වංචනික දැන්වීම් පළ කිරීම නිසා ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමෙන් Facebook මව් සමාගමට නඩු (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළත් වංචනික දැන්වීම් ප්‍රකාශයට පත් කිරීමෙන් Meta Platforms ආයතනය ව්‍යාජ, ජනතාව නොමඟ යවන හෝ රැවටිලිකාර ක්‍රියාවල නිරත වූ බවට ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම (ACCC) චෝදනා කරයි.

Cybersecurity experts advise people to limit the amount of personal information they put on social media sites such as Facebook.

Cybersecurity experts advise people to limit the amount of personal information they put on social media sites such as Facebook. Source: AAP

Facebook මව් සමාගම වන Meta Platforms ආයතනයට සහ Meta Platforms Ireland Limited සමාගමට එරෙහිව ෆෙඩරල් අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට Australian Competition & Consumer Commission හෙවත් ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම තීරණය කර තිබේ.

මුදල් ගෙවා අසත්‍ය සහ ජනතාව නොමග යවන සුලු දැන්වීම් පළකර ඇති බවට වන චෝදනා මත එම අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම කටයුතු කර ඇත.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළත් වංචනික දැන්වීම් ප්‍රකාශයට පත් කිරීමෙන් Meta ආයතනය ජනතාව නොමඟ යවන ක්‍රියාවල නිරත වූ බවට ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම (ACCC) චෝදනා කරයි.
  • අදාළ දැන්වීම්වලට සුප්‍රසිද්ධ ව්‍යාපාරික Dick Smith, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන David Koch සහ හිටපු NSW ප්‍රාන්ත අගමැති Mike Baird වැනි සුප්‍රසිද්ධ චරිත යොදාගෙන ඇති බවද සඳහන්.
  • මෙම ව්‍යාජ දැන්වීම් ප්‍රකාශයට පත් කිරීමට වේදිකාව සපයන Meta Platforms ආයතනය මේ සඳහා වගකිව යුතු බව ACCC සභාපති Rod Sims පැවසීය.

Facebook මව් සමාගමට නඩු

ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළත් වංචනික දැන්වීම් ප්‍රකාශයට පත් කිරීමෙන් Meta Platforms ආයතනය ව්‍යාජ, ජනතාව නොමඟ යවන හෝ රැවටිලිකාර ක්‍රියාවල නිරත වූ බවට ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම (ACCC) චෝදනා කරයි.

එම හැසිරීම ඔස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය (ACL) හෝ ඔස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිෂන් සභා පනත (ASIC පනත) උල්ලංඝනය කිරීමක් බවටද ACCC චෝදනා කරයි.
මේ අතර ප්‍රචාරකයින් විසින් ව්‍යාජ හෝ නොමඟ යවනසුලු හැසිරීම් සහ නියෝජනයන් සම්බන්ධයෙන් Meta Platforms ආයතනය ආධාර සහ අනුබල දුන් හෝ දැනුවත්ව කටයුතු කළ බවට ද චෝදනා එල්ල වේ.

Cryptocurrency හෝ මුදල් ඉපැයීමේ ක්‍රමවල ආයෝජනය ප්‍රවර්ධනය කරන ලද දැන්වීම් හරහා Facebook පරිශීලකයින් නොමඟ යැවීමට ඉඩ ඇති බවට ACCC චෝදනා කරයි.
Australian Competition And Consumer Commission (ACCC) signage
Source: AAP

වංචාසහගත දැන්වීම්

අදාළ දැන්වීම්වලට සුප්‍රසිද්ධ ව්‍යාපාරික Dick Smith, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන David Koch සහ හිටපු NSW ප්‍රාන්ත අගමැති Mike Baird වැනි සුප්‍රසිද්ධ චරිත යොදාගෙන ඇති බවද සඳහන්.

මෙම වැඩසටහන් සැබවින්ම වංචාවන් වූ අතර, දැන්වීම්වල ප්‍රදර්ශනය කරන ලද පුද්ගලයන් කිසිවිටෙක ඒවා අනුමත කර හෝ නිර්දේශ කර නොතිබුණි.

cryptocurrency හෝ මුදල් ඉපැයීමේ ක්‍රමයක් අනුමත කරන වෙළඳ දැන්වීමේ ඇති ප්‍රසිද්ධ චරිතයට සම්බන්ධ කරන ලද උපුටා දැක්වීම් ඇතුළත් ව්‍යාජ මාධ්‍ය ලිපියක් වෙත Facebook පරිශීලකයින් රැගෙන යන links එම දැන්වීම්වල අඩංගු විය.

ඉන් පසුව අදාළ වෙබ් පිටුවේ ලියාපදිංචි වීමට පරිශීලකයින්ට ආරාධනා කරන ලද අතර පසුව ව්‍යාජ යෝජනා ක්‍රමවලට අරමුදල් තැන්පත් කරවීම සඳහා පරිශීලකයින් ඒත්තු ගැන්වීමට නැවත නැවත දුරකථන ඇමතුම් දීම වැනි අධි පීඩන උපක්‍රම භාවිතා කිරීමට අදාළ වංචාකරුවන් කටයුතු කර ඇත.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


මෙම ව්‍යාජ දැන්වීම් ප්‍රකාශයට පත් කිරීමට වේදිකාව සපයන Meta Platforms ආයතනය මේ සඳහා වගකිව යුතු බව ACCC සභාපති Rod Sims පැවසීය.

“Facebook algorithm භාවිතයෙන් වෙළඳ දැන්වීමක link එක ක්ලික් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති පරිශීලකයින් ඉලක්ක කර දැන්වීමේ මුල් පිටුවට පිවිසීමට දැන්වීම්කරුවන්ට හැකිවීම Meta ආයතනය සිදුකරන ව්‍යාපාරයේ ප්‍රධාන කොටසක්. දැන්වීම් වලින් එහි මුල් පිටු වෙත පරිශීලකයින් ගෙනයාමෙන්  Facebook සැලකිය යුතු ආදායමක් උපදවනවා." යනුවෙන්ද ඔහු පැහැදිලි කළේය.

කීර්තිමත් පුද්ගලයින් සම්බන්ධ කරගනිමින් වංචාසහගත cryptocurrency දැන්වීම් Facebook හි ප්‍රදර්ශනය වන බව Meta ආයතනය දැන සිටි නමුත් එම ගැටලුව විසඳීමට ප්‍රමාණවත් පියවර නොගත් බවට ද ACCC ය චෝදනා කරයි.
ලොව පුරා සිටින ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ අනුමැතියකින් තොරව ඔවුන්ගේ නම් සහ පින්තූර මීට සමාන දැන්වීම් සඳහා භාවිතා කර ඇති බවට පැමිණිලි කිරීමෙන් පසුව පවා වංචාසහගත cryptocurrency දැන්වීම් Facebook හි ප්‍රදර්ශනය වෙමින් පවතින බවද වාර්තා වේ.

Meta විසින් Facebook හි අසත්‍ය හෝ නොමග යවන දැන්වීම් හඳුනාගෙන ඒවා ඉවත් කිරීමට, පාරිභෝගිකයන් අනුකම්පා විරහිත වංචාකරුවන්ගේ ගොදුරක් බවට පත්වීම වැලැක්වීමට තවත් බොහෝ දේ කළ යුතුව තිබෙන බවද ACCC සභාපති Rod Sims පැවසීය.



Share
Published 21 March 2022 11:54am
By Madhura Seneviratne

Share this with family and friends