වික්ටෝරියා ප්‍රාන්තයේ casual සහ කොන්ත්‍රාත් සේවකයින්ට පඩි සහිත අසනීප නිවාඩු (SBS සිංහල/වාර්තා)

Victorian Sick Pay Guarantee වශයෙන් හැඳින්වෙන මෙම වැඩසටහන ඔස්සේ, වික්ටෝරියා ප්‍රාන්තයේ casual සහ කොන්ත්‍රාත් සේවකයින් හට ඔවුන් අසනීප වූ විට හෝ ආදරණීයයන් රැකබලා ගැනීමට අවශ්‍ය වූ විට ගෙවීම් සහිත නිවාඩු ලබාගැනීමට හැකි බවට සහතික වේ.

Australian Dollars.

Fair work commission announces rise in the minimum wages. Source: RBA

Highlights
  • නියමු වැඩසටහන යටතේ සේවකයින් 150,000 ක් ආවරණය කෙරේ
  • මේ සඳහා සුදුසුකම් ලබන රැකියා

මෙම නියමු වැඩසටහන යටතේ සේවකයින් 150,000 ක් ආවරණය කෙරේ

වික්ටෝරියානු ප්‍රාන්ත රජය සඳහන් කොට සිටින්නේ, කිසිදු සේවකයකුට තම සෞඛ්‍ය හෝ තම ආදරණීයයකුගේ සෞඛ්‍යය හා තම දයිනික වැටුප සම්බන්ධයෙන් තෝරාගැනීමක් සඳහා යාමට අවකාශය සැලසිය යුතු නොවන බවයි.
Salary increases in Australia ?
Source: AAP
මෙම නියමු වැඩසටහන යටතේ ආගන්තුක සත්කාරක, ආරක්ෂාක, සිල්ලර වෙළඳාම්, පිරිසිදු කිරීම් සහ වයස්ගත සහ ආබාධිත සත්කාරක ක්ෂේස්ත්‍ර වල සේවකයින් 150,000 ක් පමණ මේ සඳහා සුදුසුකම් ලබන බව ප්‍රාන්තය පවසයි.

මෙම වැඩසටහන යටතේ, ඇතැම් වෘත්තීන්හි ඕස්ට්‍රේලියාවේ අවම වැටුපට වන පැයකට $20.33ක් යටත් රැකියා සිදු කරන casual සහ කොන්ත්‍රාත් සේවකයින් සඳහා දින 5ක් අසනීප සහ රැකවරණ වැටුප් ලබා දීම සිදු වේ. එමෙන්ම මෙවැනි ආකාරයෙන් වැටුප් ලබාදෙන පළමු ප්‍රාන්තය වික්ටෝරියා ප්‍රාන්තය බවටද මෙමගින් පත්වේ.

 


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

 

මෙම Victorian Sick Pay Guarantee හෙවත් වික්ටෝරියානු අසනීප වැටුප් සහතිකය වසර 2ක් සඳහා ක්‍රියාත්මක වන අතර මෙහි වටිනාකම $245.6 කි. වික්ටෝරියානු රජය මගින් මේ සඳහා වන සම්පුර්ණ අරමුදල් ලබාදීම සිදු කරයි.

මේ සඳහා සුදුසුකම් ලබන රැකියා

මෙම නියමු වැඩසටහන යටතේ පහත සඳහන් රැකියා වල නිරත casual සහ කොන්ත්‍රාත් සේවකයින් මේ සඳහා සුදුසුකම් ලබයි.

  • Hospitality workers
  • Food trades workers and food preparation assistants
  • Supermarket workers
  • Retail and sales assistants
  • Aged and disability care workers
  • Cleaners and laundry workers
  • Security guards
මෙම වෘත්තීන් ඉතා අනාරක්ෂිත වන අතර මෙම කර්මාන්තවල සේවකයින්ට සාමාන්‍යයෙන් රෝගී සහ රැකවරණ වැටුප් සඳහා ප්‍රවේශයක් මින් පෙර නොපැවති බව ප්‍රාන්ත රජය පවසයි.

එමෙන්ම මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews සඳහන් කොට සිටින්නේ මෙම වැඩසටහන සඳහා ජාතිකමය වශයෙන් ප්‍රවේශයක් අවශ්‍ය වන බවයි.

Share
Published 18 March 2022 1:49pm
Updated 18 March 2022 4:09pm
By Nipuna Dodangoda

Share this with family and friends