පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවේ වැඩිපුරම PR දී ඇත්තේ ඔස්ට්‍රේලියාව තුළ සිටින අයට බව හෙළිවෙයි (SBS සිංහල/ වාර්තා)

ස්ථිර වීසා ලබාදීමේදී critical sectors and occupations හෙවත් ඔස්ට්‍රේලියාවට වඩා තීරණාත්මක අංශ සහ වෘත්තීන්හි සිටින අයදුම්කරුවන් සහ ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන් කෙරෙහි මූලික අවධානය යොමු කර තිබේ.

It is revealed that last year most of the Australian Permanent visas were delivered to onshore applicants

Source: Getty Images

නැවත එක්වීමට බලාපොරොත්තු වන යුවල සඳහා ඔස්ට්‍රේලියානු වීසා 72,000 කට වැඩි ප්‍රමාණයක් සැකසීම තුළින් වසර 25 කට වැඩි කාලයක් තුළ ක්‍රියාත්මක වූ විශාලතම Partner වීසා වැඩසටහන සිදුකිරීමට 2020-21 සංක්‍රමණ වැඩසටහන යටතේ හැකියාව ලැබුණු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු, පුරවැසිභාවය, සංක්‍රමණික සේවා සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ 2020-21 සංක්‍රමණ වැඩසටහනේ සම්පුර්ණ වීසා කෝටාව 160,000 ක් විය.
  • නමුත් 160,052 ක් වීසා ප්‍රමාණයක් එම වසරට අදාලව පිරිනමා ඇති බවත් ඉන් බහුතරය ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන් බවත් වාර්තා වේ.
  • ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ ආයෝජනය මෙහෙයවන skilled වීසා සඳහා නොකඩවා ප්‍රමුඛතාවය දෙන බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.

ඔස්ට්‍රේලියාවේ 2020-21 සංක්‍රමණ වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ 2020-21 සංක්‍රමණ වැඩසටහනේ සම්පුර්ණ වීසා කෝටාව 160,000 ක් වූ නමුත් 160,052 ක් වීසා පිරිනමා ඇති බව අමාත්‍ය Alex Hawke ගේ නිවේදනයේ දැක්වේ.

එයින් බහුතරයක් අයදුම්කරුවන් ඔස්ට්‍රේලියාව තුළ සිට අයදුම් කළ පුද්ගලයින් වේ.

ඔස්ට්‍රේලියාවේ 2019-20 සංක්‍රමණ වැඩසටහනේදී පිරිනමා ඇති වීසා ප්‍රමාණය 140,366 ක් බවත් ඒ අනුව 2020-21 වසරේදී 19,686 ක ප්‍රමාණයකට වැඩිපුර ස්ථිර වීසා පිරිනමා ඇති බවත් දැක්වේ.
අදාළ වීසා සැකසීමේදී critical sectors and occupations හෙවත් ඔස්ට්‍රේලියාවට වඩා තීරණාත්මක අංශ සහ වෘත්තීන්හි සිටින අයදුම්කරුවන් සහ ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන් කෙරෙහි මූලික අවධානය යොමු කර තිබේ.

එහිදී Skill ධාරාවේ වීසාවලින් 71.2% ක් සහ Family ධාරාවේ වීසාවලින් 64.8% ක් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ලබාදී ඇත.

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් වසංගතයට ප්‍රතිචාර දැක්වීමට සහය දැක්වීම සඳහා ඔස්ට්‍රේලියානු හාම්පුතුන්ට තම ව්‍යාපාර පවත්වා ගෙන යාමට සහ ඔස්ට්‍රේලියාව කොවිඩ් වසංගතයෙන් ගොඩ ගැනීමට අවශ්‍ය සේවකයින් බඳවා ගැනීමට හැකි වීම සඳහා 2019-20 සංක්‍රමණ වැඩසටහනේ skilled වීසා ලබාදුන් බව වාර්තා වේ.
Immigration to Australia, Migration to Australia, Australian Work Visa
تحديثات فيروس كورونا: نيو ساوث ويلز تبدأ في التعافي وفيكتوريا تعاني Source: Pexels

Skilled වීසා සඳහා නොකඩවා ප්‍රමුඛතාවය

කොවිඩ් වසංගතය විසින් ගෙන ආ විවිධ අභියෝග හමුවේ වුවද ඔස්ට්‍රේලියාවේ 2020-21 සංක්‍රමණ වැඩසටහන සාර්ථක වූ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.

"ඔස්ට්‍රේලියාවේ හොඳින් කළමනාකරණය කරන ලද සංක්‍රමණ වැඩසටහන මගින් ආර්ථිකය යළි ගොඩගැනීම, රැකියා උත්පාදනය සහ ඔස්ට්‍රේලියානුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම යන ප්‍රතිඵල ලබා දී තිබෙනවා." යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළේය.
ඔස්ට්‍රේලියාවේ 2021-22 සංක්‍රමණ වැඩසටහනේ දී ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට සහ ශුද්ධ විදේශ සංක්‍රමණය ස්ථාවර කිරීමට උපකාරී වන වීසා කාණ්ඩ කෙරෙහි තවදුරටත් අවධානය යොමු කරන බවද අමාත්‍ය Alex Hawke සඳහන් කළේය.

ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ ආයෝජනය මෙහෙයවන skilled වීසා සඳහා නොකඩවා ප්‍රමුඛතාවය දෙන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් පැන නගින අවිනිශ්චිත සෞඛ්‍ය, දේශසීමා සහ ආර්ථික තත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහන තුළ අඛණ්ඩ නම්‍යතාවයක් පවතින බවද ඔහු පැහැදිලි කළේය.
Alex Hawke - Minister for Immigration, Citizenship, Migrant Services and Multicultural Aff​airs
Alex Hawke - Minister for Immigration, Citizenship, Migrant Services and Multicultural Affairs Source: AAP Image/Mick Tsikas

ඔස්ට්‍රේලියාවේ 2021-22 සංක්‍රමණ වැඩසටහන

2021-22 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව සහ ප්‍රාන්ත හා ටෙරිටරිවල සංක්‍රමණික වැඩසටහන් වෙනුවෙන් අදාළ සංක්‍රමණික කෝටාවන් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව පසුගිය මුල්‍ය වර්ෂයේ මෙන්ම මෙවරද ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව 160,000 ක් ලෙස නොවෙනස්ව පවතින නමුත් ප්‍රාන්ත හා ටෙරිටරි සංක්‍රමණික කෝටාවන් හි යම් සංශෝධන සිදුවී ඇත.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share
Published 24 September 2021 7:13pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends