ඕස්ට්‍රේලියාවේ Orphan Relative Visa පිලිබඳ තොරතුරු SBS සිංහල වෙතින්

Orphan Relative Visa (subclass 117) යනු ඕස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින සංක්‍රමණිකයින් සඳහා ඇති වීසා කාණ්ඩ වලින් එකකි. මෙම වීසා බලපත්‍රය සඳහා සුදුසුකම් ලබන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙම ලිපියේ අන්තර්ගත වේ.

Mtoto akumbatiwa katika uwanja ndege

Mtoto akumbatiwa katika uwanja ndege Source: Getty Images/Symphonie

Highlights
  • Orphan Relative Visa සඳහා කා හට අයදුම් කල හැකිද?
  • අනුග්‍රාහකයකු විය හැක්කේ කා හටද?
  • Orphan Relative Visa බලපත්‍රයේ පවතින ප්‍රතිලාබ
වෙනත් ඕනෑම ඕස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් මෙන්ම Orphan Relative Visa (subclass 117) යන වීසා බලපත්‍රය සඳහාද සපුරාලිය යුතු නිශ්චිත අවශ්‍යතා මාලාවක් පවතී.

දෙමාපියන් මියගියහොත්, දෙමාපියන් හට රැකබලාගැනීමට හැකියාවක් නොමැතිනම් සහ දෙමාපියන් සොයාගැනීමට නොහැකි වුවහොත් එවැනි ළමුන් හට ඕස්ට්‍රේලියාවේ වෙසෙන තම ඥාතීන් වෙත පැමිණීමට මෙම වීසා කාණ්ඩය ඔස්සේ ඉඩ සලසයි.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


Portrait of Armenian boy - stock photo
Source: Getty Images/Anna Efetova
Orphan Relative Visa සඳහා කා හට අයදුම් කල හැකිද?

සිඩ්නි හි Shada Migration and Education Services හි ආගමන නියෝජිතවරයකු වශයෙන් Mohammad Reza කටයුතු කරයි. ඔහු පෙන්වා දෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් පිටත ජීවත් වන සහ ඔවුන් රැකබලා ගත හැකි දෙමාපියන් හෝ භාරකරුවෙකු නොමැති වයස 18 අඩු ළමුන් සඳහා මම වීසා කාණ්ඩය විශේෂයෙන්ම නිර්මාණය කොට ඇති බවයි.

අනුග්‍රාහකයකු විය හැක්කේ කා හටද?

Orphan Relative visa කාණ්ඩය සඳහා සුදුසුකම් ලැබීමට දරුවා ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටිය යුතු අතර සුදුසුකම් ලත් ඥාතියෙකු විසින් අනුග්‍රහය දැක්විය යුතු වෙයි.

සිඩ්නි හි Visayab Migration හි සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන සංක්‍රමණ නියෝජිත ආචාර්ය Sirous Ahmadi පවසන්නේ මෙම වීසා බලපත්‍රය සඳහා අනුග්‍රාහකත්වය දැරීමට නම් එම පුද්ගලයා, ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු , සුදුසුකම් ලත් නවසීලන්ත පුරවැසියෙකු හෝ ඕස්ට්‍රේලියානු ස්ථිර වීසා බලපත්‍රයක් හිමි අයකු විය යුතු බවයි.

එමෙන්ම අනුග්‍රාහකයා වයස අවුරුදු 18වඩා වැඩි විය යුතු අතර අදාළ දරුවාගේ ඥාතියකුද විය යුතු වෙයි. 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කොට සිටින්නේ ඥාතියකු යනු සහෝදර සහෝදරියන්, සුලු සහෝදර සහෝදරියන්, ආච්චි හෝ සීයා ,සුලු ආච්චි හෝ සීයා, නැන්දා හෝ මාමා, සුලු නැන්දා හෝ සුලු මාමා, තම ඥාතියාගේ වත්මන් සහකරු හෝ සහකාරිය විය හැකි බවයි.

කෙසේ නමුත් මේ සඳහා අනුග්‍රාහකයාට අවශ්‍යතා කිහිපයක් සපුරාලිය යුතු බව සඳහන් කරන Azimi පෙන්වා දෙන්නේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මෙම අනුග්‍රහය අනුමත කළ යුතු අතර පොලිස් චරිත සහතිකයක් ද ඉල්ලා සිටිය හැකි බවයි. එමෙන්ම අනුග්‍රාහකයා හට යම් ලෙසකින් ළමුන් සම්බන්ද වැරදි පිළිබඳව චෝදනා පවතී නම් එය ප්‍රතික්ෂේප විය හැක.
International arrivals
Source: AAP

Orphan Relative Visa බලපත්‍රයේ පවතින ප්‍රතිලාබ

Orphan Relative Visa බලපත්‍රයේ ප්‍රතිලාබ කිහිපයක් පවතින බව ආචාර්ය Ahmadi පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙය ස්ථිර වීසා බලපත්‍රයක් වන බැවින් දරුවා හට දින නියමයක් නොමැතිව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට හැකියාව හිමි වන අතරම මෙම වීසා බලපත්‍රය මත සිටින දරුවා හට ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් අනතුරුව ඉගෙනුම් කටයුතු හෝ රැකියා කටයුතුද සිදු කල හැකි බවයි.
Airport Hug
Source: AAP
එමෙන්ම මෙම ළමුන් හට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය යෝජනා ක්‍රමයට හෝ Medicare සඳහා ලියාපදිංචි වීමට හැකි වේ. තවද මෙවැනි Orphan Relative Visa බලපත්‍රලාභීන් හට තම සෙසු ඥාතීන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමටද හැකියාව පවතින අතර සුදුසුකම් සැපිරූ පසු ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කල හැක.

වීසා අයදුම්පතක් හෝ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයෙකු සොයා ගැනීම සම්න්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා .


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

Share
Published 21 November 2021 8:57pm
Updated 12 August 2022 3:01pm
By Peyman Jamali, Nipuna Dodangoda


Share this with family and friends