ඔස්ට්‍රේලියාවේ PR ගන්න දකුණු ඔස්ට්‍රේලියා Skilled වීසා වැඩසටහනට අතිරේක වෘත්තීන් 70 ක් (SBS සිංහල/ වාර්තා)

මෙම වෘත්තීන් 70 අද එනම් 2021 සැප්තැම්බර් 28 සිට විවෘත කෙරේ.

Victoria 190 & 490 Visa invitation February round update

Victoria 190 & 490 Visa invitation February round update Source: AAP

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන් සඳහා අතිරේක වෘත්තීන් 70 ක් තම Skilled වීසා වැඩසටහන යටතේ විවෘත කරන බව නිවේදනය කර තිබේ.

මෙය අද (28/09) සිට ක්‍රියාත්මක බව සඳහන්.


 

Highlights

  • ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන් සඳහා මෙම අතිරේක වෘත්තීන් 70 අදාළ වේ.
  • මෙම වෘත්තීන් 70 සැප්තැම්බර් 28 සිට විවෘත කෙරේ.
  • මේ සඳහා අයදුම් කිරීමට අවශ්‍ය අවම සුදුසුකම් ලෙස අදාළ වෘත්තීයට හෝ ඊට සමීප වෘත්තියක අවම වශයෙන් වසර 8 ක රැකියා පළපුරුද්දක් තිබීම සහ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණතාව දක්වා ඇත.

දකුණු ඕස්ට්‍රේලියා Skilled වීසා වැඩසටහනට අතිරේක වෘත්තීන් 70 ක්

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත ආර්ථිකය ගොඩ නැංවීමේ අරමුණින් මෙලෙස දකුණු ඕස්ට්‍රේලියා Skilled වීසා වැඩසටහනට අතිරේක වෘත්තීන් 70 ක් එක් කිරීමට තීරණය කර තිබේ.

මෙම වෘත්තීන් 70 සැප්තැම්බර් 28 සිට විවෘත කෙරේ.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

මේ සඳහා අවශ්‍ය අවම සුදුසුකම් පිළිබඳ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති අතර පහත සඳහන් අවශ්‍යතා අනිවාර්ය වේ.

  • අදාළ වෘත්තීයට හෝ ඊට සමීප වෘත්තියක අවම වශයෙන් වසර 8 ක රැකියා පළපුරුද්දක් තිබීම
  • ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණතාව
දකුණු ඕස්ට්‍රේලියා Skilled වීසා වැඩසටහනේ සෑම රැකියාවක් සඳහාම සම්පූර්ණ අවශ්‍යතා දකුණු ඕස්ට්‍රේලියාවේ නිපුණතා රැකියා ලැයිස්තුවේ දක්වා ඇත.
çLarge Group of Diverse People with Different Occupations (Getty Images)
Source: Getty Images

දකුණු ඔස්ට්‍රේලියා state nomination

දකුණු ඔස්ට්‍රේලියා state nomination සඳහා අපේක්‍ෂිත අයදුම්කරුවන් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ අවශ්‍යතා, දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිපුණතා රැකියා ලයිස්තුවේ ඇති රැකියාවල නිශ්චිත අවශ්‍යතා සපුරාලිය යුතුය.

අවම වශයෙන් ප්‍රකාශයට පත් කළ අවශ්‍යතා සපුරාලන ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට 2021 සැප්තැම්බර් 28 වනදා අඟහරුවාදා සිට Registration of Interest හෙවත් තම RoI එක යොමු කළ හැකිය.

දකුණු ඔස්ට්‍රේලියා state nomination අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ විස්තර
දකුණු ඔස්ට්‍රේලියා state nomination ලබාදීම තරඟකාරී ක්‍රියාවලියක් බව දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

අවම අවශ්‍යතා සපුරා ඇති වුවද, RoI යොමු කිරීමෙන් පසු state nomination සඳහා ඉල්ලුම් කිරීමට ආරාධනයක් ලැබීම පිළිබඳ කිසිදු සහතික කිරීමක් සිදු නොකරන බවද ඔවුහු පවසති.

එමෙන්ම අයදුම්කරුවන්ගේ RoI සහ state nomination නොලැබීම පිළිබඳ සහ ආරාධනා නොලැබීම පිළිබඳ විමසීම් වලට පිළිතුරු දීමට ඇති ඉඩ පිළිබඳව ඔවුන්ට නිශ්චිතව යමක් කීමට නොහැකි බවද දන්වා තිබේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


දකුණු ඕස්ට්‍රේලියා Skilled වීසා වැඩසටහනට එක්වූ අතිරේක වෘත්තීන් 70

ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන් සඳහා ප්‍රකාශිත දකුණු ඕස්ට්‍රේලියා Skilled වීසා වැඩසටහනට එක්වූ අතිරේක වෘත්තීන් 70 පහත පරිදි වේ.
South Australia added an additional 70 occupations
Source: www.migration.sa.gov.au
South Australia added an additional 70 occupations
Source: www.migration.sa.gov.au

Share
Published 28 September 2021 12:59pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends