ජාත්‍යන්තර සිසුන්ට සහ තාවකාලික වීසා ලාභීන්ට පවා ඔස්ට්‍රේලියානු ජන සංගණනයට සහභාගී විය හැකි බව දන්නවාද? (SBS සිංහල/ වාර්තා)

මෙවර ජන සංගණනය අන්තර්ජාලය ඔස්සේ සම්පුර්ණ කරන්නේ කෙසේද යන්න හෝ ජන සංගණනය සම්පූර්ණ කිරීමට අදාළ කඩදාසි පෝරමයක් අයදුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ විස්තර අඩංගු ලිපියක් ඔස්ට්‍රේලියානු නිවෙස් වලින් 85% කට පමණ ලැබෙනු ඇත.

Regardless of the visa, you can participate in the Australian Census on August 10

Source: SBS

ඔස්ට්‍රේලියාවේ ජන සංගණනය එළඹෙන අගෝස්තු 10 වන දින අඟහරුවාදා පැවැත්වීමට නියමිතය.

ඔස්ට්‍රේලියානුවාසී පවුල් මිලියන 10 කට වැඩි සංඛ්‍යාවකට මෙම ජන සංගණනයට සහභාගී වන්නේ සහ එය පුරවා සම්පූර්ණ කරන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් යැවීම මේ වන විට ආරම්භ කර තිබේ.


Highlights

  • මෙවර සංගණනයට අදාළ තොරතුරු පිරවීම අන්තර්ජාලය ඔස්සේ පරිගණකයෙන් හෝ තමන්ගේ ජංගම දුරකතනයෙන් හෝ කඩදාසි පෝරමයෙන් හෝ හැකියාව ඇත
  • මේ වසරේදී සංගණනයට අදාළ පෝරම වලින් 75% ක් පමණ online ඔස්සේ පුරවනු ඇතැයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය අපේක්ෂා කරයි.
  • මේ වන විට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔස්ට්‍රේලියානු පුරවැසියන්, ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි ලාභීන්, ජාත්‍යන්තර සිසුන්, තාවකාලික වීසා ලාභීන්, සංචාරක වීසා ලාභීන්, කුඩා දරුවන් වැනි සියලුම පුද්ගලයින්ට මේ සඳහා සහභාගී විය හැකිය.

ඔබේ තැපැල් පෙට්ටිය පරීක්ෂා කරන්න

මෙවර ජන සංගණනය අන්තර්ජාලය ඔස්සේ සම්පුර්ණ කරන්නේ කෙසේද යන්න හෝ ජන සංගණනය සම්පූර්ණ කිරීමට අදාළ කඩදාසි පෝරමයක් අයදුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ විස්තර අඩංගු ලිපියක් ඔස්ට්‍රේලියානු නිවෙස් වලින් 85% කට පමණ ලැබෙනු ඇත.

මෙම ලිපිය ලැබෙන්නේ ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයෙනි.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඇතැම් නිවෙස් වලට ජන සංගණනය සම්පූර්ණ කිරීමට අදාළ කඩදාසි පෝරමය සහ එය පුරවා නැවත තැපැල් කිරීමට මුද්දර ගාස්තු ගෙවූ තැපැල් කවරයක් ලැබෙනු ඇත.

අදාළ නිවැසියන් මෙම සංගණනය අන්තර්ජාලය ඔස්සේ සම්පූර්ණ කිරීමට කැමති නම් ඒ පිළිබඳ උපදෙස් අදාළ කඩදාසි පෝරමයේ ඇති බවද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.
"කරුණාකර මේ දිනවල ඔබේ තැපැල් පෙට්ටිය පරීක්ෂා කරන්න. සංගණනය පිළිබඳ පෝරමය හෝ අදාළ තොරතුරු පත්‍රිකාව ඔබට ලැබෙනු ඇත. අදාළ උපදෙස් ලැබුණු හැකි විගස අදාළ තොරතුරු පුරවා අගෝස්තු 10 දා සංගණනය අවසන් කරන ලෙස අපි ජනතාව දිරිමත් කරනවා." යනුවෙන් සංගණන විධායක අධ්‍යක්ෂ Andrew Henderson පැවසීය.

"මෙයින් අදහස් කරන්නේ ඔබට එය එක රැයකින් සම්පූර්ණ කිරීමට අවශ්‍ය නැති බවයි. මෙම නම්‍යශීලී බව නිසා ජනතාවට එය අවසන් කිරීමට වඩාත් පහසු වන බව අපි දන්නවා." යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළේය.
Census form
Source: Completing the census form - ABS

සංගණනය පිරවීම

මෙවර සංගණනයට අදාළ තොරතුරු පිරවීම අන්තර්ජාලය ඔස්සේ පරිගණකයෙන් හෝ තමන්ගේ ජංගම දුරකතනයෙන් හෝ කඩදාසි පෝරමයෙන් හෝ හැකියාව ඇත.

එසේම සෑම කෙනෙකුටම සංගණනයට සහභාගී වීම සඳහා හැකි සෑම ආකාරයකින්ම පුළුල් පරාසයක සහය ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් ලබාදෙනු ඇත.
මේ වසරේදී සංගණනයට අදාළ පෝරම වලින් 75% ක් පමණ online ඔස්සේ පුරවනු ඇතැයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය අපේක්ෂා කරයි.

2016 වසරේදී එම ප්‍රමාණය 63% කි.

මෙම සංගණනය පුරවා සම්පුර්ණ කිරීමට සාමාන්‍යයෙන් මිනිත්තු 30 ක පමණ කාලයක් ගතවන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


සහභාගී වීමට හැකි පිරිස

මෙය ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට හෝ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි ලාභීන්ට පමණක් සහභාගී වීමට ඇති කාර්යයක් නොවේ.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ජාත්‍යන්තර සිසුන්, තාවකාලික වීසා ලාභීන්, සංචාරක වීසා ලාභීන්, කුඩා දරුවන් වැනි සියලුම පුද්ගලයින්ට මේ සඳහා සහභාගී විය හැකිය.

නමුත් සංගණන රාත්‍රියේ ඔස්ට්‍රේලියාවෙන් බැහැරව සිටින ඔස්ට්‍රේලියානු පදිංචිකරුවන් මෙයට ඇතුළත් නොවේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ වෙසෙන විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ඔවුන්ගේ පවුල්වල උදවියටද මේ සඳහා සහභාගී විය නොහැකිය.
අගෝස්තු 10 වන දා ඔබේ නිවසේ සිටින සෑම පුද්ගලයෙකුම මෙම සංගණනය සඳහා ඇතුළත් කළ යුතුය.

ඔබේ පරම්පරාව පිළිබඳවද සංගණනයේදී තොරතුරු පිරවීමට සිදුවේ.

එමෙන්ම නිවසේදී කතා කරන භාෂාව පිළිබඳවද එහිදී අසනු අතර ඒ සඳහා "සිංහල" යනුවෙන් ඇතුල් කිරීමට වගබලාගන්න.

Share
Published 2 August 2021 5:35pm
Updated 2 August 2021 5:40pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends