ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට Aged care ක්ෂේත්‍රයේ දී නියමිත පැය ගණන ඉක්මවා රැකියා කිරීමට දිගටම අවසර (SBS සිංහල වාර්තා)

Aged care ක්ෂේත්‍රයේ නියුතු ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට නැවත දැනුම්දෙන තෙක් දෙසතියකට පැය 40 ට වඩා වැඩි පැය ගණනක් රැකියා කිරීමට අවසරය ලැබේ.

News

Source: Getty Images/PhotoAlto/Frederic Cirou

ඔස්ට්‍රේලියාවේ Aged care ක්ෂේත්‍රයේ රැකියා කරන ජාත්‍යන්තර සිසුන්ට දෙසතියකට පැය 40 සීමාව ඉක්මවා රැකියා කිරීමට දී ඇති අවසරය යළි දැනුම්දෙන තෙක් දීර්ග කර තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ බව අද (30/08) නිවේදනය කළේය.


Highlights

  • Aged care ක්ෂේත්‍රයේ නියුතු ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට දෙසතියකට පැය 40 සීමාව ඉක්මවා රැකියා කිරීමට මධ්‍යම රජය ලබා දී ඇති අවසරය දීර්ග කර තිබේ.
  • රැකියාව ආරම්භ කළේ කවදාද යන්න නොසලකා Aged care ක්ෂේත්‍රයේ සේවය කරන සියලුම ජාත්‍යන්තර සිසුන්ට මෙම දීර්ඝ කිරීම අදාළ වේ.
  • සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට සතියකට පැය 20 නොහොත් දෙසතියකට පැය 40 සීමාවකට යටත්ව රැකියා කිරීමට අවසර ඇත.

Aged care ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සිසුන්ට පැය 40 සීමාව ඉවත් කරයි

Aged care ක්ෂේත්‍රයේ නියුතු ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට දෙසතියකට පැය 40 සීමාව ඉක්මවා රැකියා කිරීමට මධ්‍යම රජය ලබා දී ඇති අවසරය දීර්ග කර තිබේ.

ඒ අනුව Aged care ක්ෂේත්‍රයේ නියුතු ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට නැවත දැනුම්දෙන තෙක් දෙසතියකට පැය 40 ට වඩා වැඩි පැය ගණනක් රැකියා කිරීමට අවසරය ලැබේ.

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට සතියකට පැය 20 නොහොත් දෙසතියකට පැය 40 සීමාවකට යටත්ව රැකියා කිරීමට අවසර ඇත.

නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඇතිවී ඇති ශ්‍රම හිඟය නිසා ක්ෂේත්‍ර කිහිපයකම ජාත්‍යන්තර සිසුන්ට සතියකට පැය 20 සීමාව ඉක්මවා රැකියා කිරීමට මධ්‍යම රජය අවසර ලබා දුන්නේය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


මෙම අවසරය දීර්ග කිරීම තුළින් Aged care අංශයට තවදුරටත් ඉතා වැදගත් වූ අතිරේක ශ්‍රම බලකායක් සිටීම සහතික වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

කොවිඩ් වසංගතය අතරතුර බොහෝ Aged care සේවකයින්, හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසකින් යුතුව සේවය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
රැකියාව ආරම්භ කළේ කවදාද යන්න නොසලකා Aged care ක්ෂේත්‍රයේ සේවය කරන සියලුම ජාත්‍යන්තර සිසුන්ට මෙම දීර්ඝ කිරීම අදාළ වේ.

මේ අතර සැප්තැම්බර් 17 දා සිට සියළුම Aged care සේවකයින්ට තම රැකියාවේ රැඳී සිටීම සඳහා අවම වශයෙන් එක් කොවිඩ් එන්නතක් හෝ ලබා ගත යුතුය.
Minister for Health Greg Hunt at a press conference at Parliament House in Canberra.
Minister for Health Greg Hunt at a press conference at Parliament House in Canberra. Source: AAP

දෙසතියකට පැය 40 සීමාවකට යටත් නොවන ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්

Aged care ක්ෂේත්‍රයේ රැකියා කරන ජාත්‍යන්තර සිසුන් හැරුණුකොට පහත සඳහන් ක්ෂේත්‍රවල රැකියා කරන ජාත්‍යන්තර සිසුන්ට ද දෙසතියකට පැය 40 සීමාවකට යටත් නොවී වැඩි පැය ප්‍රමාණයක් රැකියා කළ හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
  • National Disability Insurance Scheme (NDIS) සැපයුම්කරුවෙකු යටතේ සේවය කරන ජාත්‍යන්තර සිසුන්
  • කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සේවය කරන ජාත්‍යන්තර සිසුන්
  • සංචාරක හෝ hospitality ක්ෂේත්‍රවල සේවය කරන ජාත්‍යන්තර සිසුන්
  • හෙද වෘත්තීය ඉගෙන ගන්නා ජාත්‍යන්තර සිසුන්
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ COVID-19 lockdown කාලවලදී එම lockdown කළ ප්‍රදේශවල පිහිටි සුපිරි වෙළෙඳ සැල්වල හෝ ඒවා ආශ්‍රිත බෙදා හැරීමේ කටයුතුවල සේවය කරන ජාත්‍යන්තර සිසුන්ටද දෙසතියකට පැය 40 සීමාවට එහා ගොස් වැඩිපුර පැය ගණනක් රැකියා කළ යුතුය.

Share
Published 30 August 2021 7:28pm
Updated 12 August 2022 2:59pm
By Tom Stayner, Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends