ඉදිරි මාස 12 තුළ ඔස්ට්‍රේලියාවට ත්‍රස්ත ප්‍රහාරයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් (SBS සිංහල/ වාර්තා)

ආගමික වශයෙන් අභිප්‍රේරිත අන්තවාදීන් මෙන්ම ජාතිවාදී සහ වර්ගවාදී අදහස් දරන අන්තවාදීන් විසින් මෙහෙයවන අන්තවාදය වර්ධනය වන නිසා ඔස්ට්‍රේලියාවේ ත්‍රස්තවාදී තර්ජන මට්ටම "probable" හෙවත් "විය හැකියි" යන මට්ටමේ පවතින බව ඔහු පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවේ පවසා තිබේ.

Director-General of ASIO, Mike Burgess appears before a Senate inquiry at Parliament House in Canberra.

Director-General of ASIO, Mike Burgess appears before a Senate inquiry at Parliament House in Canberra. Source: AAP

ඉදිරි මාස 12 තුළ ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත ප්‍රහාරයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් කර තිබේ.

ASIO හෙවත් ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Mike Burgess මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.


Highlights

  • ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක වන අන්තවාදය පිළිබඳ සිදුකෙරෙන පාර්ලිමේන්තු විමර්ශනය හමුවේ ඔහු මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.
  • එම ප්‍රහාරය ඕනෑම ideology එකකින් හෙවත් දෘෂ්ටිවාදයකින් පැමිණිය හැකි බවට ASIO ප්‍රධානියා පැවසීය.
  • තරුණ ඔස්ට්‍රේලියානුවන් ජාතිකවාදී රැඩිකල්කරනයට ගොදුරු විය හැකි බව ද ඔහු අවධාරණය කළේය.

ඔස්ට්‍රේලියාවට ත්‍රස්ත ප්‍රහාරයක්?

ඉදිරි මාස 12 තුළ ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත ප්‍රහාරයක් ඇතිවිය හැකි බවට ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Mike Burgess විසින් අනතුරු අඟවා තිබේ.

ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක වන අන්තවාදය පිළිබඳ සිදුකෙරෙන පාර්ලිමේන්තු විමර්ශනය හමුවේ ඔහු මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.

ආගමික වශයෙන් සහ දෘෂ්ටිවාදාත්මකව (ideologically) උනන්දු කෙරෙන අන්තවාදයට එරෙහිව ඔස්ට්‍රේලියාවේ සූදානම කෙලෙසදැයි එම පාර්ලිමේන්තු විමර්ශනයෙන් විමසා බලයි.

ආගමික වශයෙන් උනන්දු කෙරෙන අන්තවාදීන් මෙන්ම ජාතිවාදී සහ වර්ගවාදී අදහස් දරන අන්තවාදීන් විසින් මෙහෙයවන අන්තවාදය වර්ධනය වන නිසා ඔස්ට්‍රේලියාවේ ත්‍රස්තවාදී තර්ජන මට්ටම "probable" හෙවත් "විය හැකියි" යන මට්ටමේ පවතින බව ඔහු පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවේ පවසා තිබේ.

"ඉදිරි මාස 12 තුළ ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා, එය ඕනෑම ideology එකකින් හෙවත් දෘෂ්ටිවාදයකින් පැමිණිය හැකියි." යනුවෙන් ඔහු එහිදී පාර්ලිමේන්තු විමර්ශනය හමුවේ කියා සිටියේය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ඉහත පාර්ශව ද්විත්වයටම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීමට හැකියාව ඇති අතර අප අවධානය යොමු කරනුයේ එතැනට බව ද ඔහු ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියාව තුළ දක්ෂිනාංශික අන්තවාදයේ නැගී ඒමේ තර්ජනය පිළිබඳ විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු විමර්ශන කමිටුවක අවශ්‍යතාව කම්කරු පක්ෂෙය් ඉදිරි පෙළ මන්ත්‍රිනී Kristina Keneally කළ යෝජනාවක් අනුව මෙම  පාර්ලිමේන්තු විමර්ශනය ආරම්භ කෙරුණි.

සුන්නි මුස්ලිම් කණ්ඩායම් පදනම් කරගත් ප්‍රචණ්ඩ අන්තවාදීන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයේ  ප්‍රධාන  අවධානය යොමුවී ඇති බවද එම විමර්ශනයේදී හෙළි කෙරුණි.

ජාතිවාදී සහ වර්ගවාදී අදහස් දරන අන්තවාදීන්ගේ වර්ධනයේ කිසිදු අඩුවක් නොපෙන්වන බව සැලකිල්ලට ගන්නා බරපතල හේතුවක් බවද ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Mike Burgess පැවසීය.
Shadow Minister for Home Affairs Kristina Keneally at a press conference at Parliament House in Canberra, Thursday, 11 February, 2021.
Shadow Minister for Home Affairs Kristina Keneally Source: AAP

තරුණයින් ප්‍රධාන ඉලක්කය බවට පත්වෙයි

තරුණ ඔස්ට්‍රේලියානුවන් ජාතිකවාදී රැඩිකල්කරනයට ගොදුරු විය හැකි බව ද ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Mike Burgess අවධාරණය කළේය.

එලෙස ඔවුන්ට හසුවන තරුණ ප්‍රජාවගේ වයස සාමාන්‍යයෙන් අවුරුදු 25 ක් වේ.

ජාතිවාදී සහ වර්ගවාදී අදහස් හා මතවාද ඔස්ට්‍රේලියානු ජනගහනයේ කොටස් සමඟ අඛණ්ඩව සම්බන්ධ වන බව ද ඔහු පැවසීය.

Ideological-extremism term හෙවත් දෘෂ්ටිවාදාත්මක-අන්තවාදීන් හඳුන්වාදීමට ASIO විසින් සම්මත කරන ලද පැහැදිලි කිරීම ඔස්ට්‍රේලියාවේ සහ ලොව පුරා සිටින දක්ෂිනාංශික අන්තවාදී කණ්ඩායම් වලටද අදාළ වේ.

මෙම දක්ෂිනාංශික අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් නිසා ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයේ එතෙක් තුනෙන් එකක් පමණක් පැවති වැඩකොටස මේ වන විට 40% දක්වා වැඩිවී ඇත.

මෙම ආකාරයේ ප්‍රචණ්ඩ අන්තවාදී තර්ජන ඉක්මනින් අඩු නොවනු ඇති බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Mike Burgess පැවසීය.
Director-General of ASIO, Mike Burgess
Director-General of ASIO, Mike Burgess Source: AAP/MICK TSIKAS

ප්‍රථම වතාවට දක්ෂිණාංශික අන්තවාදී කණ්ඩායමක් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරයි

ඔස්ට්‍රේලියාව ප්‍රථම වතාවට පසුගිය මාසයේදී දක්ෂිණාංශික අන්තවාදී කණ්ඩායමක් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළේය.

අපරාධ නීති සංග්‍රහය යටතේ ඔස්ට්‍රේලියාව තුළ Sonnenkrieg Division දක්ෂිණාංශික අන්තවාදී කණ්ඩායම, ත්‍රස්ත සංවිධානයක් ලෙස ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton විසින් නම් කර තිබේ.

ඊට පෙර දක්ෂිණාංශික අන්තවාදී කණ්ඩායමක් තහනම් නොකළ Five Eyes නමැති බුද්ධි සන්ධානයේ එකම සාමාජික රට ඔස්ට්‍රේලියාව විය.

එවැනි කණ්ඩායම් ත්‍රස්ත සංවිධාන ලෙස නම් කිරීමෙන් එවැනි කණ්ඩායම් වලට එකතුවන සහ එම මත පතුරවන පුද්ගලයින් වෙත විශාල පණිවිඩයක් ලබාදෙන බවද ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Mike Burgess පැවසීය.

නමුත් ප්‍රචණ්ඩ ක්‍රියා නැවත්වීමට එය සම්පූර්ණ විසඳුමක් නොවන බවද ඔහු අවධාරණය කළේය.

වර්තමාන සහ අනාගතයේ පැන නැගෙන ත්‍රස්තවාදී තර්ජන සඳහා ඔස්ට්‍රේලියාවේ පවතින නීති සුදුසු ද යන්න පිළිබඳ මෙම  පාර්ලිමේන්තු විමර්ශනයේදීසලකා බලෙන එක් ප්‍රධාන කරුණකි.

රැඩිකල්කරනය වැළැක්වීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත විරෝධී උපායමාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සංශෝධන අවශ්‍යද යන්න සලකා බැලීම එහි තවත් කරුණක් බව සඳහන්.

Share
Published 29 April 2021 4:12pm
Updated 12 August 2022 3:04pm
By Tom Stayner, Madhura Seneviratne


Share this with family and friends