AstraZeneca එන්නත ගැන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හදිසි තීරණයක් ගනී, වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින්ට තීරණාත්මකයි. (SBS සිංහල/ වාර්තා)

වයස අවුරුදු 50 ට වඩා අඩු ඔස්ට්‍රේලියානුවාසීන්ට AstraZeneca කොරෝනා එන්නත ලබා නොගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

Australian Prime Minister Scott Morrison speaks during a press conference at Parliament House in Canberra, Tuesday, March 23, 2021. (AAP Image/Lukas Coch) NO ARCHIVING

Prime Minister Scott Morrison Source: AAP

මුලින් සැලසුම් කළ පරිදි එළඹෙන ඔක්තෝබර් මාසය වන විට මිලියන ගණනක ඔස්ට්‍රේලියානුවන් හට කොරෝනා එන්නතේ තම ප්‍රථම මාත්‍රාව ලබාගැනීමට නොහැකිවන බව වාර්තා වේ.

වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින්ට AstraZeneca කොරෝනා එන්නත ලබා නොගන්නා ලෙසට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය උපදෙස් දීමත් සමග මේ තත්ත්වය උද්ගතවී තිබේ.


Highlights

  • වයස අවුරුදු 50 ට වඩා අඩු ඔස්ට්‍රේලියානුවාසීන්ට AstraZeneca කොරෝනා එන්නත ලබා නොගන්නා ලෙසට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිර්දේශ කරයි.
  • AstraZeneca කොරෝනා එන්නත ලබා ගැනීමෙන් කලාතුරකින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් මතුවන බවට දැන් සනාථ වී ඇති හෙයින් මෙම තීරණය ගෙන තිබේ.
  • එනිසාම වයස අවුරුදු 50 ට වඩා අඩු ඔස්ට්‍රේලියානුවාසීන්ට AstraZeneca කොරෝනා එන්නතට වඩා Pfizer කොරෝනා එන්නත වඩා සුදුසු බව නිර්දේශ කරඇත.

අවුරුදු 50 ට අඩු පුද්ගලයින් AstraZeneca කොරෝනා එන්නත ලබා නොගන්නා ලෙසට උපදෙස්

වයස අවුරුදු 50 ට වඩා අඩු ඔස්ට්‍රේලියානුවාසීන්ට AstraZeneca කොරෝනා එන්නත ලබා නොගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

ඊයේ (08/04) රාත්‍රියේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison මේ බව නිවේදනය කළේය.

AstraZeneca කොරෝනා එන්නත ලබා ගැනීමෙන් කලාතුරකින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් මතුවන බවට දැන් සනාථ වී ඇති හෙයින් මෙම තීරණය ගත් බව රජය පවසයි.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

එනිසාම වයස අවුරුදු 50 ට වඩා අඩු ඔස්ට්‍රේලියානුවාසීන්ට AstraZeneca කොරෝනා එන්නතට වඩා Pfizer කොරෝනා එන්නත දැන් වඩා සුදුසු බව නිර්දේශ කර තිබේ.

යුරෝපානු ඖෂධ නියාමන අධිකාරිය සමග ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹී බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි Paul Kelly ඊයේ රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

ඒ අනුව මෙතෙක් AstraZeneca එන්නතේ ප්‍රථම මාත්‍රාව ලබා නොගත් වයස අවුරුදු 50 ට වඩා වැඩි පුද්ගලයින්ට Pfizer එන්නත ලබාගැනීම වඩා යෝග්‍ය බව එම සාකච්ඡා වලදී තීරණය කෙරුණු බව සඳහන්.

දැනට AstraZeneca එන්නත ලබාගත් අයට කුමක් සිදුවේද?

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ බහුතරයක් ඔස්ට්‍රේලියානුවාසීන් හට ලබාදීමට සැලසුම් කර තිබුණේ AstraZeneca එන්නතය.

AstraZeneca එන්නත මේ වන විට මෙල්බර්න් නුවර නිෂ්පාදනය කිරීමටද පටන්ගෙන තිබේ.

බරපතල අහිතකර බලපෑම් වලින් තොරව දැනටමත් තමන්ගේ පළමු AstraZeneca එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති අයට ආරක්ෂිතව එහි දෙවැන්න ලබා ගත හැකි බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි Paul Kelly පැවසීය.

මෙම නව උපදෙස් ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය ප්‍රජාවට ලබා දෙන නමුත් අවසානයේදී ඔස්ට්‍රේලියානුවන් සහ ඔවුන්ගේ වෛද්‍යවරුන් විසින් තමන් ලබාගන්නා එන්නත පිළිබඳ තීරණය කළ යුතු බවත් අගමැති මොරිසන් පැවසීය.

AstraZeneca එන්නත ලබාගැනීම තහනම් කර නැති බවත් එය තමාගේ මනාපය අනුව ලබාගත හැකි බවත් අගමැතිවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.

AstraZeneca එන්නත සහ රුධිරය කැටි ගැසීම

AstraZeneca කොරෝනා එන්නත මහජනතාවට ලබාදීමෙන් අනතුරුව කාන්තාවන්ට සහ වයස අවුරුදු 60 ට වඩා අඩු පුද්ගලයින්ට කලාතුරකින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් මතුවන බව යුරෝපානු සෞඛ්‍ය බලධාරීහු සොයාගත්හ.

මෙම රුධිරය කැටි ගැසීමේ සංසිද්ධිය ඉතාමත් කලාතුරකින් සිදුවන බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් මහාචාර්ය Brendan Murphy අවධාරණය කළේය.

AstraZeneca කොරෝනා එන්නත කොරෝනා වයිරසය මැඩ පැවැත්වීම සඳහා ඉතා ඉහළ කාර්යක්ෂමතාවක් පෙන්වන බව ද ඔහු පැවසීය.

මේ අතර වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින්ට AstraZeneca කොරෝනා එන්නත ලබා ගැනීම ආරක්‍ෂිත බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.
AstraZeneca coronavirus vaccine
Source: AP

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන තවත් ප්‍රමාද වෙයි

මෙම සිදුවී හා ඉන් ඇතිවන බලපෑම පිළිබඳ අද (09/04) පැවැත්වෙන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරන බව රජය පවසයි.

එළඹෙන ඔක්තෝබර් මාසය වන විට ඔස්ට්‍රේලියානුවාසී සියලු දෙනා හටම කොරෝනා එන්නතේ ප්‍රථම මාත්‍රාව හෝ අවම වශයෙන් ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සැලසුම් කර තිබුණි.

නමුත් මේ වන විට උදාවී ඇති තත්ත්වය අනුව ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන තවත් ප්‍රමාද වන අයුරු පෙනී යන බව අගමැති මොරිසන් පැවසීය.

සෞඛ්‍ය බලධාරීන් විසින් ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහනේ ප්‍රමුඛතා නැවත සකස් කර ඔවුන් විසින් සිදු කරන ලද මිලදී ගැනීම් සමාලෝචනය කරන බව මහචාර්ය Murphy පැවසීය.

අවදානමට ලක්විය හැකි ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කර ගනිමින් ආරම්භක අදියර සැලසුම් කළ පරිදි ඉදිරියට ගෙන යනු ඇතැයි ඔහු පැවසීය.

ඒ අනුව වයස 70 ට හා 80 ට වැඩි පුද්ගලයින්ට තම පවුලේ වෛද්‍යවරයාගෙන් AstraZeneca එන්නත ලබාගත හැකි බවත් එහි කිසිදු අවදානමක් ඔවුන්ට නැති බවත් මහචාර්ය Murphy සඳහන් කළේය.

එමෙන්ම වයස අවුරුදු 50 ට අඩු සෞඛ්‍ය සේවකයින් සඳහා Pfizer එන්නත ප්‍රමුඛව ලබාදීමට සූදානම් බව ද ඔහු පෙන්වා දුන්නේය.

මේ වසර මැද බාගය වන විට කොරෝන වයිරසයට ඉහළ අවදානමක් ඇති සියලු පිරිස් හට කොරෝනා එන්නත ලබාදීම සම්පූර්ණ කරන බව ද ඔහු අවධාරණය කළේය.

Share
Published 9 April 2021 11:29am
Updated 12 August 2022 3:04pm
By Jodie Stephens, Madhura Seneviratne


Share this with family and friends