ඔස්ට්‍රේලියාවේදී කොවිඩ් එන්නත ලබාගත් බවට සනාථ කළ හැකි සියලුම ක්‍රම (SBS සිංහල/ වාර්තා)

ඔබේ smart ජංගම දුරකතනයේ Express Plus Medicare app එක ඇත්නම් ඒ හරහාද ඔබට COVID-19 ඩිජිටල් සහතිකය download කරගත හැකි වන නමුත් ඊට පෙර ඔබ ඔබේ myGov ගිණුම හරහා Medicare online ගිණුම සම්බන්ධ කළ යුතුය.

Artwork showing a mobile phone with a tick

Source: SBS News

කොවිඩ් තත්ත්වය නිසා වසා දමා තිබෙන ඔස්ට්‍රේලියාව යළි විවෘත කිරීමේ පියවර සමග කොවිඩ් එන්නතේ ඩිජිටල් සහතිකය වැදගත් සාධකයක් බවට පත්ව තිබේ.

ඊට අමතරව ඔබ ජාත්‍යන්තර සංචාරවල යෙදීමට අදහස් කර සිටී නම් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කළ කොවිඩ් එන්නත ලබාගත් බවට වූ ජාත්‍යන්තර සංචාරක සහතිකය ද ලබාගැනීමට අවශ්‍ය වේ.

ඔස්ට්‍රේලියාවේ සිටින ඔබ කොවිඩ් එන්නත ලබාගත් බවට සනාථ කිරීමට COVID-19 ඩිජිටල් සහතිකය හෝ immunisation history statement හෙවත් ප්‍රතිශක්තීකරණය පිළිබඳ ඉතිහාස ප්‍රකාශය හරහා හැකිය.


Highlights

  • පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබාගත් පසු ඔබට ඔබේ COVID-19 digital certificate හෙවත් කොවිඩ් එන්නත්කරණ ඩිජිටල් සහතිකය ලබාගැනීමට හැකිය.
  • ඔබේ myGov ගිණුම හරහා Medicare සේවාවට පිවිස මෙම සහතිකය ලබාගැනීමට හැකිය.
  • Service NSW සහ Service Victoria ජංගම දුරකතන app සමග ඔබගේ COVID-19 ඩිජිටල් සහතිකය සම්බන්ධ කළ හැකිය.

COVID-19 ඩිජිටල් සහතිකය ලබාගන්නේ කෙසේද?

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ කොවිඩ් එන්නතේ මාත්‍රා ද්විත්වයම ලබාගත් පසු එනම් පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබාගත් පසු ඔබට ඔබේ COVID-19 digital certificate හෙවත් කොවිඩ් එන්නත්කරණ ඩිජිටල් සහතිකය ලබාගැනීමට හැකිය.

ඊට අමතරව Australian Immunisation Register (AIR) හෙවත් ඔස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණ ලේඛනය හරහා ඔබගේ immunisation history statement හෙවත් ප්‍රතිශක්තීකරණය පිළිබඳ ඉතිහාස ප්‍රකාශය තුළද ඔබ කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් බවට සඳහන් කර ඇත.

ඔබේ myGov ගිණුම හරහා Medicare සේවාවට පිවිස මෙම සහතික ලබාගැනීමට ඔබට හැකිය.

ඔබේ myGov ගිණුම හරහා Medicare online ගිණුම සම්බන්ධ කළ පසු "Proof of COVID-19 vaccination" නමින් link එකක් පෙන්වයි.

එය click කළ පසුව "View history" ගොස් ඔබේ නමට ඇති සහතිකය download කරගත හැකිය.

ඔබේ smart ජංගම දුරකතනයේ Express Plus Medicare app එක ඇත්නම් ඒ හරහාද ඔබට COVID-19 ඩිජිටල් සහතිකය download කරගත හැකි වන නමුත් ඊට පෙර ඔබ ඔබේ myGov ගිණුම හරහා Medicare online ගිණුම සම්බන්ධ කළ යුතුය.
ඔබ එන්නත ලබාගත් බවට වූ තොරතුරු Australian Immunisation Register වෙත upload කිරීමට දින 10 ක් පමණ ගත වේ.

ඔබ පූර්ණ කොවිඩ් එනත්කරණය ලබාගත් බවට සාක්ෂියක් ලෙස ඔබේ smart ජංගම දුරකතනයට ඔබේ COVID-19 ඩිජිටල් සහතිකය එක් කළ හැකිය.

Check-in app සමග ඔබගේ COVID-19 ඩිජිටල් සහතිකය සම්බන්ධ කරන්නේ කෙසේද?

නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල ක්‍රියාත්මක කෙරෙන Service NSW සහ Service Victoria ජංගම දුරකතන app සමග ඔබගේ COVID-19 ඩිජිටල් සහතිකය පහත අයුරින් සම්බන්ධ කළ හැකිය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ යම් කිසි ව්‍යාපාරික ස්ථානයකට, අවන්හලකට හෝ මත්පැන් හලකට ඇතුළුවන විට Service NSW app එක හරහා ඔබ එහි checking වනවාත් සමගම ඔබේ COVID-19 ඩිජිටල් සහතිකයද ඊට ඇතුළත් කර අදාළ කාර්ය මණ්ඩලයට පෙන්වීමට ඔබට දැන් හැකිය.

ඔබේ ජංගම දුරකතනයේ ඇති Express Plus Medicare app එකෙහි ඔබේ COVID-19 ඩිජිටල් සහතිකය දිස්වූ පසු "share with check in app" යන්න select කර "Service NSW" යන්න select කරන්න. මෙය අන්තර්ජාලය ඔස්සේ පරිගණකයක් භාවිත කර වුවද සිදුකළ හැකිය.

අනතුරුව ඔබේ Service NSW app එකට log වී ඔබේ COVID-19 ඩිජිටල් සහතිකය ඊට ඇතුළත් කිරීමට හැකිය.

ඔබ යම් ස්ථානයකට ඇතුළු වීමේදී ඔබට වලංගු COVID-19 ඩිජිටල් සහතිකයක් ඇති බව සනාථ කිරීම සඳහා ඔබට "show more" යන්න select  කිරීමට සිදුවේ.

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


වික්ටෝරියා ප්‍රාන්තය

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක කෙරෙන "Service Victoria" app එකටද ඉහත ආකාරයටම එම පියවර ඔස්සේ තමන්ගේ COVID-19 ඩිජිටල් සහතිකය එකතු කරගැනීමට හැකියාව ලැබේ.

මේ වන විට එක් Service Victoria app එකට සම්බන්ධ කළ හැක්කේ එක් ඩිජිටල් සහතිකයක් පමණි.

ඔබ iPhone හෝ Apple උපාංගයක් භාවිතා කරන්නේ නම්, ඔබට Safari හෝ Chrome බ්‍රව්සර් භාවිතා කළ හැකිය.

ඔබ Android උපාංගයක් භාවිතා කරන්නේ නම්, ඔබ Chrome බ්‍රව්සරයක් භාවිතා කිරීමට අවශ්‍ය වේ.
Where are the Covid-19 vaccination hubs and Who gets it first in Australia?
Source: SBS

Smart ජංගම දුරකතනයක් නොමැතිව කොවිඩ් එන්නත ලබා ගත් බවට සාක්ෂි ලබා ගන්නේ කෙසේද?

ඔබ Smart ජංගම දුරකතනයක් භාවිතා නොකරන්නේ නම් ඔබේ myGov ගිණුම හරහා ඔබේ Medicare online ගිණුමට log වී ඉහත සඳහන් පියවරම අනුගමනය කරමින් කොවිඩ් එන්නත ලබා ගත් බවට සාක්ෂි ලබාගත හැකිය.

වෙනත් විකල්පයක් ලෙස ඔබේ immunisation history statement හෝ ඔබේ COVID-19 ඩිජිටල් සහතිකය මුද්‍රණය කරගැනීමටද ඔබට හැකිය.

එසේ නැත්නම් 1800 653 809 අංකයෙන් Australian Immunisation Register (AIR) වෙත කතා කර ඔබේ සහතිකයේ පිටපතක් ඔබට තැපැල් කරන ලෙස ඉල්ලා සිටීමට හැකිය.

මේ සඳහා අවම වශයෙන් දින 14 ක් ගත වේ.

Medicare නොමැති පුද්ගලයින් කුමක් කළ යුතුද?

ඔස්ට්‍රේලියාවේ Medicare නොමැති පුද්ගලයින්ටද COVID-19 ඩිජිටල් සහතිකය ලබාගත හැකිය.

ඒ සඳහා ඔබට Individual Healthcare Identifier (IHI) සේවාවෙන් IHI අංකයක් ලබාගත යුතුය.

ඉන් අනතුරුව ඔබේ myGov ගිණුම හරහා Individual Healthcare Identifier සේවාවට පිවිස ඔබේ COVID-19 ඩිජිටල් සහතිකය ලබාගත හැකිය.

Service NSW හෝ Service Victoria app වලට එය සම්බන්ධ කරගැනීමට ඔබට ඉහත සඳහන් කළ පියවරම අනුගමනය කළ හැකිය.

විදෙස් ගත වන විට කුමක් කළ යුතුද?

ඔස්ට්‍රේලියාවේ පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබාගත් පුද්ගලයින්ට දැන් කොවිඩ් එන්නත පිළිබඳ ජාත්‍යන්තර සහතිකයක් සඳහා ඉල්ලුම් කළ හැකිය.

ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රලාභීන්ට සහ ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රලාභීන්ට තමන් කොවිඩ් එන්නත ලබා ඇති බවට Australian Immunisation Register (AIR) හි ඇති සාක්ෂි මෙහිදී ලබාගත හැකිය.

අයදුම්කරුවන්ට myGov ගිණුම හරහා Medicare  ගිණුමට පිවිසීමෙන් හෝ Medicare Express app එක හරහා හෝ නොමිලේ මෙම ජාත්‍යන්තර සහතිකය ලබා ගත හැකිවේ.

මෙය ඔබට ඩිජිටල් සහතිකයක් ලෙස download කරගැනීමට හෝ මුද්‍රණය කරගැනීමට හෝ හැකිය.

එය International Air Transport Association (IATA) හෙවත් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ සංචාරක ගමන් බලපත්‍රය වැනි COVID-19 travel apps සමඟ අනුකූල වේ.

Share
Published 20 October 2021 4:47pm
Updated 12 August 2022 3:01pm
By Emma Brancatisano, Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends