ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගත හැකි ටස්මේනියා ප්‍රාන්තයේ Skilled වීසා වැඩසටහන දැන් විවෘතයි (SBS සිංහල/ වාර්තා)

ජාත්‍යන්තර සිසුන්ට සහ ටස්මේනියා ප්‍රාන්තයේ ජීවත් වෙමින් රැකියා කරන පුද්ගලයින්ට ටස්මේනියා ප්‍රාන්ත අනුග්‍රහය ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් මෙවර මද වශයෙන් වෙනස් කර තිබේ.

Skills Migration Program for the 2021-22 financial year

Skills Migration Program for the 2021-22 financial year Source: SBS

ඔස්ට්‍රේලියාවේ 2021/22 මුල්‍ය වර්ෂය සඳහා ටස්මේනියා ප්‍රාන්තයේ skilled visa nomination program හෙවත් නිපුණතා වීසා වැඩසටහන අගෝස්තු 04 සිට විවෘත කර තිබේ.

ඒ අනුව ටස්මේනියා ප්‍රාන්තයේ skilled visa nomination සඳහා අයදුම් කිරීමට සැපිරිය යුතු සුදුසුකම් සහ අවශ්‍යතා මේ වන විට නිවේදනය කර ඇත.


Highlights

  • 2021/22 වසරේ ටස්මේනියා ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන සඳහා 3,300 ක වීසා කෝටාවක් ලබා දී තිබේ.
  • එහිදී 190 වීසා ඛාණ්ඩය සඳහා 1,100 ක කෝටාවක් ද 491 වීසා ඛාණ්ඩය සඳහා 2,200 ක කෝටාවක් ද වෙන් කර ඇත.
  • මෙම වැඩසටහන මගින් ටස්මේනියානු ව්‍යාපාර සඳහා සහය වන අතර ප්‍රාන්තයේ ශ්‍රම බලකාය ද ඉහළ දමයි.

ටස්මේනියා ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන

මෙම වැඩසටහන යටතේ පහත සඳහන් වීසා ඛාණ්ඩ දෙක නිකුත් කෙරේ.

  1. Skilled Work Regional (Provisional) visa (subclass 491)
  2. Skilled Nominated visa (subclass 190)

 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

2021/22 වසරේ ටස්මේනියා ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන සඳහා 3,300 ක වීසා කෝටාවක් ලබා දී තිබේ.

190 වීසා ඛාණ්ඩය සඳහා 1,100 ක කෝටාවක් ද 491 වීසා ඛාණ්ඩය සඳහා 2,200 ක කෝටාවක් ද මෙවර ටස්මේනියා ප්‍රාන්තය වෙත පිරිනමා ඇත.

එම කෝටාවෙන් 500 ක් පමණ 2020/21 skilled visa nomination වැඩසටහන් වර්ෂයේ සිට යොමු කරන ලද අයදුම්පත් සඳහා භාවිතා කිරීමට අපේක්‍ෂා කරන බව ටස්මේනියා ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය නිවේදනය කර තිබේ.
skilled migrants
Source: Getty

ටස්මේනියා ප්‍රාන්ත අනුග්‍රහය ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම්

ජාත්‍යන්තර සිසුන්ට සහ ටස්මේනියා ප්‍රාන්තයේ ජීවත් වෙමින් රැකියා කරන පුද්ගලයින්ට ටස්මේනියා ප්‍රාන්ත අනුග්‍රහය ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් පහත පරිදි වේ.

Category 1 – Tasmanian graduates

මෙම ඛාණ්ඩය සඳහා ටස්මේනියා ප්‍රාන්තයේ රැකියාවක නියුතු වීම අවම අවශ්‍යතාවක් නොවන නමුත් අයදුම්පත ඇගයීමේදී රැකියා හෝ ව්‍යාපාරික කටයුතු පිළිබඳ පහත සඳහන් සාක්ෂි සැලකිල්ලට ගනු ඇත:

  • අදාළ සේවායෝජකයා (employer) ටස්මේනියා ප්‍රාන්තයේ හොඳින් ස්ථාපනය විය යුතු අතර අවම වශයෙන් මාස 12 ක කාලයක් හෝ ටස්මේනියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වෙමින් පැවතීම
  • ඔබේ රැකියාව මාස 3 ක කාලයකට වඩා වැඩි කාලයක් කරගෙන යමින් පැවතීම
  • අයදුම්කරු සතු ව්‍යාපාරය අවම වශයෙන් මාස 6 ක් හෝ ටස්මේනියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක විය යුතු වීම හෝ
  • වීසා nomination සඳහා අයදුම් කිරීමට පෙර අවම වශයෙන් පසුගිය මාස 6 ක පමණ කාලයකදී කිරි, මස්, නවාතැන් පහසුකම් සැපයීම, භාණ්ඩ සැපයුම් හෝ ගොවිපොළ යන කර්මාන්තයන්ගෙන් එකක අයදුම්කරුවෙකු සේවයේ යෙදී සිටියහොත් ඔවුන් අදාළ කර්මාන්ත පුහුණුව ආශ්‍රිතව අවම වශයෙන් Certificate III හෝ සම්පූර්ණ කර තිබිය යුතුය

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


Category 2 – Working in Tasmania

ටස්මේනියානු නිපුණතා රැකියා ලැයිස්තුවේ රැකියාවක් සඳහා skill assessment එකක් ඇති අයදුම්කරුවන් අවම වශයෙන් මාස තුනක් හෝ අදාළ රැකියාවේ සේවය කිරීමෙන් පසු 491 වීසා උප කාණ්ඩය සඳහා සුදුසුකම් ලබයි.
මේ අතර දැනට 482 හෙවත් Temporary Skill Shortage වීසා බලපත්‍රයක් ඇති සහ ටස්මේනියානු ප්‍රාන්තය පදනම් කරගත් අනුග්‍රාහක සේවායෝජකයා (sponsoring employer) සමඟ මාස 12 කටත් අඩු කාලයක් රැකියාව කර ඇති අයදුම්කරුවන් ඔවුන්ගේ වර්තමාන අනුග්‍රාහක සේවායෝජකයාගෙන් තම රැකියාව සඳහා සහය දක්වන ලිපියක් ලබා දිය යුතුය.
Indian international students
Source: AAP

2021-22 skilled visa nomination වැඩසටහනේ අරමුණ සහ ප්‍රමුඛතා

මෙම වැඩසටහන මගින් ටස්මේනියානු ව්‍යාපාර සඳහා සහය වන අතර ප්‍රාන්තයේ ශ්‍රම බලකාය ද ඉහළ දමයි.

මෙම වැඩසටහන සඳහා අයදුම්කරන අයදුම්කරුවන්ගේ අයදුම්පත් සලකා බැලීමේදී සහ ඔවුන්ට වීසා පිරි නැමීමෙදී ප්‍රමුඛතාව ලබාදෙන අයුරු පහත පරිදි වේ;

  • critical roles හෙවත් තීරණාත්මක රාජකාරීවලට අදාළ රැකියා හා skills assessment එකක් ඇති අයදුම්කරුවන්
  • ටස්මේනියා ප්‍රාන්ත රැකියා ලයිස්තුවේ රැකියාවකට අදාළ රැකියාවක් කරන සහ skills assessment එකක් තිබෙන අයදුම්කරුවන්
  • අදාළ skills assessment එකක් තිබෙන වෙනත් රැකියාවක් කරන අයදුම්කරුවන්
  • ටස්මේනියා ප්‍රාන්තයේ සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියන්, ස්ථිර පදිංචිකරුවන් හෝ තාවකාලික වීසා බලපත්‍රලාභීන් සඳහා සැලකිය යුතු රැකියා අවස්ථා ලබා දෙන නව ව්‍යාපාර හිමියන්
  • ටස්මේනියා ප්‍රාන්තයේ අවශ්‍යතාවන්ට අදාළ කුසලතා හෝ පුහුණුව ඇති සහ සුදුසුකම්ලත් රැකියා තුළින් ටස්මේනියාවට අව්‍යාජ දායකත්වයක් ලබා දිය හැකි සුදුසුකම් ලත් අනෙකුත් සියලුම අපේක්ෂකයින්.
çLarge Group of Diverse People with Different Occupations (Getty Images)
Source: Getty Images

තීරණාත්මක වෘත්තීන් (critical roles) මොනවාද?

මෙම වෘත්තීන්ට පහත ආකාරයේ පුද්ගලයින් ඇතුළත් වේ:

  • ටස්මේනියානු ප්‍රාන්ත රජය විසින් ක්‍රියාත්මක කරන COVID-19 මර්දනය කිරීමේ ක්‍රියාවලියට සෘජුවම දායක වන පුද්ගලයින්
  • ටස්මේනියානු සෞඛ්‍ය සේවාව සමඟ සියලුම සාමාන්‍ය හෙද සහ වෛද්‍ය තනතුරු ඇතුළුව තීරණාත්මක වෛද්‍ය සේවා සැපයීම
  • එමෙන්ම පහත සඳහන් ඉහළ නිපුණතා සහ විශේෂිත වෘත්තීන්:
    • වේලි, විශාල/ඉහළ සංකීර්ණ පාලම්, වාරි යෝජනා ක්‍රම, ප්‍රවාහන සැපයුම් සැලසුම් කිරීම සහ නඩත්තු කිරීම වැනි යටිතල පහසුකම් ඉංජිනේරු විද්‍යාව සහ නඩත්තු කිරීම ආශ්‍රිත වෘත්තිකයින්
    • කෘතීම සිංචන කාර්මිකයන්, livestock pregnancy scanners වැනි වෘත්තිකයින්
    • අයදුම්කරුවන් නොමැතිව අවදානමට ලක්විය හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම සිදුකරන පුද්ගලයින්
සිල්ලර වෙළෙන්දන්, අස්වනු නෙලීමේ සේවකයින්, භාණ්ඩ බෙදා හැරීමේ රියදුරන් හෝ ගබඩා සේවකයින් වැනි පහළ නිපුණතා සහිත රැකියාවන්  තීරණාත්මක වෘත්තීන්ට ඇතුළත් නොවේ.

Share
Published 5 August 2021 11:57am
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends