ජාත්‍යන්තර සිසුන්ට නිරෝධායනය නොවී මෙල්බර්න් වෙත පැමිණීමට අවස්ථාව (SBS සිංහල/ වාර්තා)

වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ට නිරෝධායනය වීම අනවශ්‍ය බව ප්‍රාන්ත රජය නිවේදනය කරයි.

International students

Source: Getty Images/supersizer

ජාත්‍යන්තර සිසුන් යළි වික්ටෝරියා ප්‍රාන්තයට ගෙන්වා ගැනීමේ ප්‍රාන්ත රජයේ සැලසුම යටතේ පැමිණෙන ජාත්‍යන්තර සිසුන් නිරෝධායනය වීම අවශ්‍ය නොවන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසයි.

වික්ටෝරියා ප්‍රාන්ත රජයේ වෙළෙඳ අමාත්‍ය Martin Pakula විසින් මේ බව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.


Highlights

  • වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද අය විය යුතුය.
  • එලෙස ලබාගෙන ඇති කොවිඩ් එන්නත් ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක අධිකාරියේ අනුමැතිය ලද හෝ පිළිගත් හෝ කොවිඩ් එන්නත් විය යුතුය.
  • එමෙන්ම තම රටින් පිටවීමට පැය 72 කට පෙර PCR පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල ඍණාත්මක බවටද අදාළ සිසුන් සනාථ කළ යුතුය.

වික්ටෝරියා ප්‍රාන්තයට එන ජාත්‍යන්තර සිසුන්ට නිරෝධායනය වීම අනවශ්‍යයි

ජාත්‍යන්තර සිසුන්ව යළි ගෙන්වා ගැනීමට වික්ටෝරියා ප්‍රාන්තයද මේ වන විට සූදානම් වේ.

ඒ සඳහා වන සැලසුමක් මීට පෙර වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට ලබා දුන්නේය.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඒ අනුව එම සැලැස්ම යටතේ වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ට නිරෝධායනය වීම අනවශ්‍ය බව ප්‍රාන්ත රජය නිවේදනය කරයි.

නමුත් ඔවුන් ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමත කළ හෝ පිළිගෙන ඇති හෝ කොවිඩ් එන්නතක මාත්‍රා දෙකම ලබා තිබිය යුතුය.
එමෙන්ම තම රටින් පිටවීමට පැය 72 කට පෙර PCR පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල ඍණාත්මක බවටද අදාළ සිසුන් සනාථ කළ යුතුය.

ඊට අමතරව ඔවුන් වීසා සහ travel exemptions ඇතුළුව ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී මධ්‍යම රජය දක්වා ඇති අවශ්‍යතාවලට ද අනුකූල විය යුතුය.
International students
Source: Getty Images/SDI Productions

වික්ටෝරියා ප්‍රාන්තයට ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමේ සැලසුම

මෙම සැලසුම යටතේ ජාත්‍යන්තර සිසුන්ගේ පළමු කණ්ඩායම දෙසැම්බර් මාසයේදී ගෙන්වා ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

තම උපාධි පාඨ මාලා නොකඩවා කරගෙන යාම සඳහා හෝ සම්පූර්ණ කිරීම සඳහා ප්‍රායෝගික අධ්‍යන කටයුතු සිදුකිරීමට අවශ්‍ය සිසුන්ට සහ පශ්චාත් උපාධි පර්යේෂණ සිසුන්ට එම කණ්ඩායමට එක්වීමට අවස්ථාව හිමිවේ.

එහිදී සෞඛ්‍ය හා වෛද්‍ය ක්ෂේත්‍රවල සිසුන්ට ප්‍රමුඛතාවය ලබාදෙනු ඇත.

මෙම සැලසුමේ පළමු අදියර යටතේ විශ්ව විද්‍යාලවලට ලියා පදිංචිවී සිටින ජාත්‍යන්තර සිසුන් 120 ක් බැගින් සෑම සතියකම වික්ටෝරියා ප්‍රාන්තයට ගෙන්වා ගැනීමට අදහස් කර ඇත.
වික්ටෝරියානු ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතන සමඟ ලියාපදිංචි වී ඇති ජාත්‍යන්තර සිසුන් 49,000 ක් පමණ දේශසීමා වසා දැමීම හේතුවෙන් මේ වන විට ඔස්ට්‍රේලියාවෙන් පිටත රැඳී සිටින අතර 70,000 ක් පමණ දැනට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටිති.

ජාත්‍යන්තර සිසුන් යනු වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකයට ඩොලර් බිලියන 13.7 ක උපරිම දායකත්වයක් සපයන කොවිඩ් වසංගතයට පෙර වික්ටෝරියානු ප්‍රාන්තයේ රැකියා 79,000 ක් පමණ පියවූ තීරණාත්මක පිරිසකි.

මේ වන විට ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින ජාත්‍යන්තර සිසුන් සමඟ සම්බන්ධව සිටීමට, වික්ටෝරියානු ප්‍රාන්ත රජය Shanghai, Kuala Lumpur සහHo Chi Minh නගරවල සහ ඉන්දියාවේ සහ ලතින් ඇමරිකාවේ Study Melbourne මධ්‍යස්ථාන පිහිටුවා ඇත.
International students in Australia
Source: AAP

ඔස්ට්‍රේලියාව විසින් අනුමැතිය ලබා දුන් හෝ පිළිගත් හෝ කොවිඩ් එන්නත්

ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් කොවිඩ් එන්නත් කිහිපයක් සඳහා අනුමැතිය ලබා දී ඇති අතර තවත් එන්නත් කිහිපයක් පිළිගෙන තිබේ.

ඒ පිළිබඳ සම්පුර්ණ විස්තරයක් පහත ලිපියෙන් ලබාගත හැකිය.

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share
Published 22 November 2021 11:44am
Updated 22 November 2021 7:49pm
By Madhura Seneviratne

Share this with family and friends