ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් හට නොමිලේ ලබාදෙන ඉංග්‍රීසි භාෂා පාඨමාලාවේ සම්පූර්ණ විස්තරය (SBS සිංහල/ වාර්තා)

2020 අගෝස්තු 28 දින AMEP ඉංග්‍රීසි වැඩසටහන සඳහා කැපී පෙනෙන සංශෝධනයක් එවකට ආගමන කටයුතු පිළිබඳ ඇමතිවූ Alan Tudge නිවේදනය කළේය.

Free English classes

Source: AAP

සැලකිය යුතු මට්ටමේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් නොමැති family, skilled, සහ humanitarian යන වීසා ඛාණ්ඩ මත ඔස්ට්‍රේලියාවේ සිටින සංක්‍රමණිකයින් හට නොමිලයේ ඉංග්‍රීසි පාඨ මාලාවක් හැදෑරීමට අවස්ථාව තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් මීට අවශ්‍ය පහසුකම් සපයයි.


Highlights

  • ඔස්ට්‍රේලියාවට ඇතුළුවූ දිනයේ පටන් වසර 5 ක් දක්වා වූ කාලය තුළ මෙම ඉංග්‍රීසි පාඨ මාලාව අදාළ සංක්‍රමණිකයින් විසින් හැදෑරිය යුතුය.
  • ඔස්ට්‍රේලියාවට පැමිණ පළමු මාස 6 තුලදී අයදුම්කරුවන් මේ සදහා ලියා පදිංචි විය යුතුය.
  • රැකියා සොයන්නන් සඳහා SEE වැඩසටහන ක්‍රියාත්මක වේ.

Adult Migrant English Program හෙවත් AMEP

ඉහත වීසා ඛාණ්ඩ හිමි ඔස්ට්‍රේලියාවට අලුතින්ම සංක්‍රමණය වූ සංක්‍රමණිකයින් හට හඳුන්වා දී ඇති මෙම වැඩසටහන Adult Migrant English Program හෙවත් AMEP ලෙස හඳුන්වනු ලැබේ.

ඔස්ට්‍රේලියාවට ඇතුළුවූ දිනයේ පටන් වසර 5 ක් දක්වා වූ කාලය තුළ මෙම ඉංග්‍රීසි පාඨ මාලාව අදාළ සංක්‍රමණිකයින් විසින් හැදෑරිය යුතුය.

ඔස්ට්‍රේලියාව තුළ සෞඛ්‍ය පහසුකම්, හදිසි සේවා, රජයේ සහ ප්‍රජා සේවාවවන් මෙන්ම බැංකු කටයුතු සහ අනෙකුත් සේවාවන් ලබගන්නේ කෙසේද යන්න පිළිබඳවද මෙහිදී අත්වැලක් සපයනු ඇත.

Catherine Devlin යනු Adult Learning Australia හි මෙහෙයුම් කළමනාකාරිය වේ.

ඔස්ට්‍රේලියාවට පැමිණ පළමු මාස 6 තුලදී අයදුම්කරුවන් මේ සදහා ලියා පදිංචි විය යුතුය.

වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන්ට වසරක කාලයක් ලියා පදිංචි වීමට අවස්ථාව ලැබේ.
Older couple, adult learning
Source: Getty Images/FG Trade

රැකියා සොයන්නන් සඳහා ඉංග්‍රීසි පන්ති

ඔබ මාස හයකට වඩා වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවේ වාසය කරන අතරේ මේ වන විටත් යම් මට්ටමකට ඉංග්‍රීසි භාෂා පදනමක් ඇති නමුත් රැකියාවක් සොයා ගැනීම සඳහා ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතාවය වැඩි දියුණු කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා Skills for Education and Employment program හෙවත් SEE වැඩසටහන ක්‍රියාත්මක වේ.

රැකියා සොයන්නන් සඳහා මෙම SEE වැඩසටහන ක්‍රියාත්මක වේ.

භාෂා සහ ගණිතමය පුහුණව සඳහා පැය 650 ක නොමිලයේ පුහුණුවක් මේ සඳහා සුදුසුකම් ලැබුවන් හට හිමි වේ.

ඔස්ට්‍රේලියාව තුළAMEP සැපයුම්කරුවන් 300 ක් පමණ සිටිති.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ධාරාවන් දෙකක් යටතේ ක්‍රියාත්මකයි

AMEP වැඩසටහනේ පාඨ මාලාව පහත සඳහන් ලෙස ධාරාවන් දෙකකින් ක්‍රියාත්මක වේ.

  • Pre-Employment English
  • Social English
රැකියාවක් කිරීම හෝ වැඩිදුර පුහුණුව ලැබීමට අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා Pre-Employment English ධාරාව හඳුන්වා දී තිබේ.

සමාජ ක්‍රියාකාරකම් වල අඩුවෙන් යෙදෙන ඉංග්‍රීසි භාෂා සංවාද වලදී උපකාර අවශ්‍ය සංක්‍රමණිකයන් සඳහා  Social English ධාරාව හඳුන්වා දී ඇත.

AMEP වැඩසටහන සඳහා ලියාපදිංචි වීමේදී තමන්ට නීත්‍යානුකූලව හිමිවී ඇති පැය 510 තුළ තමන් කැමති ධාරාව තෝරාගත හැකි වන අතර අවශ්‍යනම් ඉහත ධාරාවන් ද්විත්වයෙන්ම අදාළ පැය ගණන ඇතුළත ඉගෙන ගත හැකිය.

පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව අධ්‍යාපනය ලබනවාද එමෙන්ම පන්ති කාමරය තුළ හෝ දුරස්ථ ලෙස හෝ අධ්‍යාපනය ලබනවාද යන්න පවා ඔවුන්ට තීරණය කළ හැකිවේ.

AMEP වැඩසටහනේ ඉගැන්වීම් හරහා ඔස්ට්‍රේලියානු සංස්කෘතිය සහ නීතිය පිළිබඳ දැනුමක් ලබාදීම අතිශය වැදගත් කාර්යයක් බව Melbourne Polytechnic ආයතනයේ School for Foundation and Preparatory Studies හි ප්‍රධානී Lindee Conway පැවසුවාය.

ඔබ AMEP වැඩසටහන සඳහා සහභාගී වනවානම් පාසල් වයසට වඩා අඩු ළමුන් සඳහා ඔබට නොමිලයේ ළමා සුරැකුම් පහසුකම්ද ලබා ගත හැකිය.

තම ඉලක්ක නිර්මාණය කිරීමට මාර්ගෝපදෙශයක්, වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා සැලසුම් කිරීම මෙන්ම රැකියා අවස්ථා පිළිබඳ පාඨ මාලාව අවසානයේදී  ඔබට සාකච්ඡා කළ හැකිය.
adult learning, migrant education
Source: Getty Images/Peter Muller

2021 අප්‍රේල් සිට අසීමිතව නොමිලේ ඉංග්‍රීසි පන්ති

2020 අගෝස්තු 28 දින AMEP ඉංග්‍රීසි වැඩසටහන සඳහා කැපී පෙනෙන සංශෝධනයක් එවකට ආගමන කටයුතු පිළිබඳ ඇමතිවූ Alan Tudge නිවේදනය කළේය.

එම සංශෝධන වලට අනුව පැය 510 කට සීමා වූ ඉංග්‍රීසි පාඨ මාලාව සීමා රහිත කර තිබේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාවට පැමිණ මාස 6 ක් ඇතුළත මේ සඳහා ලියාපදිංචි විය යුතුය යන්නද මාස 12ක් දක්වා දීර්ග කර ඇත.

ඊට අමතරව පාඨ මාලාව වසර 5 ක් ඇතුළත සම්පූර්ණ කළ යුතු වේ.

ඔබට සමීපතම අධ්‍යාපන සැපයුම්කරුව සොයා ගත හැකිය.

Share
Published 3 May 2021 7:03pm
Updated 12 August 2022 3:04pm
By Josipa Kosanovic, Madhura Seneviratne


Share this with family and friends