ඕස්ට්‍රේලියා හමුදාවට උදවු කල ඇතැම් ඇෆ්ගනිස්ථානුවන් තලේබාන් සහ අල්කයිඩා වලටත් උදවු කරලා: අමාත්‍ය Peter Dutton කේන්තියෙන් (SBS සිංහල/ වාර්තා)

ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය Peter Dutton සඳහන් කොට සිටින්නේ ඕස්ට්‍රේලියානු හමුදාවට සහයෝගය දැක්වූ ඇතැම් ඇෆ්ගනිස්ථානුවන් තලේබාන් සහ අල්කයිඩා සංවිධාන සමග කටයුතු කරන බවයි.

Minister for Defence Peter Dutton.

Minister for Defence Peter Dutton. Source: AAP

Highlights

  • ඇතැම් ඇෆ්ගනිස්ථාන ජාතිකයින් මේ වනවිට සිය පක්ෂපාතීත්වය වෙනස් කිරීමට පෙළඹී ඇති බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරයා පවසයි 
  • ඇෆ්ගන් සරණාගත වීසා අයදුම් කරුවන් හට ඕස්ට්‍රේලියානු මානුෂීය වැඩසටහන යටතේ වීසා 3,000ක්
  • ඇතැම් ඇෆ්ගන් අයදුම්කරුවන් සම්බන්ධයෙන් ආරක්ෂණ තක්සේරු සිදු කිරීමට පියවර

ඇතැම් ඇෆ්ගනිස්ථාන ජාතිකයින් සිය පක්ෂපාතීත්වය වෙනස් කිරීමට පෙළඹේ

තලේබාන් සංවිධානයෙන් පලා යන පිරිස ඔස්ට්‍රේලියාවට ගෙන්වාගැනීමට කටයුතු කරන ලෙස ඕස්ට්‍රේලියානු රජයට දිගින් දිගටම බලපෑම් එල්ල වෙමින් පවතී.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු හමුදා සමග කටයුතු කල ඇතැම් ඇෆ්ගනිස්තාන ජාතිකයින් මේ වනවිට සිය පක්ෂපාතීත්වය මාරු කිරීමට පෙළඹී ඇති බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරයා පවසා සිටී.

ABC පුවත් සේවය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කොට සිටියේ මේ වනවිට පවතින යථාර්තයට මුහුණ දිය යුතුව තිබෙන අතර අපට අවශ්‍ය ආකාරයට කටයුතු කල නොහැකි බවයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


වසර 10ක පමණ පෙර ඕස්ට්‍රේලියාවට සහාය ලබාදුන් පුද්ගලයින් තලේබාන් සංවිධානයට සහ අල් කයිඩා සංවිධානයට එක්ව ඕස්ට්‍රේලියානු සහ ඕස්ට්‍රේලියානු හිතවාදී පිරිසට විරුද්ධව කටයුතු කරමින් සිටින බවද Peter Dutton පවසයි.

මේ හේතුවෙන් සෑම අවස්ථාවකදීම ඔස්ට්‍රේලියාවට සහාය ලබාදුන් පිරිස පමණක් ඔස්ට්‍රේලියාවට ගෙන ඒමටත් වෙනත් ත්‍රස්ත සංවිධාන සඳහා සිය සහාය ලබාදීමට කටයුතු කල පිරිස ඔස්ට්‍රේලියාවට ඇතුල් කර නොගැනීමටත් කටයුතු කරන බව ඔහු සඳහන් කොට සිටී.

ඇෆ්ගන් සරණාගත වීසා අයදුම් කරුවන් හට ඕස්ට්‍රේලියානු මානුෂීය වැඩසටහන යටතේ වීසා 3,000ක්

ඕස්ට්‍රේලියාව වසර 20ක පමණ කාලයක් ඇෆ්ගනිස්ථානය සමග කටයුතු කොට ඇති අතර ඇෆ්ගන් ජාතිකයින් සිය ගණනක් ඕස්ට්‍රේලියානු හමුදා සමග පරිවර්තකයින් සහ තානාපති කාර්යාල ආරක්ෂකයින් ලෙසත් කටයුතු කොට තිබේ.

නමුත් පසුගිය මාස කිහිපය තුලදී තලෙයිබාන් සංවිධානය සිය බලය ඇෆ්ගනිස්තානය තුල දැඩි කල අතර ඕස්ට්‍රේලියානු හමුදා සඳහා සහාය ලබාදුන් පිරිස සඳහන් කොට සිටියේ තමන් මේ වනවිට තලෙයිබාන් සංවිධානයේ ඉලක්ක බවට පත්ව සිටින බවයි.
Prime Minister Scott Morrison.
Prime Minister Scott Morrison. Source: AAP
ඇෆ්ගන් සරණාගත වීසා අයදුම් කරුවන් හට ඕස්ට්‍රේලියානු මානුෂීය වැඩසටහන යටතේ වීසා 3,000ක් ලබාදීමට නියමිත බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පසුගියදා සඳහන් කළේය.
කෙසේ නමුත් මෙය විශේෂ මානුෂීය වැඩසටහනක් නොවන අතර මෙම මුල්‍ය වර්ෂය සඳහා සාමාන්‍යයෙන් ලබාදෙන මානුෂීය වීසා වැඩසටහනට අන්තර්ගතව සිදුවන්නක් බවද ඔහු පවසයි.

ඇතැම් ඇෆ්ගන් අයදුම්කරුවන් සම්බන්ධයෙන් ආරක්ෂණ තක්සේරු සිදු කිරීමට පියවර

ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කොට සිටින්නේ ඇතැම් ඇෆ්ගන් අයදුම්කරුවන් සම්බන්ධයෙන් ආරක්ෂණ තක්සේරු සිදු කිරීමට පවා පවතින බවයි. නමුත් ඒ කොපමණ සන්ක්‍යවක්ද යන්න සම්බන්ධයෙන් හෙළිකොට නොමැත.

එමෙන්ම අමාත්‍යවරයා පවසන්නේ ඔවුන් ලොව අසීරුතම ප්‍රදේශයක සිට පැමිණෙන අතර බොහෝ අවස්ථා වලදී ඕස්ට්‍රේලියා ආරක්ෂක අංශ සඳහා දැඩි ලෙස සහාය දක්වා ඇති බවයි.
එමෙන්ම ඇතැම් ඇෆ්ගන් වැසියන් සමග සම්මුඛ සාකච්චා පැවැත්වීමට නොහැකි අවස්ථාද පවතින අතර ඔවුන් ලබාදෙන ඇතැම් ප්‍රතිචාර සම්බන්ධයෙන් සම්මුඛ පරීක්ෂකයින් සෑහීමට පත් නොවන බවද Peter Dutton පවසයි.

ඕස්ට්‍රේලියානු පුරවැසියන්, ඇෆ්ගනිස්ථාන වීසා බලපත්‍රලාභීන් සහ විදේශීය නිලධාරීන් ඇතුළු 26 දෙනෙකු බදාදා දින කාබුල් නගරයෙන් පිටතට ගත් බව ඕස්ට්‍රේලියානු අගමැතිවරයා ඊයේ (18) තහවුරු කළේය.

කෙසේ නමුත් මෙම සතිය මුලදී ඇමරිකා ගුවන් යානයකින් ඇෆ්ගන් වැසියන් 640 දෙනෙකු රැගෙන යාම සම්බන්ධයෙන් සහ ඕස්ට්‍රේලියානු ගුවන් යානයෙන් මගීන් 26 දනෙකු පමණක් ගෙනයාමත් සම්බන්ධයෙන් විවිධ මත පළ වී තිබේ.
Тhousands of Afghans trapped by the sudden Taliban takeover
Тhousands of Afghans trapped by the sudden Taliban takeover Source: AP
ඊට ප්‍රතිචාර දක්වමින් ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කොට සිටියේ ඔස්ට්‍රේලියාව යෙදවූ ගුවන් යානය කුඩා එකක් වන අතර ඉදිරියේදී තවදුරටත් ඉවත්කිරීමේ මෙහෙයුම් සිදුකරන බවයි.

එමෙන්ම ගුවන් යානයට පැමිණීමට සඳහා ඔවුන්ට දැඩි සීමාවන් පැවති අතර එය ඒ වනවිට සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ගුවතොටුපලක් වශයන් නොතිබි බවත් Peter Dutton වැඩිදුරටත් පවසා සිටී.

Share
Published 19 August 2021 7:02pm
Updated 12 August 2022 2:59pm
By Claudia Farhart, Nipuna Dodangoda


Share this with family and friends