කොවිඩ් නිසා නිවාස කුලිය ගෙවීමට අපහසු වික්ටෝරියානුවාසීන්ට $1,500 ක් දක්වා සහන දීමනාවක් (SBS සිංහල/ වාර්තා)

වික්ටෝරියා ප්‍රාන්තයේ පනවා ඇති lockdown නීති හේතුවෙන් ආර්ථික පීඩාවට පත්ව සිටින තම මාසික ආදායමෙන් 30% කට අධික නිවාස කුලියක් ගෙවන පුද්ගලයන්ට මේ සඳහා අයදුම් කළ හැකිවේ.

Rent

Source: Getty Images

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතිවී කොවිඩ් තත්ත්වය පාලනය කිරීම උදෙසා පනවා ඇති lockdown නීති හේතුවෙන් නිවාස කුලිය ගෙවීමට අපහසුතාවෙන් පෙළෙන වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට ආර්ථික සහන දීමනාවක් ලබා දීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඩොලර් 1,500 දක්වා ලැබෙන මෙය එක්වරක් පමණක් ගෙවනු ලබන ගෙවීමකි.


Highlights

  • කොවිඩ් නීති හේතුවෙන් ආර්ථික පීඩාවට පත්ව සිටින තම මාසික ආදායමෙන් 30% කට අධික නිවාස කුලියක් ගෙවන පුද්ගලයන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
  • 2021 මැයි 27 සිට පනවන ලද වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown කාලයේ පටන් මේ දක්වා කාලය මීට වලංගු වේ.
  • මෙම නිවාස කුලී සහන දීමනාව සඳහා අයදුම් කිරීමට පෙර ඔබ එයට අයදුම් කිරීම සඳහා සුදුසුදැයි පරීක්ෂා කර බැලිය යුතුවේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ නිවාස කුලී සහන දීමනාව

මෙම $1,500 ක් දක්වාවූ ආර්ථික සහන දීමනාව අදාළ කුලී නිවැසියා වෙනුවෙන් වික්ටෝරියානු ප්‍රාන්ත රජය එම කුලී නිවැසියාගේ කුලී නිවෙස් හිමියාට ගෙවනු ලබයි.

මේ පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍ය Richard Wynne අද (06/09) නිල වශයෙන් නිවේදනය කළේය.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


වික්ටෝරියා ප්‍රාන්තයේ පනවා ඇති lockdown නීති හේතුවෙන් ආර්ථික පීඩාවට පත්ව සිටින තම මාසික ආදායමෙන් 30% කට අධික නිවාස කුලියක් ගෙවන පුද්ගලයන්ට මේ සඳහා අයදුම් කළ හැකිවේ.

කොවිඩ් වයිරසයට මෙන්ම ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට පෞද්ගලික කුලී නිවාස වෙළඳපොලේ දැරිය හැකි මිලකට සහ ආරක්‍ෂිත නිවාස තිබීම කෙතරම් තීරණාත්මකද යන්න ප්‍රාන්ත රජය මනාව වටහාගෙන ඇති බව ඔහු පැවසීය.
ඒ අනුව 2021 මැයි 27 සිට පනවන ලද වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown කාලයේ පටන් මේ දක්වා කාලය මීට වලංගු වන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

මෙම දීමනාව සඳහා පහත සඳහන් පුද්ගල ඛාණ්ඩවලට අයදුම් කළ හැකි බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

  • ඔස්ට්‍රේලියානු පුරවැසියන්
  • ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවන්
  • Holiday සහ working වීසා බලපත්‍ර මත සිටින Casual හෙවත් අනියම් සේවකයින්
  • ජාත්‍යන්තර සිසුන්
  • seasonal workers
  • සරණාගතයින්
  • තාවකාලික ආරක්‍ෂක වීසා ලාභීන්
  • නවසීලන්ත පුරවැසියන්
තම මාසික කුලී ආදායමෙන් 20% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අහිමි වූ කුලී නිවාස හිමියන්ටද මෙම මෙම දීමනාවට අයදුම් කළ හැකිය.
Rental property in Australia
Source: AAP

අයදුම් කිරීමට සැපිරිය යුතු අවශ්‍යතා

වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙම නිවාස කුලී ආර්ථික සහන දීමනාව සඳහා අයදුම් කිරීමට පහත සඳහන් අවශ්‍යතා සැපිරිය යුතු වේ.

  • කොවිඩ් වසංගතය හේතුවෙන් 2021 මැයි 27 දින හෝ ඉන් පසුව ආදායම අහිමි වීම
  • $2,000 ට වඩා තැන්පතු මුදල් නොතිබිය යුතුය. (superannuation මුදල් හැර)
  • තනි පුද්ගලයෙකුට නම් සතියකට ඩොලර් 1,208.85 ට අඩු ආදායමක් හෝ යුවළකට නම් ඩොලර් 1,813.46 ට අඩු ආදායමක් තිබිය යුතුය.
  • එම වැටුප් පිළිවෙලින් තනි පුද්ගලයෙකුගේනම් වාර්ෂිකව $62,860 ක් විය යුතු අතර යුවළකගේ වාර්ෂික වැටුප $94,300 ක් විය යුතුය.
  • 2021 මැයි 27 න් පසු කාල සීමාවක් සඳහා නිවාස කුලී අඩු කිරීමේ ගිවිසුමක සාක්ෂි ලබා දිය යුතුය
  • මාසික ආදායමෙන් 30% ක් නිවාස කුලිය ලෙස දැරිය යුතුය
Rental Agreement
Rent costs soar up Source: Getty

අයදුම් කරන අයුරු

මෙම නිවාස කුලී සහන දීමනාව සඳහා අයදුම් කිරීමට පෙර ඔබ එයට අයදුම් කිරීම සඳහා සුදුසුදැයි පරීක්ෂා කර බැලිය යුතුවේ.

ඔබ අයදුම් කිරීම සඳහා සුදුසුකම් ලබන්නේ නම් සහ ඔබට මේ වන විටත් කුලී අඩු කිරීමක් නොමැති නම්, ඔබේ දේපළ නියෝජිතයා, බදුහිමියා හෝ කුලී නිවෙස් හිමියා සමග rent reduction agreement හෙවත් නිවාස කුලිය අඩු කිරීමේ ගිවිසුමක් සාකච්ඡා කිරීම මෙහි පළමු පියවර වේ.
ඔබේ දේපළ නියෝජිතයා, බදුහිමියා හෝ කුලී නිවෙස් හිමියා සමඟ ඔබ කුලිය අඩු කළ කුලී ගිවිසුම පිළිබඳ සාකච්ඡා කර තහවුරු කළ පසු ඔබට online හරහා මෙයට අයදුම් කළ හැකිය.

ඒ සඳහා යන වෙබ් ලිපිනය භාවිත කළ හැකිය.

Share
Published 6 September 2021 6:51pm
Updated 6 September 2021 6:54pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends