ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත skilled visa වැඩසටහනේ අලුත්ම නීති මෙන්න (SBS සිංහල/ වාර්තා)

2021/22 වසරේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන සඳහා 7,640 ක වීසා කෝටාවක් ලබා දී තිබේ.

Most Australians support a path to permanent residency for migrants in a new survey

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ 2021/22 මුල්‍ය වර්ෂය සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ skilled visa nomination program හෙවත් නිපුණතා වීසා වැඩසටහනේ නව නීති ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 සහ 491 යන වීසා ඛාණ්ඩ ද්විත්වය සඳහා වෙන් වෙන්වූ අවශ්‍යතා මෙවර නිවේදනය කර ඇත.


Highlights

  • 2021/22 වසරේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන සඳහා 7,640 ක වීසා කෝටාවක් ලබා දී තිබේ.
  • ඒ අනුව 190 වීසා ඛාණ්ඩය සඳහා 4,000 ක කෝටාවක් ද 491 වීසා ඛාණ්ඩය සඳහා 3,640 ක කෝටාවක් ද මෙවර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙත පිරිනමා ඇත.
  • මේ සඳහා අයදුම් කිරීමට ඔබට අවම වශයෙන් සංක්‍රමණික ලකුණු 65 ක් තිබිය යුතුය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන

මෙම වැඩසටහන යටතේ පහත සඳහන් වීසා ඛාණ්ඩ දෙක නිකුත් කෙරේ.

  1. Skilled Work Regional (Provisional) visa (subclass 491)
  2. Skilled Nominated visa (subclass 190)
2021/22 වසරේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන සඳහා 7,640 ක වීසා කෝටාවක් ලබා දී තිබේ.
190 වීසා ඛාණ්ඩය සඳහා 4,000 ක කෝටාවක් ද 491 වීසා ඛාණ්ඩය සඳහා 3,640 ක කෝටාවක් ද මෙවර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙත පිරිනමා ඇත.

ඒ අනුව මෙවරත් ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයක් හෝ ටෙරිටරියක් හිමිකරගත් වැඩිම වීසා කෝටාව හිමිව ඇත්තේද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට වේ.


මෙම ලිපිය SBS සිංහල ගුවන් විදුලිය සතුවන ලිපියක් වන බැවින් මෙහි ඇති තොරතුරු හෝ කොටස් පිටපත් කරගැනීමේදී හෝ උපුටා ගැනීමේදී හෝ SBS සිංහල ගුවන් විදුලිය වෙත කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


Skilled Nominated visa (subclass 190) සඳහා සුදුසුකම්

190 වීසා යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුවම හිමි කරදෙන වීසා බලපත්‍රයකි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා සඳහා අයදුම් කිරීමට ඔබ පහත අවශ්‍යතා සපුරාලිය යුතු වේ.

  • වයස අවුරුදු 45 ට අඩු විය යුතුය.
  • ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් තිබිය යුතුය.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ target sector එකකින් හෙවත් ඉලක්කගත වෘත්තීය ක්ෂේත්‍රයකට අදාළ වලංගු Skills Assessment එකක් තිබිය යුතුය.
  • අවම වශයෙන් සංක්‍රමණික ලකුණු 65 ක් තිබිය යුතුය.
  • ඔබේ Skills Assessment එකට අදාළව ඔබ දැනට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිපුණතා සහිත රැකියාවක නිරත විය යුතුය, නැතිනම්;
  • ඔබ අවම වශයෙන් මාස තුනක කාලයක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පදිංචි වී සිටිය යුතුය.
Australia's top-10 highest earning jobs.
Source: AAP/ Getty Images

Skilled Work Regional (Provisional) visa (subclass 491) සඳහා සුදුසුකම්

ඔබට 491 වීසා බලපත්‍රය හිමි වුවහොත් ඔබට ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක වසර 5 ක් වාසය කිරීමටත් පූර්ණ කාලීන රැකියා කිරීමටත් අවසර ලැබේ.

අනතුරුව මේ හරහා ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අයදුම් කළ හැකිවේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 491 වීසා සඳහා අයදුම් කිරීමට ඔබ ඛාණ්ඩ 3 ක් යටතේ හැකියාව ඇති අතර ඒ ඒ ඛාණ්ඩ සඳහා පහත අවශ්‍යතා සපුරාලිය යුතු වේ.

Stream 1

  • Stream 1 Combined රැකියා ලයිස්තුවේ ඇති වෘත්තියක් සඳහා වලංගු Skills Assessment එකක් තිබිය යුතුය.
  • අයදුම් කිරීමට අවම වශයෙන් මාස 12 කට හෝ පෙර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නම් කරන ලද ප්‍රාදේශීය කලාපයක වාසය කළ යුතුය.
  • අයදුම් කිරීමට අවම වශයෙන් මාස 12 කට හෝ පෙර ඔබේ Skills Assessment එකට අදාළ වෘත්තියක රැකියාවක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නම් කරන ලද ප්‍රාදේශීය කලාපයක කළ යුතුය.

Stream 2

  • නිව් සවුත් වේල්ස් nominated region's රැකියා ලයිස්තුවේ ඇති වෘත්තියක් සඳහා වලංගු Skills Assessment එකක් තිබිය යුතුය.
  • පසුගිය මාස 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අධ්‍යාපන සැපයුම්කරුවෙකු යටතේ අධ්‍යාපනය සම්පූර්ණ කර තිබිය යුතුය.
  • එම අධ්‍යාපන සැපයුම්කරුවා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නම් කරන ලද ප්‍රාදේශීය කලාපයක විය යුතුය.
  • අදාළ පාඨ මාලාව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් පිළිගත් පාඨ මාලාවක් විය යුතුය.
  • ඔබේ අධ්‍යාපනය අවසන් කරන විට ඔබ වාසය කර ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නම් කරන ලද ප්‍රාදේශීය කලාපයක විය යුතුය.

Stream 3

  • නිව් සවුත් වේල්ස් nominated region's රැකියා ලයිස්තුවේ ඇති වෘත්තියක් සඳහා වලංගු Skills Assessment එකක් තිබිය යුතුය.
  • දැනට ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයක හෝ ටෙරිටරියක පදිංචි වී සිටිය යුතුය.

Share
Published 2 August 2021 11:33am
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends