Social Media ගිණුම් සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ගෙන එන්නට යන අලුත්ම නීතිය මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ Social Media ගිණුම් සඳහා 100 points of ID ක්‍රමය හඳුන්වා දීමට මධ්‍යම රජයේ අවධානය යොමුවී තිබේ.

Some common social media applications.

The Australian Government considers recommendation to remove online anonymity Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ වාසය කරන ඔබට සමාජ මාධ්‍ය ගිණුමක් විවෘත කිරීමේදී හෝ පවත්වාගෙන යාමේදී නව නීතියක් ගෙන ඒමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සලකා බලමින් සිටියි.

ඒ සඳහා points හෙවත් ලකුණු ක්‍රමයක් භාවිතා කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අදහස් කරමින් සිටියි.


Higlights

  • ඔස්ට්‍රේලියාවේ පුද්ගලයින්ට සමාජ මාධ්‍ය ගිණුමක් විවෘත කිරීමේදී හෝ පවත්වාගෙන යාමේදී අනන්‍යතාව තහවුරු කිරීමේ ලකුණු 100 ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සලකා බලමින් සිටියි.
  • පවුල්, ගෘහස්ථ හා ලිංගික හිංසනය පිළිබඳ පැවැත්වූ පාර්ලිමේන්තු විමර්ශනය මගින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත.
  • මෙය ප්‍රයෝගිකව සිදු කිරීමේදී ගැටළු රාශියක් පැනනගින බව ඔස්ට්‍රේලියාවේ eSafety කොමසාරිස්වරිය පවසා ඇත.

සමාජ මාධ්‍ය ගිණුම් සඳහා ලකුණු ක්‍රමයක්

ඔස්ට්‍රේලියාවේ ජංගම දුරකථන සිම් පතක් ලබාගැනීම හෝ බැංකු ගිණුමක් විවෘත කිරීම වැනි කටයුත්තකදී අදාළ පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා 100 points හෙවත් ලකුණු 100 ක්‍රමයක් ක්‍රියාත්මක වේ.

එහිදී තම අනන්‍යතාව නිල වශයෙන් තහවුරු කළ හැකි ලේඛන හෝ හැඳුනුම්පත් ඉදිරිපත් කළ යුතුය.

ඔස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගලයින්ට සමාජ මාධ්‍ය ගිණුමක් විවෘත කිරීමේදී හෝ පවත්වාගෙන යාමේදී ද මෙම අනන්‍යතාව තහවුරු කිරීමේ ලකුණු 100 ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සලකා බලමින් සිටියි.

පවුල්, ගෘහස්ථ හා ලිංගික හිංසනය පිළිබඳ පැවැත්වූ පාර්ලිමේන්තු විමර්ශනය මගින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත.

එහි අවසන් වාර්තාව පසුගිය මාසයේ අවසන් සතියේදී මධ්‍යම රජයට බාරදී තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

ඡායාරුප හෝ වීඩියෝ මාධ්‍ය හරහා අන්තර්ජාලය ඔස්සේ විවිධ අපයෝජන සිදුවන බැවින් ඒවා මැඩලීම පිණිස මෙම මෙම අනන්‍යතාව තහවුරු කිරීමේ ලකුණු 100 ක්‍රමය අදාළ කමිටුව විසින් නිර්දේශ කර තිබේ.

ඊට අමතරව Facebook වැනි සමාජ මාධ්‍ය ජාල, ඔස්ට්‍රේලියාවේ නීතිය ක්‍රියාත්මක කරන්නන් හෝ eSafety කොමසාරිස් විසින් අදාළ අනන්‍යතාව තහවුරු කිරීමේ තොරතුරු ඉල්ලා සිටින විට ඒවා ඔවුන්ට භාර දිය යුතු බව ද එම කමිටුව නිර්දේශ කර ඇත.

මෙම ගෙවී යන සමයේ ඔස්ට්‍රේලියාව තුළ කාන්තා හිංසනය, කාන්තාවන් මුහුණ දෙන ලිංගික අපයෝජන, ගෘහස්ථ හිංසනය වැනි දෑ ප්‍රබල ලෙස සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී.
Social Media
Source: Getty Images

අනන්‍යතාව තහවුරු කිරීම එතරම් පහසු නැහැ

සමාජ මාධ්‍ය ගිණුම් සඳහා අනන්‍යතාව තහවුරු කිරීමේ ලකුණු 100 ක්‍රමය හඳුන්වාදීම පිළිබඳ කතාබහ පසුගිය ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී ඇතිවිය.

ඔස්ට්‍රේලියාවේ eSafety කොමසාරිස්වරිය වන Julie Inman Grant සෙනට් විමර්ශන කමිටුව හමුවේ පසුගිය වසරේදී මෙම කරුණ පිළිබඳ සඳහන් කර තිබුණාය.

"සමාජ මාධ්‍ය ජාල සම්බන්ධව අනන්‍යතාව තහවුරු කරන මෙම ලකුණු ක්‍රමය ස්ථාපනය කිරීම අභියෝගාත්මකයි. ලෝකය පුරා මේ වන විට බිලියන 2.6  පමණ Facebook ගිණුම් පවතින අතර ඒවායේ හිමිකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම විශාල මෙහෙයුමක්." යනුවෙන් Julie Inman Grant සඳහන් කළාය.

එවැනි තත්ත්වයක් හමුවේ ඔවුන් මෙය ප්‍රයෝගිකව සිදුකරන්නේ කෙසේද යන ගැටලුව පවතින අතර එය ක්‍රියාත්මක කිරීමට යාමේදී තවත් අතුරු ගැටලු විශාල ප්‍රමාණයක් ඇතිවීමේ හැකියාවක්ද පවතින බව ඇය පෙන්වා දුන්නාය.

අනන්‍යතාව තහවුරු කිරීමට ලබාගන්නා ඇතැම් තොරතුරු ඉතාම සංවේදී තොරතුරු බැවින් ඒවායේ ආරක්ෂාව පිළිබඳ විශාල ප්‍රශ්නයක් මෙහිදී ඇති වන බව යටිතල පහසුකම්, ප්‍රවාහන, ප්‍රාදේශීය සංවර්ධන හා සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම් Richard Windeyer පැවසු බව ACS වෙබ් අඩවිය වාර්තා කරයි.

විශේෂයෙන්ම විදේශ ගමන් බලපත්‍ර අංකය, ජාතික හැඳුනුම්පත් අංකය වැනි අතිශය රහස්‍ය තොරතුරු මේ හරහා ලබාගැනීමට හැකිවන නිසා ඒ පිළිබඳ බරපතල අවදානමක් ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

Share
Published 30 April 2021 11:44am
By Madhura Seneviratne

Share this with family and friends