ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත්කරණ ඉලක්ක සහ රට විවෘත කරන සැලසුම මධ්‍යම රජය හෙළි කරයි (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කොවිඩ් එන්නත්කරණ ඉලක්ක සහ ඔස්ට්‍රේලියාව යළි විවෘත කිරීම පිළිබඳ සැලසුම මේ වන විට මධ්‍යම රජය විසින් ඉදිරිපත් කර තිබේ.

Prime Minister Scott Morrison speaks to the media during a press conference at Parliament House in Canberra.

Prime Minister Scott Morrison speaks to the media during a press conference at Parliament House in Canberra. Source: AAP

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත ලබාගන්නා සෑම පුද්ගලයෙකුටම $300 ක් ලබා දිය යුතු බවට කම්කරු පක්ෂය සිදුකළ යෝජනාව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison ප්‍රතික්ෂේප කර තිබේ.

එම යෝජනාව විශ්වාසභංග යෝජනාවක් වැනි ස්වරුපයක් ගන්නා බව ද අගමැති මොරිසන් පැවසීය.


Highlights

  • මෙම සැලසුමට අනුව කොවිඩ් එන්නත ලබාගැනීමට සුදුසු පුද්ගලයින්ගෙන් අවම වශයෙන් 70% ක් හෝ මාත්‍රා ද්විත්වයම ලබාගත් විට ඔස්ට්‍රේලියාවේම ඇතැම් කොරෝනා නීති කපා හැරීමට හැකිවේ.
  • එම ප්‍රතිශතය 80% ක් වූ විට ඔස්ට්‍රේලියාව පුරාම පුළුල් ලෙස ඇති lockdown කිරීම් ඉවත් කිරීමට මධ්‍යම රජය යෝජනා කර තිබේ.
  • කොවිඩ් එන්නත ලබා දීමේදී එන්නත ලබාගන්නා පුද්ගලයින්ට දිරි දීමනා ලබාදීම පිළිබඳ සලකා බැලූ නමුත් දැන් එය අවශ්‍ය නැතැයි මධ්‍යම රජය පවසයි.

මධ්‍යම රජයේ කොවිඩ් එන්නත්කරණ ඉලක්ක සහ සැලසුම

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කොවිඩ් එන්නත්කරණ ඉලක්ක සහ ඔස්ට්‍රේලියාව යළි විවෘත කිරීම පිළිබඳ සැලසුම මේ වන විට මධ්‍යම රජය විසින් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේම ඇතැම් කොරෝනා නීති කපා හැරීමට කොවිඩ් එන්නත ලබාගැනීමට සුදුසු පුද්ගලයින්ගෙන් අවම වශයෙන් 70% ක් හෝ මාත්‍රා ද්විත්වයම ලබාගත යුතු බව අගමැති මොරිසන් අනාවරණය කළේය.

එම ප්‍රතිශතය 80% ක් වූ විට ඔස්ට්‍රේලියාව පුරාම පුළුල් ලෙස ඇති lockdown කිරීම් ඉවත් කිරීමට මධ්‍යම රජය යෝජනා කර තිබේ.
එමෙන්ම විදෙස් රටවල සිරවී සිටින කොවිඩ් එන්නත ලබාගෙන ඇති ඔස්ට්‍රේලියානුවන් යළි ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේදී පනවා තිබෙන පිරිස් සීමාවන් ද මෙම මට්ටමේදී ඉවත් කිරීමට හැකි බව අගමැතිවරයා හෙළි කළේය.

එන්නත් නොකළ අනෙක් පුද්ගලයින්ට සාපේක්ෂව එන්නත් ලබා දුන් අය යම් සීමාවන්ගෙන් නිදහස් කිරීම සාමාන්‍ය දැනීම බවද අගමැතිවරයා සඳහන් කළේය.

"මෙය විද්‍යාත්මක ප්‍රවේශයක්, පදනමක් සහිතව අපි ක්‍රියාත්මක කරන පැහැදිලි සැලැස්ම එයයි." යනුවෙන් ද අගමැති මොරිසන් පැවසීය.

කොවිඩ් එන්නත ලබා දීමේදී එන්නත ලබාගන්නා පුද්ගලයින්ට දිරි දීමනා ලබාදීම පිළිබඳ සලකා බැලූ නමුත් දැන් එය අවශ්‍ය යැයි නොපෙනෙන බව COVID-19 කාර්ය සාධක බලකායේ අණ දෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් John Frewen පැවසීය.

"මේ වන විට ඔස්ට්‍රේලියානුවන් ඉදිරියට පැමිණ එන්නත් ලබා ගැනීමට ඇති කැමැත්ත නිසා මම එය දිරිමත් කරමි." යනුවෙන් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
මේ අතර විදෙස් රටවල දැනටමත් හඳුන්වා දී ඇති එන්නත් දිරිගැන්වීමේ පියවරවල සාර්ථකභාවය පිළිබඳව සලකා බැලූ ආර්ථික විශ්ලේෂකයින්ගේ උපදෙස් ලැබී ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

විශාල මූල්‍ය දිරි දීමනා දිගු කාලීන එන්නත් කිරීමේ අනුපාත කෙරෙහි සුළු බලපෑමක් ඇති කළ බව ඒවායින් පෙන්නුම් කළ බව මධ්‍යම රජය සඳහන් කරයි.

ඔස්ට්‍රේලියාවේ 80% ක එන්නත් කිරීමේ ඉලක්කය සාක්ෂාත් කිරීමට ඉතා ඉහළ ඉලක්කයක් වන බවත් එනිසා එම ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය ඕනෑම දෙයකට සහාය වීමට කැමති බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ වෛද්‍ය Chris Moy, SBS පුවත් වෙත පැවසීය.
Opposition leader Anthony Albanese speaks to the media during a press conference at Parliament House in Canberra.
Opposition leader Anthony Albanese speaks to the media during a press conference at Parliament House in Canberra. Source: AAP

එන්නත් කිරීමේ අනුපාතය ඉහළ නැංවීමට වැඩි නිදහසක්

කම්කරු පක්ෂයේ යෝජනාව ප්‍රතික්ෂේප කළද කොවිඩ් එන්නත්කරණ අනුපාතය ඉහළ නැංවීමේ වැඩි නිදහසක් පිළිබඳ පොරොන්දුව කෙරෙහි මධ්‍යම රජය අවධානය යොමු කර ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison ප්‍රකාශ කළේය.
දීමනාවක් නොමැතිවම කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් ඔස්ට්‍රේලියානුවන් නිවැරදි දේ කරනු ඇතැයි තමා විශ්වාස කරන බව අගමැති මොරිසන් අද (03/08) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.

"මෙය බරපතල මහජන සෞඛ්‍ය අර්බුදයක්, මෙය game show එකක් නෙමෙයි. ඔවුන් කොවිඩ් එන්නත ලබා ගැනීමට මැලිකමක් දක්වයි නම්, මම ඔවුන්ට මුදල් ගෙවීමට යන්නේ නැහැ." යනුවෙන් ඔහු එහිදී අවධාරණය කළේය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


කම්කරු පක්ෂයේ යෝජනාව

2021 දෙසැම්බර් 01 දිනට පෙර කොවිඩ් එන්නත ලබාගන්නා සෑම පුද්ගලයෙකු හටම එක් වරක් පමණක් ගෙවනු ලබන $300 ක මුදල් ප්‍රදානයක් ලබා දිය යුතු බව කම්කරු පක්ෂය යෝජනා කළේය.

මෙම යෝජිත මුදල් ප්‍රදාන ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 6 ක පිරිවැයක් වැයවන බවත් lockdown කිරීමෙන් ආර්ථිකයට සිදුවන හානිය ඊට වඩා බොහෝ සෙයින් වැඩි බවත් කම්කරු පක්ෂය පෙන්වා දෙයි.

මේ වන විටත් කොවිඩ් එන්නත ලබාගෙන ඇති උදවියට පවා මෙම මුදල් ප්‍රදානය ලබාගත හැකි බව ඔවුහු පවසති.
මෙය කොවිඩ් එන්නත ලබාගැනීමට රටවැසියන්ව දිරිමත් කිරීමත් සමග ආර්ථිකයටද උත්තේජනයක් සපයන බව කම්කරු පක්ෂ නායක Anthony Albanese පවසයි.

"මෙය සාධනීය ආකාරයෙන් ඉදිරිපත් කළ නිර්මාණාත්මක යෝජනාවක්, කොවිඩ් එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවය ගැන අපි කතා කළ යුතුයි. එය අවශ්‍ය වන්නේ එනිසයි." යනුවෙන් ඔහු තවදුරටත් පැහැදිලි කළේය.

Share
Published 3 August 2021 7:13pm
Updated 12 August 2022 3:06pm
By Tom Stayner, Madhura Seneviratne


Share this with family and friends