lockdown අතරතුර, සුපිරි වෙළඳසැල් හි සේවය කරන ජාත්‍යන්තර සිසුන්ගේ පැය 20 සීමාව ඉවතට (SBS සිංහල/වාර්තා)

මේ වනවිට නැවතත් උද්ගතව ඇති සේවක හිඟය පියවීමේ අරමුණින් lockdown පවතින ප්‍රදේශයන්හි සුපිරි වෙළඳසල් වල සේවය කරන ජාත්‍යන්තර සිසුන්ගේ පැය 20 සීමාව ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ.

A pedestrian walks past a Woolworths supermarket in Sydney.

A pedestrian walks past a Woolworths supermarket in Sydney. Source: AAP

Highlights

  • සුපිරි වෙළඳසල් වල සේවයෙහි නිරත ජාත්‍යන්තර සිසුන්ට දෙසතියකට පැය 40කට වඩා වැඩ කිරීමට අවසර
  • සුපිරි වෙළඳසැල් සේවකයින් "නිහඬ වීරයන්" බව ඕස්ට්‍රේලියානු ආගමන අමාත්‍යවරයා පැවසීම 
  • ජාත්‍යන්තර සිසුන් සිය පාඨමාලාව අඛණ්ඩව සිදු කල යුතු වේ

සුපිරි වෙළඳසල් වල සේවයෙහි නිරත ජාත්‍යන්තර සිසුන්ට දෙසතියකට පැය 40කට වඩා වැඩ කිරීමට අවසර

මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල නැවතත් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස තත්වය මත සේවක හිඟයක් උද්ගතව තිබේ.

එම සේවක හිඟය පියවීමේ අරමුණින්, lockdown කොට පවතින ප්‍රදේශයන්හි සුපිරි වෙළඳසල් වල සේවයෙහි නිරත ජාත්‍යන්තර සිසුන් හට සති දෙකකට පැය 40කට වඩා වැඩ කිරීමට අවසර ලබා දෙන ලෙස එම සුපිරි වෙළඳසල් සඳහා ඕස්ට්‍රේලියානු රජය දන්වා තිබේ.

මෙය තාවකාලික පියවරක් වන අතර, නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්ත වල සුපිරි වෙළඳසල් සඳහා මෙම අවසරය ලබාදී තිබේ.එමෙන්ම එම වෙළඳසල් වලට බෙදාහැරීම් සිදු කරන ස්ථාන වල සේවය කරන ජාත්‍යන්තර සිදුන් හටද මෙම අවසරය හිමි වේ.

මෙම ක්සේස්ත්‍රය සඳහා හදිසි සහන ලබාදෙන මෙන් කල ඉල්ලීමකට අනුව ඕස්ට්‍රේලියානු රජය මෙම නව තාවකාලික තීරණය ගෙන තිබේ.

සුපිරි වෙළඳසැල් සේවකයින් "නිහඬ වීරයන්" බව ඕස්ට්‍රේලියානු ආගමන අමාත්‍යවරයා පවසයි

සිඩ්නිහි වෙළඳසැල් ගනනාවක් අවදානම් සහිත ස්ථාන බවට සඳහන් කිරීමෙන් අනතුරුව එම ස්ථාන වල සේවකයින් විශාල පිරිසක් නිරෝධායනය සඳහා යොමු කොට තිබේ.

භාණ්ඩ සඳහා ඉහල ඉල්ලුමක් පවතින මෙවැනි අවස්ථාවක අත්‍යවශ්‍ය සේවකයින්ගේ විශාල හිඟයක් මතුව තිබේ.

මෙම තීරණය ඔස්සේ වෙළඳසල් මගින් ජනතාවට වන සේවාව අඛණ්ඩව සිදුවන අතර lockdown කාලසීමාව තුල සේවකයින් සඳහා අමතර අදායමක් ලබාගැනීමට හැකියාව ලැබෙන බව ඕස්ට්‍රේලියානු ආගමන අමාත්‍ය Alex Hawke පවසයි.
Immigration Minister Alex Hawke
Immigration Minister Alex Hawke. Source: AAP Image/Lukas Coch
අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කොට සිටින්නේ සුපිරි වෙළඳසැල් සේවකයින් වසංගත කාලසීමාව තුල ඔස්ට්‍රේලියාව තුල නිහඬ වීරයන් වන අතර කොරෝනා වසංගතය දැඩිව පවතින කාලසීමාවන් වලදී සිය රාජකාරි අකුරටම ඉටු කිරීමට ඔවුන් පියවර ගත් බවයි.

ජුනි මාසයේදී ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව, වයස්ගත හා ආබාධිත සත්කාර, කෘෂිකාර්මික, සංචාරක සහ ආගන්තුක සත්කාරක යන අංශවල සේවහි නිරත ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන් සඳහා වැඩ කිරීමේ සීමාවන් ලිහිල් කිරීම සිදු කළේය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙරවරු 11 සිට , 93.1fm, 97.7fm, 105.5fm

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


එමෙන්ම අත්‍යවශ්‍ය සේවා සපයන සහ සෞඛ්‍ය අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා හිමිකරුවන් සඳහාද මෙම වැඩකරන පැය ගන්නේ සීමාවෙන් ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු රජය මින් පෙර පියවර ගත්තේය.

ජාත්‍යන්තර සිසුන් සිය පාඨමාලාව අඛණ්ඩව සිදු කල යුතු වේ

කෙසේ නමුත් සති දෙකකට පැය 40කට වඩා සේවය කරන ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා බලපත් ලාභීන් තම පාඨමාලාව අඛණ්ඩව සිදු කලයුතු අතර සතුටුදායක පැමිණීමක් සහ ප්‍රගතියක් වාර්තා කල යුතුය.

එමෙන්ම සිය පාඨමාලාව අවසන් කල සහ මෙම ක්ෂේස්ත්‍ර වල රැකියා අවස්තාවක් හිමි පිරිස හට COVID-19 Pandemic (subclass 408) යන වීසා කාණ්ඩය සඳහා අයදුම් කල හැක.

ඉරිදා(18) දින සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළඳසල් වෙතට ගොස් භාණ්ඩ ගැනීම නවතන අතර Delivery සහ click-and-collect යන සේවාවන් ඔස්සේ පමණක් භාණ්ඩ ගැනීම සිදු කල හැක.

Share
Published 18 July 2021 8:09pm
Updated 12 August 2022 3:06pm
By Naveen Razik, Nipuna Dodangoda
Source: SBS News


Share this with family and friends