ඔස්ට්‍රේලියානුවන්ට නොවැම්බර් 01 දා සිට රටින් පිටවීමට සහ යළි පැමිණීමට ලැබෙන හැටි (SBS සිංහල/ වාර්තා)

නොවැම්බර් 8 වනදා සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලැබූ ඔස්ට්‍රේලියානුවන්ට නිරෝධායනය රහිතව තම රටට ඇතුළුවීමට අවසර දෙන බව සිංගප්පූරුව නිවේදනය කර තිබේ.

People in the International Departures terminal at Melbourne Airport, Monday, April 29, 2019. AAP Image/James Ross

How will Australians be able to leave and return from November 1? Source: AAP Image/James Ross

පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට, ස්ථිර පදිංචිලාභීන්ට සහ ඔවුන්ගේ දරුවන්ට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison තහවුරු කළේය.

මෙය 2021 නොවැම්බර් 01 සිට බලාත්මක වේ.


Highlights

  • නොවැම්බර් 1 වන සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ඔස්ට්‍රේලියානුවන්ට රටින් පිටව යාමට අවසර ගැනීමට අවශ්‍ය නොවේ.
  • සංචාරය කිරීමට අවම වශයෙන් සතියකට පමණ පෙර දෙවැනි මාත්‍රාව ලබා තිබිය යුතු බවද මධ්‍යම රජය පවසයි.
  • මේ වසර අග වන විට නිපුණතා සංක්‍රමණිකයින්ව සහ ජාත්‍යන්තර සිසුන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.

අවසර නොගෙන ඔස්ට්‍රේලියාවෙන් පිටව යාම

2021 ඔක්තෝබර් 31 තෙක් ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට, ස්ථිර පදිංචිලාභීන්ට සහ ඔවුන්ගේ දරුවන්ට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට සහ යළි පැමිණීමට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් අවසර ගත යුතුවේ.

නමුත් පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ඔස්ට්‍රේලියානුවන්ට, ස්ථිර පදිංචිලාභීන්ට සහ ඔවුන්ගේ දරුවන්ට නොවැම්බර් 01 සිට එම නීතිය අහෝසි කරන බව අගමැති මොරිසන් පැවසීය.

අදාළ අවශ්‍යතා සපුරා නොමැති ඔස්ට්‍රේලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන් ඔස්ට්‍රේලියාවෙන් පිටව යන විට හෝ ඔස්ට්‍රේලියාවට පැමිණෙන විට කොවිඩ් සම්බන්ධව මේ වන විට ක්‍රියාත්මක දේශ සීමා ආරක්ෂණ නීතිවලට  අනුකූලව කටයුතු කළ යුතුය.
ලබාගෙන ඇති කොවිඩ් එන්නත ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමත කරන ලද එන්නතක් හෝ පිළිගත් එන්නතක් හෝ විය යුතුය.

සංචාරය කිරීමට අවම වශයෙන් සතියකට පමණ පෙර දෙවැනි මාත්‍රාව ලබා තිබිය යුතු බවද මධ්‍යම රජය පවසයි.

මේ අතර නොවැම්බර් 8 වනදා සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලැබූ ඔස්ට්‍රේලියානුවන්ට නිරෝධායනය රහිතව තම රටට ඇතුළුවීමට අවසර දෙන බව සිංගප්පූරුව නිවේදනය කර තිබේ.
International COVID-19 Vaccination Certificate
You'll need to use an International COVID-19 Vaccination Certificate to travel overseas. Source: Getty Images/ d3sign

එන්නත් කිරීම පිළිබඳ සාක්ෂි

ජාත්‍යන්තර සංචාරකයින්ට තමන් කොවිඩ් එන්නත ලබා ඇති බවට සාක්ෂි සැපයීම සඳහා ජාත්‍යන්තර කොවිඩ් එන්නත් සහතික ලොව පුරා භාවිතා වේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයද ඒ ආකාරයෙන් ජාත්‍යන්තර කොවිඩ් එන්නත් සහතිකයක් පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ඔස්ට්‍රේලියානුවාසීන්ට ලබාදීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව විශේෂ අවසර ගැනීමකින් තොරව ජාත්‍යන්තර සංචාර සඳහා ඔස්ට්‍රේලියාවෙන් පිටව යන ඔස්ට්‍රේලියානු පුරවැසියන්, ස්ථිර පදිංචිලාභීන් තම ජාත්‍යන්තර කොවිඩ් එන්නත් සහතිකය අදාළ ගුවන් තොටුපොළ වෙත පෙන්විය යුතුය.

මෙම සහතිකය ඔබට ඔබගේ myGov ගිණුම හරහා ලබාගත හැකිය.

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට, ස්ථිර පදිංචිලාභීන්ට සහ ඔවුන්ගේ පවුල්වල යට ප්‍රමුඛත්වය

ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී විදෙස් රටවල සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියන්, ස්ථිර පදිංචිලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල සමීපතම සාමාජිකයින් හට ප්‍රමුඛත්වයක් ලබාදෙන බව මධ්‍යම රජය පවසයි.

ඒ අතරේ මේ වසර අග වන විට නිපුණතා සංක්‍රමණිකයින්ව සහ ජාත්‍යන්තර සිසුන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට මධ්‍යම රජය අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews ප්‍රකාශ කළාය.

Share
Published 28 October 2021 12:43pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends