කෘෂිකාර්මික අංශයේ රැකියා කරන ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට දැන් සතියකට පැය 20 කට වඩා රැකියා කිරීමට අවසර (SBS සිංහල/ වාර්තා)

International students

Students stuck in India do not see borders opening anytime soon (Representative Image) Source: AAP

කොරෝනා වසංගත කාලය තුළ ශ්‍රමිකයින් සොයා ගැනීමට අරගල කරන ඔස්ට්‍රේලියානු ගොවීන්ට සහාය වීම සඳහා තාවකාලික වීසා බලපත්‍රලාභීන් දිරිමත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය වඩාත් නම්‍යශීලී පියවරක් ගෙන තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කෘෂිකර්ම, නියං කටයුතු හා හදිසි කළමනාකරණ අමාත්‍ය David Littleproud මේ බව නිවේදනය කළේය.
Farming
Student visa holders working in the agriculture sector can now work additional hours Source: Getty Images/hobo_018

ජාත්‍යන්තර සිසුන්ට සති දෙකකට පැය 40 ට වඩා රැකියා කිරීමට අවසර

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන් කෘෂිකාර්මික අංශයේ රැකියා කරන්නේ නම් තම අධ්‍යයන වාරයේ දී සති දෙකකට වරක් පැය 40 කට වඩා රැකියා කිරීමට අවසර දෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කෘෂිකර්ම, නියං කටයුතු හා හදිසි කළමනාකරණ අමාත්‍ය David Littleproud නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

කොරෝනා වසංගත කාලය තුළ ශ්‍රමිකයින් සොයා ගැනීමේ අර්බුදයට මුහුණ දෙමින් සිටින ඔස්ට්‍රේලියානු කෘෂිකාර්මික අංශයේ සේවා යෝජකයින්ට මේ හරහා යම් සහනයක් ලබා දීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙම පියවර ගෙන ඇත.

කොරෝනා වසංගතය ඔස්ට්‍රේලියාවේ ආරම්භ වූ මුල් අවධියේම සෞඛ්‍ය හා aged care ක්ෂේත්‍ර වල රැකියා කරන ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට ද මෙලෙස දෙසතියකට පැය 40 සීමාව ඉක්මවා රැකියා කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් අවසර ලබා දුන්නේය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

එම ක්‍රමයම දැන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ද ආදේශ කර ඇති බව අමාත්‍ය Littleproud පැවසීය.

මේ හරහා කෘෂිකාර්මික අංශයේ සේවා යෝජකයින්ට මෙන්ම ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට ද යම් පිටිවහලක් සැපයෙන බව ඔහු පෙන්වා දුන්නේය.

මේ වසරේදී ඔස්ට්‍රේලියාවේ බොහෝ කලාප වල විශාල වශෙයන් අස්වැන්න කැපීමට අපේක්ෂා කරන නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් පනවා ඇති නීති හා දේශ සීමා වසා දැමීම් නිසා ඒ සඳහා ප්‍රමාණවත් ශ්‍රමිකයින් නොමැති බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

එනිසාම රජයේ මෙම පියවර අස්වනු නෙලනා කාලයේදී ගොවීන්ට මහත් පහසුවක් සලසනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.
International students
"A qualidade de vida da Austrália, o sistema educacional, isso tudo atrai o brasileiro,” diz o embaixador. Source: AAP Image/Julian Smith

ආහාර නාස්තිය වළක්වාගැනීමට ද උපකාරයක්

මෙම පියවර හුදෙක් තාවකාලික වීසා ලාභීන් ට අමතර ආදායමක් ලබා ගැනීමට උපකාර කරනවා පමණක් නොව ගොවීන් ගේ අස්වනු වලින් ලැබෙන ආහාර අපතේ නොයාමට ද රුකුලක් වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.

"මෙම රජය යටතේ ඔස්ට්‍රේලියානුවන්ට සෑම විටම රැකියා සඳහා ප්‍රමුඛතාවය ලැබෙනවා. නමුත් තමන්ගේ කටයුතු සිදුකරගැනීම සඳහා ශ්‍රමිකයින් ප්‍රමාණවත් නොවේ යන ගොවීන්ගේ මැසිවිල්ල ට රජය මේ මොහොතේ ඇහුම්කන් දී තිබෙනවා. එම ශ්‍රමිකයින් දැන්ම අවශ්‍ය වී තිබෙනවා." යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

"මෙම තාවකාලික වීසා ලාභීන් දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයයි. කොරෝනා වසංගතය හේතුවෙන් ඇතැමුන්ට තම මව් රටවලට යාමට නොහැකි වී තිබෙනවා, ඇතැමුන් යාමට කැමැත්තක් දක්වන්නේ නැහැ, එනිසා කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ඔවුන්ගේ දායක්වත්වය ලබා දීම සඳහා මෙය මහගු අවස්ථාවක්" යනුවෙන්ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.

තාවකාලික වීසා බලපත්‍රලාභීන් කෘෂිකාර්මික අංශයේ රැකියා කිරීමට තෝරා ගන්නේ නම් COVID-19 Pandemic Event වීසා බලපත්‍රයක් ලබා ගැනීම පහසු වනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

ඔවුන්ගේ දැනට ඇති වීසා බලපත්‍රය අවසන් වීමට දින 90 කට පෙර ඔවුන්ට දැන් COVID-19 Pandemic Event වීසා බලපත්‍රය සඳහා අයදුම් කළ හැකිය.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සහයෝගය දැක්වීම පිණිස 2020 අප්‍රේල් මාසයේදී මෙම වීසා බලපත්‍රය හඳුන්වා දුන් අතර මේ වන විටත් 5,600 කට අධික COVID-19 Pandemic Event වීසා බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කර ඇති බවත් වාර්තා වේ.

COVID-19 Pandemic Event වීසා පිළිබඳ වැඩිදුර විස්තර .

කෘෂිකාර්මික අංශයේ රැකියා සොයන ඕනෑම අයෙකු .

Share
Published 8 January 2021 11:23am
By Madhura Seneviratne

Share this with family and friends