතර Trades & Services ක්ෂේත්‍රයේ සේවකයින් සඳහා ඉල්ලුම වැඩිවෙමින් පවතින නමුත් ප්‍රධාන රැකියා භූමිකාවන් ගණනාවක් සඳහා අයදුම්පත් අඩු බව වාර්තා වේ.

Painters & Signwriters වැනි විධිමත් සුදුසුකම් අවශ්‍ය නොවන රැකියා සඳහා රැකියා දැන්වීම් 157% කින් ඉහළ යමින් ඇති බව වාර්තා වේ.
නමුත් එම දැන්වීමකට ලැබෙන අයදුම්පත් ප්‍රමාණය 66% කින් අඩුවී ඇත.

Gardening & Landscaping ක්ෂේත්‍රයේ රැකියා සඳහා රැකියා දැන්වීම් 87% කින් ඉහළ ගියද ඒවා සඳහා ලැබෙන අයදුම්පත් 59% කින් පමණ අඩුවී තිබේ.

Share
Published 2 September 2021 1:57pm
By Madhura Seneviratne

Share this with family and friends