අන්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සමග මෙල්බර්න් දෙවනත් කළ ඉදිකිරීම් සේවකයින්ගේ කොවිඩ් එන්නත් විරෝධී පා ගමන (SBS සිංහල/ වාර්තා)

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු සේවකයින්ට කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමට සහ lockdown නීතිවලට එරෙහිව අද දිනයේ (21/09) මෙල්බර්න් නුවර දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණි.

Vic Health issued a public alert as a Victorian lockdown protester tests positive to COVID-19

Protesters are seen on the West Gate Freeway in Melbourne Source: AAP

ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමට සහ අනෙකුත් සෞඛ්‍ය සීමාවලට එරෙහිව මෙල්බර්න් නුවර අද (21/09) පැවති දැවැන්ත විරෝධතාවදී අවම වශයෙන් පුද්ගලයින් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තවද එහිදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු සහ මාධ්‍යවේදියෙකු තුවාල ලැබූ බවද වාර්තා වේ.


Highlights

  • මෙම විරෝධතාව සඳහා පුද්ගලයින් 2,000 කට ආසන්න පිරිසක් සහභාගී වූ බව වික්ටෝරියානු පොලීසිය අනුමාන කර ඇත.
  • විරෝධතාවය මැඩපැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් 500 ක් පමණ යොදවා තිබුණි.
  • මේ වන විට විරෝධතාවයේ සිටි පුද්ගලයින් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයින්ගේ දැවැන්ත විරෝධය

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු සේවකයින්ට කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමට සහ lockdown නීතිවලට එරෙහිව අද දිනයේ (21/09) මෙල්බර්න් නුවර දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණි.

ඒ සඳහා පුද්ගලයින් 2,000 කට ආසන්න පිරිසක් සහභාගී වූ බව වික්ටෝරියානු පොලීසිය අනුමාන කර ඇත.

මෙල්බර්න් නගරයේ පිහිටි CFMEU හෙවත් ඉදිකිරීම්, වන විද්‍යා, සමුද්‍ර කටයුතු, පතල් කැණීම් සහ බලශක්ති වෘත්තීය සමිතියේ ප්‍රධාන කාර්යාලය අසලින් අද උදෑසන ඇරඹි මෙම විරෝධතා පා ගමන වික්ටෝරියානු පාර්ලිමේන්තුව දෙසට ගමන් කළේය.

ඒ අතර කැරලි මර්දන ඒකකය ඔවුන්ට පාර්ලිමේන්තුව දෙසට ඒමට පෙර අනතුරු ඇඟවීය.
Protesters on the West Gate Bridge in Melbourne, Tuesday, September 21, 2021.
Protesters on the West Gate Bridge in Melbourne, Tuesday, September 21, 2021. Source: AAP
ඒ අතර පස්වරු 2ට පසු West Gate Freeway පිවිසුමට යාමට පෙර විරෝධතාකරුවන් පැය ගණනක් මෙල්බර්න් නගර මධ්‍යය වටා ගමන් කළ අතර එනිසාම West Gate Freeway මාර්ගයේ පිවිසුම අසළ ගමනාගමනය ඇණහිට තිබු බව සඳහන්.

ඊට පෙර අශ්වාරෝහක පොලිසියේ සහාය ඇතිව කැරලි මර්දන ඒකකය විරෝධතාකරුවන්ට  ආපසු යන ලෙස අනතුරු ඇඟවූ අතර Queen Victoria වෙළඳපොල අසල සිටි පිරිස වෙත රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කළේය.

විරෝධතාවය මැඩපැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් 500 ක් පමණ යොදවා තිබුණි.

විරෝධතාකරුවෝ හිස් බෝතල් සහ ටින් පොලිසිය දෙසට වීසි කළහ.

ඉන් අනතුරුව "ඔබ අපට සේවය කරන්න" යනුවෙන් හඬ නඟමින් විරෝධතාකරුවෝ දෑත් ඔසවාගෙන පොලිසිය වෙතට ගමන් කළහ.

44 ක් මේ වන විට අත්අඩංගුවට

මේ වන විට විරෝධතාවයේ සිටි පුද්ගලයින් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති නමුත් පොලිසිය තවත් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපේක්ෂා කරන බව වික්ටෝරියා පොලිසියේ ප්‍රධාන පොලිස් කොමසාරිස් Shane Patton පැවසීය.

විරෝධතාවයට සහභාගී වූවන් පිළිබඳව වික්ටෝරියා පොලිසිය අඛණ්ඩ පරීක්ෂණ සිදු කරන බවත් එම පරීක්ෂණ මේ වන විටත් ආරම්භවී ඇති බවත් ඔහු පැවසීය.

විරෝධතාකරුවන් ඉදිරියට ගිය පසු වික්ටෝරියා පාර්ලිමේන්තුවෙන් පිටත මාර්ගය පුරා හිස් මත්පැන් සහ කෝලා කෑන් විසිරී තිබුණි.

පා ගමනේ ඇවිද ගිය බොහෝ දෙනෙක් බීම කෑන් සහ මත්පැන් බෝතල් රැගෙන ගිය බවත් තවත් පිරිසක් ඔස්ට්‍රේලියානු ධජය පැළඳගෙන සිටි බවත් තවත් අයෙක් Trump 2020 ධජය රැගෙන ගිය බවත් වාර්තා වේ.

පහරදීම් සහ තුවාල සිදු කිරීම්

විරෝධතාකරුවන් තමන්ගේ බෙල්ලෙන් අල්ලා ගත් බවත් කැමරා ශිල්පියෙකු බිම හෙළූ බවත් Seven මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති වාර්තාකරු Paul Dowsley පැවසීය.

සෙවන් නෙට්වර්ක් වාර්තාකරු පෝල් ඩව්ස්ලි පැවසුවේ තමාගේ උගුරෙන් අල්ලා ගත් බවත් කැමරා ශිල්පියෙකු බිම හෙළූ බවත් ය.

පසුව ඔහුගේ හිසට බීම කෑන් එකකින් පහර දී ඇත.

එවැනි ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කළ නොහැකි බව වික්ටෝරියා පොලිසියේ ප්‍රධාන පොලිස් කොමසාරිස් Shane Patton පැවසීය.

තවද පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද තුවාල ලබා ඇත.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


විරෝධතාකරුවන් උදෑසන CFMEU කාර්යාලය අසල සිට විරෝධතා පා ගමන ආරම්භ කිරීමට සුළු වේලාවකට පෙර ඔවුන්ට ආපසු යන ලෙස පොලිසිය  පවසා ඇත.

එසේ නොගියහොත් විරෝධතාවය බලෙන් නතර කිරීමට සිදුවන බවත් තවදුරටත් අනතුරු ඇඟවීම් ලබා නොදෙන බවත් පොලිසිය එහිදී පවසා තිබේ.

නමුත් එම අවස්ථාවේදී විරෝධතාකරුවෝ වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් සිටි බව වාර්තා වේ.
Extremists' blasted as hundreds march in Melbourne during another vaccine protest
Extremists' blasted as hundreds march in Melbourne during another vaccine protest Source: AAP/James Ross

ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ නිවේදනය

තම අරමුණ ඉටු කර ගැනීම සඳහා කොවිඩ් එන්නත පිළිබඳ වැරදි තොරතුරු සහ බොරු පතුරුවමින් සිටි පිරිස අතර “අන්තවාදීන්” සිටි බව ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ ලේකම් Sally McManus පැවසුවාය.

අන්ත දක්ෂිනාංශික කණ්ඩායම් සහ කොවිඩ් එන්නත් විරෝධී කණ්ඩායම් විසින් මෙම විරෝධතාවය කැඳවා, මෙහෙයවනු ලැබූ බවද ඇය පැවසුවාය.

විරෝධත්කරුවන්ගේ පණිවිඩ වලට ප්‍රතිචාර දැක්වීම සඳහා ශක්තිමත් රජයේ මහජන සෞඛ්‍ය ව්‍යාපාරයක් අවශ්‍ය බව ද ඇය සඳහන් කළාය..

ඔස්ට්‍රේලියාවේ වෘත්තීය සමිති නායකයින් සහ වෘත්තීය සමිති ව්‍යාපාරය මෙම අර්බුදය සම්බන්ධයෙන් මෙන්ම මෙම පුද්ගලයින්ට බිය නොවන බවද ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ ලේකම් Sally McManus, ABC පුවත් වෙත පැවසුවාය.

මේ අතර තමන් ගැන පමණක් සිතීම නවත්වන ලෙසත් ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන ලෙසත් වික්ටෝරියානු ප්‍රජාවේ සෞඛ්‍ය හා සුබසාධනයට මුල් තැන දෙන ලෙසත් ඔස්ට්‍රේලියානු හෙද හා පවුල් සෞඛ්‍ය සේවා සම්මේලනය මෙල්බර්න් විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

Share
Published 21 September 2021 7:54pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends