ඔස්ට්‍රේලියාවේ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම අඩු වන්නේ කවදා සිටද? (SBS සිංහල/ වාර්තා)

පාරිභෝගික මිල දර්ශකයට (CPI) අනුව 2021 දෙසැම්බර් කාර්තුව දක්වා මාස 12 තුළ ඔස්ට්‍රේලියාවේ උද්ධමන අනුපාතය 3.5% කින් වැඩි විය.

The increased cost of living continues to place more pressure on Australians.

The increased cost of living continues to place more pressure on Australians. Source: SBS

මේ වන විට ඔස්ට්‍රේලියාවේ සහ ලොව පුරා ජීවන වියදම ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.

ඉන්ධනවල, සිල්ලර බඩුවල මිල ඉහළ යාම, වෙනත් ප්‍රාන්තයකට හෝ රටකට ගුවන් ටිකට්පත්වල මිල ඉහළ යාම, මේ සියල්ල 2020 මුල් භාගයේ කොවිඩ් වසංගතය ආරම්භ වූ දාට වඩා ඔස්ට්‍රේලියානුවාසීන්ගේ මුදල් පසුම්බියට දැඩි බලපෑමක් ඇති කරයි.

ලැව්ගිනි, COVID-19, නියඟය සහ ගංවතුර වැනි අර්බුදවලින් ඔස්ට්‍රේලියාව ගොඩ ඒමට පටන් ගන්නා විට, ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම විශාල ලෙස ඉහළ ගොස් ඇත්තේ ඇයිදැයි බහුතරයක් දෙනා අසන ප්‍රශ්නයකි.


Highlights

  • උද්ධමන අනුපාතය වැඩිවීම ඔස්ට්‍රේලියාවේ COVID-19 නීති හා සීමා කිරීම් වලින් මතුවූ එකක් බව AMP Capital හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ පැවසීය.
  • 2015-16 ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන වියදම් සමීක්ෂණයේ වාර්තා වූ පරිදි ආහාර සහ මධ්‍යසාර නොවන පාන වර්ග සඳහා වන පිරිවැය නිවාස පිරිවැයෙන් පසුව පමණක් දෙවැනි විශාලතම ගෘහ වියදම ලෙස වාර්තා විය.
  • ඇතැම් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසන් වන විට සාමාන්‍ය කෝපි කෝප්පයක් සඳහා ඩොලර් 7ක් දක්වා ගෙවීමට සිදුවනු ඇත.

එම ප්‍රශ්නයට සරල පිළිතුරක් තිබේද?

ඒ සඳහා කෙටි පිළිතුර උද්ධමනය වන නමුත් එය එතරම් සරල නැත.

පාරිභෝගික මිල දර්ශකයට (CPI) අනුව 2021 දෙසැම්බර් කාර්තුව දක්වා මාස 12 තුළ ඔස්ට්‍රේලියාවේ උද්ධමන අනුපාතය 3.5% කින් වැඩි විය.

උද්ධමන අනුපාතය වැඩිවීම ඔස්ට්‍රේලියාවේ COVID-19 නීති හා සීමා කිරීම් වලින් මතුවූ එකක් බව AMP Capital හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Shane Oliver පැවසීය.

"කොවිඩ් වසංගතය ඇති කාලයේ අපට සේවා සඳහා වියදම් කිරීමට නොහැකි වුණා. එනිසා එම භාණ්ඩ නිෂ්පාදනය සහ සැපයුම සීමා වී ඇති අවස්ථාවක අපි අපගේ සියලු මුදල් භාණ්ඩ සඳහා වියදම් කළා." යනුවෙන් Shane Oliver SBS ප්‍රවෘත්ති සේවයට පැවසීය.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු අදාළ බාධා කිරීම ඉහළ මට්ටමකට ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.
Consumer Pulse Report predicts groceries, petrol and rent would be main concern for Aussie families in 2022
Source: Getty

සිල්ලර භාණ්ඩ

2015-16 ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන වියදම් සමීක්ෂණයේ වාර්තා වූ පරිදි ආහාර සහ මධ්‍යසාර නොවන පාන වර්ග සඳහා වන පිරිවැය නිවාස පිරිවැයෙන් පසුව පමණක් දෙවැනි විශාලතම ගෘහ වියදම ලෙස වාර්තා විය.

මිල ඉහළ යාමේ වඩාත්ම පීඩාවට පත් නිෂ්පාදන වන්නේ හරක් මස් සහ බැටළු මස් ය.

එමෙන්ම කිරි නිෂ්පාදන මිල ද ඉහළ යනු ඇති බව Bega චීස් සමාගමේ සභාපති Barry Irvin අනතුරු ඇඟවූයේය.
මේ අතර සුපිරි වෙළඳසැලේ භාණ්ඩ මිල ගණන් ඉක්මනින්ම පහත වැටෙන බවක් නොපෙනේ.

එමෙන්ම සුපිරි වෙළඳසැල් රාක්කවල ඇති භාණ්ඩවල මිල ඉදිරි වසර තුළ 3% කින් ඉහළ යා හැකි බව Woolworths සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී Brad Banducci පසුගිය මාසයේ වාර්තාකරුවන්ට අනතුරු ඇඟවූයේය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


කෝපි

ඔස්ට්‍රේලියාවේ කැෆේ හිමිකරුවන්ගේ සහ බැරිස්ටාස් සංගමයේ සභාපති David Parnhamට අනුව ඇතැම් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසන් වන විට සාමාන්‍ය කෝපි කෝප්පයක් සඳහා ඩොලර් 7ක් දක්වා ගෙවීමට සිදුවනු ඇත.

ඔස්ට්‍රේලියාව පුරා ක්‍රියාත්මක කැෆේ තමන්ගේ වැඩිවන කාර්ය පිරිවැය පියවා ගැනීමට උත්සාහ දරමින් සිටින අතර එම වියදම් ඉක්මනින්ම පාරිභෝගිකයින්ගේ බිල්පත්වලට එකතු වීමට ආරම්භ වනු ඇත.

නැව්ගත කිරීමේ බහාලුම් හිඟයෙන් ප්‍රවාහන වියදම් ඉහළ යාම සහ අයහපත් කාලගුණය හේතුවෙන් ලොව පුරා කොළ පැහැති කෝපි ඇටවල මිල ඉහළ යාම  මෙම පිරිවැය ඉහළ යාමට හේතු වී ඇති බවද David Parnham පැවසීය.
Close-up of man in apron serving coffee while standing in coffee shop. Barista giving you a cup of fresh coffee at cafe.
Source: getty images

පෙට්‍රල්

පසුගිය සතිය තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර බොහොමයක පෙට්‍රල් මිල ලීටරයකට ඩොලර් 2 ඉක්මවූ වාර්තාගත මට්ටම්වලට පැමිණ තිබේ.

පසුගිය සතිය තුළ පෙට්‍රල් මිල සඳහා national weekly average හෙවත් ජාතික සතිපතා සාමාන්‍යය 14.9% කින් ඉහළ ගොස් ලීටරයක් ​​ශත 212.5 දක්වා වාර්තාගත ලෙස වැඩිවූ බව සඳහන්.

එමෙන්ම බොරතෙල් මිල ඉහළ යාමත්, බැරලයක් ඩොලර් 135 ට වඩා ඉහළ මට්ටමක පැවතීමත් සමඟ මිල තවත් ඉහළ යා හැකි බව ආර්ථික විද්‍යාඥයින් අපේක්ෂා කරයි.
ලෝකයේ විශාලතම තෙල් අපනයනකරුවන් තිදෙනා අතර සිටින රුසියාවට එරෙහිව රටවල් කිහිපයක් විසින් පැනවූ සම්බාධකවල ප්‍රතිඵල තෙල් මිල ඉහළ යාමට සෘජු බලපෑමක් කර තිබේ.

විනිමය අනුපාත වෙනස් කිරීම්, නැව්ගත කිරීමේ සහ රක්ෂණ වියදම්, වරාය ගාස්තු සහ පර්යන්ත ගබඩා කිරීම් ගාස්තු ඇතුළු පෙට්‍රල් බවුසරයේ ගාස්තු ඉහළ යාමද පෙට්‍රල් මිල ඉහළ යාමට බලපාන සෙසු සාධක වේ.
Fuel prices are listed at a petrol station in Melbourne, Monday, March 14, 2022.
Fuel prices are listed at a petrol station in Melbourne, Monday, March 14, 2022. Source: AAP

ජාත්‍යන්තර සංචාර

තෙල් මිල ඉහළ යාමක් අනිවාර්යයෙන්ම අනෙකුත් භාණ්ඩ හා සේවාවලට බලපාන අතර ගමන් බිමන් ද ඉන් එකකි.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ගුවන් සමාගම්වල වියදම් ඉහළ යාමෙන් අදහස් වන්නේ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ප්‍රවේශපත්‍ර මිල ද ඉහළ යනු ඇති බවය.

සංචාරක වෙබ් අඩවියක් වන Kayak හි දත්ත වලට අනුව, පෙබරවාරි 1 සහ පෙබරවාරි 13 අතර ගුවන් ගමන් මත පදනම්ව economy පන්තියේ ආසන සඳහා මිල ගණන් වසංගතයට පෙර තිබූ මට්ටම් වලට සාපේක්ෂව සාමාන්‍යයෙන් 50% ට වැඩි ය.
Australians should expect more interest rate rises but the risk of recession low, RBA governor says
Source: AAP

මිල ගණන් නැවත පහත වැටේවිද?

භාණ්ඩ ප්‍රවාහනය, ජාත්‍යන්තර නැව්ගත කිරීම සහ ශ්‍රම පිරිවැය අඛණ්ඩව ඉහළ යන බැවින් අනාගතයේදී ජීවන වියදම අධිකව පැවතිය හැකි බව සැපයුම් දාම උපදේශන සමාගමක් වන TMX Global හි විධායක අධ්‍යක්ෂ Marcus Carmont පැවසුවේය.

තෙල් මිල අඩු කළහොත්, ඉන්ධන මිල පහත වැටීමට හේතු වනු ඇති බවත් ඒ හරහා ඔස්ට්‍රේලියානුවන් දිනපතා මුහුණ දෙන විශාල වියදමක් අඩු කළ හැකි බවත් ඔහු පැවසීය.

ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන වර්තමාන ජීවන වියදම බොහෝ දුරට නැගෙනහිර යුරෝපයේ යුද්ධය මත රඳා පවතින නමුත් සම්පූර්ණයෙන්ම එය මත  නොවන බව AMP Capital හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Shane Oliver පැවසීය.

එදිනෙදා භාණ්ඩවල මිල වැඩිවීමේ සැබෑ බලපෑම ඔස්ට්‍රේලියානුවන්ට සම්පූර්ණයෙන්ම දැනෙන්නට මාස හෝ වසර කිහිපයක් ගත විය හැකි බවද Grattan ආයතනයේ ආර්ථික ප්‍රතිපත්ති වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ සහකරු Alex Ballantyne ප්‍රකාශ කළේය.




 

 


Share
Published 21 March 2022 8:00pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends