ඔස්ට්‍රේලියාවට පැමිණෙන වීසා ලාභීන් ගත යුතු කොවිඩ් එන්නත් වර්ග මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිලාභීන්ට පසුව ජාත්‍යන්තර සිසුන් ඇතුළු අනෙකුත් ඔස්ට්‍රේලියානු වීසා ලාභීන් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට වරම් ලැබෙනු ඇතැයි බොහෝ ජාත්‍යන්තර සිසුන් ඇතුළු අනෙකුත් ඔස්ට්‍රේලියානු වීසා ලාභීහු අපේක්ෂා කරති.

International travel vaccination certificates will be available on MyGov this week

International travel vaccination certificates will be available on MyGov this week Source: SBS News

වසා දමා ඇති ඔස්ට්‍රේලියාවේ දේශ සීමා එළඹෙන නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වන බව පසුගිය සිකුරාදා (01/10) ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison නිවේදනය කළේය.

එහිදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස් ලබාගත යුතුව ඇති කොවිඩ් එන්නත් පිළිබඳවද අනාවරණය කෙරුණි.


Highlights

  • එළඹෙන නොවැම්බර් මාසයේ සිට කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිලාභීන්ට විදෙස් සංචාර සඳහා යාමට අවසර ලැබේ.
  • මේ වන විට ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය මගින් Pfizer, AstraZeneca සහ Moderna කොවිඩ් එන්නත් අනුමත කර ඇත.
  • ඊට අමතරව ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින් සඳහා Johnson & Johnson, Sinovac සහ Covishield එන්නත්ද ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කර ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියානු දේශ සීමා යළි විවෘත කිරීම

පසුගිය වසරේ මාර්තු මාසයේදී කොවිඩ් වසංගතය පාලනය කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළේය.

එම තහනම විටින් විට දීර්ග කෙරුණු අතර මේ වන විට එය මේ වසරේ දෙසැම්බර් මාසය තෙක් ක්‍රියාත්මක වෙමින් පවතී.

කෙසේවෙතත්, එළඹෙන නොවැම්බර් මාසයේ සිට කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිලාභීන්ට විදෙස් සංචාර සඳහා යාමට අවසර ලැබෙන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පැවසීය.

එසේම එන්නත් ලබා නොගත් සහ ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනයේ අනුමැතිය නොලද කොවිඩ් එන්නත ලබා ඇති ඔස්ට්‍රේලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිලාභීන් වෙතොත් ඔවුන් ඔස්ට්‍රේලියාවට පැමිණිමේදී දින 14 ක් අනිවාර්යෙන් හෝටල් නිරෝධායනයේ සිටිය යුතුය.

ඔස්ට්‍රේලියානු පුරවැසියන් හෝ ස්ථිර පදිංචිලාභීන් නොවන ජාත්‍යන්තර සිසුන් ඇතුළු අනෙකුත් ඔස්ට්‍රේලියානු වීසා ලාභීන් සඳහා ඔස්ට්‍රේලියාව නැවත විවෘත කිරීම පිළිබඳ තවමත් සලකා බලමින් සිටින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැවසීය.
කෙසේවෙතත්, ජාත්‍යන්තර සිසුන් සහ අනෙකුත් රැකියා වීසා හිමි පුද්ගලයින් ඔස්ට්‍රේලියාවට ඉතා වැදගත් බව ද මධ්‍යම රජය සඳහන් කළේය.

ඔස්ට්‍රේලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිලාභීන්ට පසුව ජාත්‍යන්තර සිසුන් ඇතුළු අනෙකුත් ඔස්ට්‍රේලියානු වීසා ලාභීන් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට වරම් ලැබෙනු ඇතැයි බොහෝ ජාත්‍යන්තර සිසුන් ඇතුළු අනෙකුත් ඔස්ට්‍රේලියානු වීසා ලාභීහු අපේක්ෂා කරති.
Australian Prime Minister Scott Morrison says while the UN summit in Glasgow is important, he is unlikely to attend the event in-person.
Australian Prime Minister Scott Morrison Source: AAP

ඔස්ට්‍රේලියාවට පැමිණීමට ගත යුතු කොවිඩ් එන්නත් වර්ග

දේශ සීමා යළි විවෘත කළ පසු ඔස්ට්‍රේලියානු පුරවැසියන් හෝ ස්ථිර පදිංචිලාභීන් නොවන ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස් වේනම් ඔවුන් ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය මගින් අනුමත කර ඇති කොවිඩ් එන්නත් වර්ගවලින් එකක් ලබාගත යුතුව පවතින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැවසීය.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය මගින් Pfizer, AstraZeneca සහ Moderna කොවිඩ් එන්නත් අනුමත කර තිබේ.
ඊට අමතරව ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින් සඳහා Johnson & Johnson, Sinovac සහ Covishield එන්නත්ද ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කර ඇති බව සඳහන්.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින් සඳහා කොවිඩ් එන්නත් වර්ග 6 කට මේ වන විට ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමැතිය ලබා දී තිබේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රසාදය

Sinovac සහ CovidShield කොවිඩ් එන්නත් ලබාගත් පුද්ගලයින්වද ඔස්ට්‍රේලියාවට බාරගැනීමට ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමැතිය හිමිකරදීම පිළිබඳ බොහෝ ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රසාදය හිමිවී ඇත.

Sinovac එන්නත සඳහා අනුමැතිය හිමිවීමෙන් චීනයේ සහ අග්නිදිග ආසියාවේ සිටින ජාත්‍යන්තර සිසුන් ද CovidShield එන්නත සඳහා අනුමැතිය හිමිවීමෙන් ඉන්දියාවේ සිටින ජාත්‍යන්තර සිසුන් ද බොහෝ සෙයින් සතුටට පත්වී ඇති බව වාර්තා වේ.

විශේෂයෙන් Sinovac එන්නත සඳහා අනුමැතිය ලබා නොදුනහොත් චීනයේ කිසිවෙකුත් ඔස්ට්‍රේලියාවට නොපැමිණෙනු ඇතැයි ඔස්ට්‍රේලියාවේ සංචාරක හා ප්‍රවාහන සංසදයේ ප්‍රධාන විධායිකා Margy Osmond, ABC පුවත් වෙත පැවසුවාය.

Share
Published 4 October 2021 7:46pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends