කොවිඩ් නිසා ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට විවෘත වුණු රැකියා ක්ෂේත්‍ර ගැන SBS සිංහල හෙළිදරව්ව

Seek, Indeed, Grad Australia, Australian Apprenticeships and Traineeships Pathways වැනි වෙබ් අඩවි වලින් රැකියා සහ පුහුණුවීමේ රැකියා සොයාගැනීම තවත් පහසු ක්‍රමයකි.

یک مصاحبه شغلی

یک مصاحبه شغلی Source: Getty Images

කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දේශ සීමා තවමත් වසා දමා තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාව වාර්ෂිකව අපේක්ෂා කරන සංක්‍රමණිකයින්ගේ පැමිණීමේ ප්‍රමාණය බරපතල ලෙස අඩුවී තිබේ.


මෙම ලිපිය SBS සිංහල ගුවන් විදුලිය සතුවන ලිපියක් වන බැවින් මෙහි ඇති තොරතුරු හෝ කොටස් පිටපත් කරගැනීමේදී හෝ උපුටා ගැනීමේදී හෝ SBS සිංහල ගුවන් විදුලිය වෙත කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඔස්ට්‍රේලියාවේ පවතින කොවිඩ් තත්ත්වයත් තත්ත්වයත් සමග ඔස්ට්‍රේලියාවේ දැනට වාසය කරන ජාත්‍යන්තර සිසුන් අවධානය යොමු කළ යුතු රැකියා මොනවාද යන්න පිළිබඳ මෙල්බර්න් හි වෘත්තීය පුහුණුකරුවකු සහ උපදේශකවරයකු වන පෑන් පෙරේරා මහතා සමග SBS සිංහල සේවය සිදු කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරේ.


Highlights

  • කොවිඩ් වසංගතය සමග පසුගිය වසරේ සිට ඔස්ට්‍රේලියාවේ තාවකාලික රැකියාවල විශාල ප්‍රමාණයේ රැකියා අවස්ථා විවෘත වී තිබේ.
  • නිසියාකාරව LinkedIn ගිණුමක් නිර්මාණය කර තමන්ගේ ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් සමග සම්බන්ධතා ඇති කරගැනීම රැකියාවක් සොයාගැනීමට ඇති එක් පහසුම මාර්ගයකි.
  • ඔස්ට්‍රේලියාවේ විශාල සහ මධ්‍යම ප්‍රමාණයේ බොහෝ සමාගම් ආධුනිකයින් බඳවා ගැනීම සඳහා අනුග්‍රාහකත්වය සැපයීමට මේ වන විට අපේක්ෂාවෙන් සිටියි.

ජාත්‍යන්තර සිසුන් අවධානය යොමු කලයුතු රැකියා ක්ෂේත්‍ර

මෙල්බර්න් හි වෘත්තීය පුහුණුකරුවකු සහ උපදේශකවරයකු වන පෑන් පෙරේරා මහතා SBS සිංහල සේවයට පැවසූ පරිදි ජාත්‍යන්තර සිසුන් පහත සඳහන් ක්ෂේත්‍රවල රැකියා සඳහා අවධානය යොමු කිරීම මෙම කාලයේදී වඩාත් යෝග්‍ය වේ.

  • සෞඛ්‍ය අංශය
  • Aged Care
  • සමාජ සේවා
  • තොරතුරු තාක්ෂණ අංශය
  • දත්ත ඉංජිනේරු අංශය
  • සයිබර් ආරක්ෂණ අංශය
  • ඉදිකිරීම් ඉංජිනේරු රැකියා
  • Digital Marketing
  • අධ්‍යාපන අංශය
  • Child Care
  • Hospitality
International students in Australia
Source: Getty Images

රැකියා සොයාගැනීමට අනුගමනය කළ යුතු ක්‍රම

ඔස්ට්‍රේලියාවේ විශාල සහ මධ්‍යම ප්‍රමාණයේ බොහෝ සමාගම් ආධුනිකයින් බඳවා ගැනීම සඳහා අනුග්‍රාහකත්වය සැපයීමට පවා අපේක්ෂාවෙන් සිටින බව පෑන් පෙරේරා මහතා SBS සිංහල සේවයට පැවසීය.
එමෙන්ම පහත සඳහන් ක්‍රම අනුගමනය කළහොත් ජාත්‍යන්තර සිසුන්ට තමන්ගේ ක්ෂේත්‍රයේ රැකියාවක් සොයාගැනීමට එතරම් අපහසු නොවන බවද ඔහු සඳහන් කළේය.

  • තමන්ගේ සුදුසුකම් සහ රැකියා පළපුරුද්ද නිවැරදි සහ ආකර්ෂණීය ලෙස සටහන් කළ උසස් ගනයේ ජීව දත්ත පත්‍රිකාවක් සකස් කරගැනීම.
  • නිසියාකාරව LinkedIn ගිණුමක් නිර්මාණය කර තමන්ගේ ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් සමග සම්බන්ධතා ඇති කරගැනීම.
  • තමන්ගේ ප්‍රදේශයේ ඇති කුඩා ප්‍රමාණයේ සමාගම් පිළිබඳ පර්යේෂණයක් සිදුකර ඒවායේ තමාට සුදුසු රැකියා සඳහා අයදුම් කිරීම.
  • Seek, Indeed, Grad Australia, Australian Apprenticeships and Traineeships Pathways වැනි වෙබ් අඩවි වලින් රැකියා සහ පුහුණුවීමේ රැකියා සොයාගැනීම.
  • තමන්ගේ හැකියාවන් සහ සුදුසුකම් ඉතා හොඳට අලෙවි කිරීමට හැකි වීම.
A woman a a job interview
Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ තාවකාලික රැකියා අවස්ථා විශාල වශයෙන් විවෘතයි

කොවිඩ් වසංගතය සමග පසුගිය වසරේ සිට ඔස්ට්‍රේලියාවේ තාවකාලික රැකියාවල විශාල ප්‍රමාණයේ රැකියා අවස්ථා විවෘත වී තිබේ.

විශේෂයෙන්ම lockdown කාල අතරේ සුපිරි වෙළෙඳ සැල් වල සේවක හිඟය සහ අධික පාරිභෝගික සැපයුම සමනය කරගැනීමට එම ක්ෂේත්‍රයේ රැකියා කරන ජාත්‍යන්තර සිසුන්ට සතියකට පැය 20 සීමාව නොතකා රැකියා කිරීමට ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවස්ථාව ලබා දී ඇත.
Pan Perera - Professional career coach and consultant
Pan Perera - Professional career coach and consultant - VIC Source: Supplied by Pan Perera
එමෙන්ම කොවිඩ් නීති ලිහිල් කළ විට ඔස්ට්‍රේලියාවේ අවන්හල් සහ ආපනශාලා ඇතුළු hospitality ක්ෂේත්‍රයේ මෙන්ම ආහාර පාන බෙදා හැරීමේ ක්ෂේත්‍රයේ ද තාවකාලික රැකියා විශාල ප්‍රමාණයක් විවෘත වී ඇති බව මෙල්බර්න් හි වෘත්තීය පුහුණුකරුවකු සහ උපදේශකවරයකු වන පෑන් පෙරේරා මහතා SBS සිංහල සේවයට පැවසීය.
එමෙන්ම Child Care සහ Aged Care ක්ෂේත්‍ර වලද මේ වන විට විශාල ප්‍රමාණයක රැකියා අවස්ථා තිබෙන බව සඳහන්.

එනිසා තමන් පදිංචි වී සිටින නගරය ආශ්‍රිතව පිහිටි රැකියා ස්ථාන වල ලැයිස්තුවක් සකසා තමාට සුදුසු රැකියා වෙනකොට හඳුනාගෙන ඒවාට වෙන වෙනම අයදුම් කිරීම හරහා සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකි බව ද ඔහු පැවසීය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව:

SBS Radio App: හෝ වෙතින් SBS Radio App එක නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.





Share
Published 20 August 2021 8:14pm
Updated 23 August 2021 1:50pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends