Feature

COVID-19: Lockdown කාලයේදී සෞඛ්‍ය සම්පන්නව සිටීමට උපදෙස් 6ක් SBS සිංහල වෙතින්

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි යන නගර වල lockdown තත්වය දීර්ඝ කිරීමත් සමග එම ප්‍රාන්ත වැසියන් හට කාය වර්ධන මධ්‍යස්ථාන සහ අනෙකුත් පුහුණු මධ්‍යස්ථාන වෙත යාමට නොහැකි විය. මෙහි ප්‍රතිපලයක් වශයෙන් සමාජ සම්බන්ධතා අවම වීම සහ එළිමහනේ ගතකරන කාලය අඩු වීම ඔස්සේ පුද්ගලයින් හට ශාරීරිකව මෙන්ම මානසිකවද දැඩි බලපෑම් එල්ල වීම සිදුවිය.

melbourne lockdown

People are seen exercising at Albert Park Lake on September 01, 2021 in Melbourne. Source: Daniel Pockett/Getty Images

ප්‍රධාන කරුණු

  • මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් සැලකිලිමත් වීම
  • සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම
  • දින චර්යාවක් තබාගැනීම
  • නිතිපතා ශාරීරික ව්‍යායාමයන්හි නිරත වීම
  • සෞඛ්‍ය සම්පන්න අහාර ගැනීම 
  • රැකියාව සහ පෞද්ගලික ජීවිතය වෙන වෙනම තබාගැනීම 

ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශ සඳහා දිගු කාලයක් තිස්සේ බලපැවැත්වෙන COVID-19 lockdown කිරීම හේතුවෙන් බොහෝ පිරිසකට සිය නිවෙස් තුලම රැඳී සිටීමට සිදු වූ අතර අත්‍යවශ්‍ය හේතුන් සඳහා පමණක් සිය නිවෙස් වලින් බැහැරට යාමට හැකි විය.

මෙලෙස පුද්ගල දෛනික චර්යාව සඳහා සිදු වූ දැඩි බලපෑම මගින් ඔවුන් හට ශාරීරිකව මෙන්ම මානසිකව අහිතකර ලෙස බලපෑම් සිදු කොට තිබේ.

Australian Psychological Society හි සභාපතිනිය වන Tamara Cavenett පවසන්නේ මෙම COVID-19 වෛරසයට පවතින බිය, එමගින් සිය පවුල් සඳහා ඇතිවිය හැකි බලපෑම සහ මෙම තත්වය සෞඛ්‍ය සේවාවන්ට කළමනාකරණය කල හැකිද යන චකිතය වැනි ගැටළු රැසක් ප්‍රජාවෙන් අසන්නට ලැබෙන බවයි.
ඇය වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ මෙම තත්වය මගින් සෑම ඔස්ට්‍රේලියානුවකුම යම් ආකාරයකින් හෝ බලපෑමකට ලක්ව ඇති අතර මෙම වසංගත තත්වය සම්බන්ධයෙන් යම් කනස්සල්ලකින් පසු වන බවයි.
Melbourne lockdown
Police speak to people enjoying the unusually warm spring weather at St Kilda Beach in Melbourne on September 2, 2021, as the city remains in lockdown. Source: WILLIAM WEST/AFP via Getty Images

මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් සැලකිලිමත් වීම

Beyond Blue හි ස්වේච්ඡා ප්‍රකාශිකාවක වන Cecile Sy පවසන්නේ ඇය පසුගිය කාලය තුලදී මානසික අවපීඩනයෙන් පෙළුණු බවයි. නමුත් මනෝ චිකිත්සා කටයුතු ඔස්සේ තමන් එම තත්වයෙන් මිදුණු බව ඇය පවසයි.

ඇය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දැඩි කොවිඩ් ආසාදිතයින් පිරිසක් වාර්තා වන Parramatta පාලන ප්‍රදේශයේ ජීවත් වන අතර එම ප්‍රදේශයේ දැඩි සීමා පනවා තිබේ.
ඇය පවසන්නේ තමන් ඇතැම් අවස්ථා වලදී COVID-19 වෛරසය වැළඳීම සම්බන්ධයෙන් පවතින දැඩි බිය හේතුවෙන් තම නිවසින් බැහැරට යාම සිදු නොකළ අතර එම බිය දිනෙන් දින වර්ධනය වූ බවයි.

නමුත් පසුව තමන් හට නිවසින් පිටතට ගොස් නිතිපතා ව්‍යායාම සිදු කරන ලෙස තම මනෝ උපදේශකවරයා සඳහන් කල බවත් ඉන් අනතුරුව තමන් චිත්‍ර ඇඳීමට පටන් ගත් බවත් ඇය පවසයි.

සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම

පුද්ගලයින් යාවත්කාලීන වන පුවත් දැනගැනීම සඳහා සමාජ මාධ්‍ය දැඩි ලෙස භාවිත කරන අතර මෙය තම මානසිකත්වයට කෙසේ බලපාන්නේද යන්න සම්බන්ධයෙන් එම පුද්ගලයින් අවධානය යොමු කලයුතු බව වෛද්‍ය Tamara Cavenett පවසයි.

ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙලෙස වැඩි වශයෙන් සමාජ මාධ්‍ය භාවිත කිරීම ඔස්සේ ඔබට යම් කනස්සල්ලක් හෝ මනෝභාවය අඩු වීමක් සිදුවන්නේ නම් ජංගම දුරකථන වැනි සමාජ මාධ්‍ය සඳහා ප්‍රවේශ වීමට හැකි උපකරණ මගින් යම් වෙලාවක් ඈත්ව සිටින ලෙසයි.

Beyond Blue හි ප්‍රමුඛ සායනික උපදේශක Grant Blashki පවසන්නේ පුද්ගලයින් තමන්ට පාලනය කල හැකි දේ සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කලයුතු බවයි.

දින චර්යාවක් තබාගැනීම

ඒ අනුව දින චර්යාවක් තිබීම, තම ශරීරය නිසි ලෙස රැකබලාගැනීම පිලිබඳ අවදානය යොමු කිරීම ඉතා වැදගත් වන බව ඔහු පෙන්වා දෙයි. ඒ සඳහා උදාහරණ වශයෙන් ඔහු පවසන්නේ ප්‍රමාණවත් ලෙස නිදා ගැනීම, හොඳ ආහාර ගැනීම සහ ව්‍යායාම කිරීම මූලික වන බවයි.
cyclying
Exercising outdoors is allowed during lockdown. Source: Roman Pohoreki/Pexels


එමෙන්ම යම් කාල සටහනකට අනුව කටයුතු කිරීම ඔස්සේ ඉතා සාර්ථක ප්‍රතිපල අත්කරගත හැකි අතර මෙහිදී තමන් යම් ක්‍රීඩාවක ඉලක්ක කරා යාමක් වැනි බවට සිතීම ඇතැම් පුද්ගලයින් හට ඉතා ප්‍රයෝජනවත් වන බවද Grant Blashki පවසයි.

එමන්ම උදෑසන අවදි වීමෙන් පසු එම දිනයේදී සිදු කරන කටයුතු සම්බන්ධයෙන් සිතීම සහ දිනපතා ශාරීරික ව්‍යායාමහි යෙදීමද වැදගත් වේ.

නිතිපතා ශාරීරික ව්‍යායාමයන්හි නිරත වීම

Tamara Cavenett පෙන්වා දෙන්නේ වසංගත සමය තුල ව්‍යායාම සිදු කිරීම ඉතාමත් වැදගත් වන අතර එය මානසික සෞඛ්‍යය සඳහාද යහපත් බලපෑමක් සිදු කරන බවයි.

මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය හා මහාචාර්ය Cassandra Szoeke , අලුතින් නිකුත් කරන ලද ග්‍රන්ථයක් වන Secrets of Women's Healthy Ageing යන ග්‍රන්ථයේ කතුවරියයි.

මෙහි, ගතවූ වසර 30ක කාලය තුළ තරුණ සහ වයස්ගත කාන්තාවන් 400 කට වැඩි පිරිසකගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් සමීපව අවධානය යොමු කළ සුවිශේෂී අධ්‍යයන අන්තර්ගත වේ.
මහාචාර්ය Cassandra Szoeke පවසන්නේ දිනපතා ව්‍යායාම කිරීම තුළින් පුද්ගලයින්ගේ ජීව විද්‍යාත්මක සෞඛ්‍ය පැහැදිලි ලෙසම ඉහළ යන බව මෙම අධ්‍යයනයන් පෙන්නුම් කරන බවයි.

ඇය වැඩිදුරටත් පවසන්නේ intense exercises නොහොත් තියුණු ව්‍යායාම සිදු කිරීම, කායවර්ධන මධ්‍යස්ථාන වල සිදු කෙරෙන ව්‍යායාම සහ පිහිනීම වැනි ව්‍යායාම මගින් වඩා හොඳ ප්‍රතිපල ලැබෙන බවට වසර 30ක් තිස්සේ සිදු කල පරීක්ෂණ වාර්තා මගින් බලාපොරොත්තු වූ බවයි. කෙසේ නමුත් ඉතා සිත්ගන්නා සුළු කරුණක් ලසට, සතියේ දින 7 පුරා ක්‍රියාකාරී කටයුතු සිදු කරන පිරිසට වැඩි සෞඛ්‍ය වාසි අත්වන බවට හෙළි වූ බව ඇය පෙන්වා දෙයි.

ව්‍යායාම කිරීමේදී මාංශ පේශි ඇදීම, සමබරතාවය, ශක්තිය සහ පුහුණුව ඒකාබද්ධ කිරීමට හැකි වන බව පර්යේෂණයෙන් සොයාගත් නමුත් ක්‍රියාශීලීව සිටීම ඉතාම වැදගත් වන බවටද හෙලිව තිබේ.

fruit
Being in lockdown means also having more time to cook healthy meals. Source: Trang Doan/ Pexels

සෞඛ්‍ය සම්පන්න අහාර ගැනීම

ආහාර පාලනය කිරීමද අවධානය යොමු කල යුතු තවත් වැදගත් කරුනක් වශයෙන් සැලකේ.

වෛද්‍ය Grant Blashki පෙන්වා දෙන්නේ COVID-19 වසංගතයත් සමග පවතින සීමා හේතුවෙන් පුද්ගලයින් වැඩි වශයෙන් අහාර ගැනීමට සහ අධික ලෙස මත්පැන් පානයට පහසුවෙන් යොමුවන බවයි.

ඔහු පවසන්නේ සියලු දෙනාම යම් දුරකට ආතතියට පත්ව සිටින මෙවැනි කාලයකදී යහපත් තීරණ ගැනීම සිදු කරන ලෙස වන අතර සෞඛ්‍යට හිතකර නොවන අහාර තම නිවසේ තබා ගැනීමටවත් උත්සාහ නොකරන ලෙසයි.

ඔබේ රැකියාව සහ පෞද්ගලික ජීවිතය වෙන වෙනම තබාගැනීම

මෙවැනි කාලයකදී සමාජ සම්බන්ධතා පවත්වාගැනීම සඳහා පුද්ගලයින් සිය පවුලේ පිරිස සමග සහ මිතුරන් සමග අන්තර්ජාලය ඔස්සේ කතා කිරීම වැදගත් වේ.

ආචාර්ය Tamara Cavenett පෙන්වා දෙන්නේ අප සෑම දෙනෙකුම මෙම වසංගත තත්වයට මුහුණ දෙන අතර එකිනෙකා සමග සම්බන්ධ වීමට ක්‍රම පවතින බවට මතක තබාගැනීමද වැදගත් වන බවයි.

එමෙන්ම තම මානසික තත්වය පහතට වැටෙන අවස්ථාවන්ද මෙම කාලය අතරතුර පවතින බවට සඳහන් කරමින් ඇය පෙන්වා දෙන්නේ තමන්ට සිතිය හැකි ක්‍රියාකාරකම් වල යෙදීමෙන් තම මනෝභාවය ඉහල නැංවීමට කටයුතු කරන ලෙසයි.

නිවසේ සිට සිය රාජකාරි කටයුතු සිදු කරන පිරිස තම රාජකාරි කාලය සහ විවේක කාලය සම්බන්ධයෙන් පැහැදිලි වෙනසක් තබාගැනීම වැදගත් වන අතර විශේෂයෙන්ම ඒ සඳහා සීමාවන් තබාගන්නා ලෙස වෛද්‍ය Grant Blashki පවසයි.

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය පරීක්‍ෂණ සම්බන්ධයෙන් ද අමතක නොකරන ලෙසයි.


 

මානසික සෞඛ්‍යය සඳහා සහය ලබා ගැනීමට 13 11 14 Lifeline අමතන්න එසේත් නොමැතිනම් Beyond Blue අමතන්න.

COVID-19 වෛරස මානසික සුභසාධන ආධාරක සේවාව ලබාගැනීමට 1800 512 348 අමතන්න. නොමැතිනම්  වෙත පිවිසෙන්න.

Beyond Blue උපකාරක සේවාව ලබාගැනීමට 1300 22 4636 අමතන්න. නොමැතිනම්   වෙත පිවිසෙන්න.

 මගින් සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ පසුබිම්වල සිටින පිරිස සඳහා උපකාර කිරීම සිදු කරයි.

හදිසි අවස්ථාවකදී 000 අමතන්න.


Share
Published 19 September 2021 9:33pm
Updated 12 August 2022 3:00pm
By Chiara Pazzano, Nipuna Dodangoda


Share this with family and friends