පොදු නිවසක සිට අගමැති මන්දිරයට පැමිණි ඔස්ට්‍රේලියාවේ 31 වන අගමැති: Anthony Albanese (SBS සිංහල/ වාර්තා)

Anthony Albanese යනු Anglo-Celtic සම්භවයක් නොමැති ඔස්ට්‍රේලියාවේ තේරී පත්වුණු පළමු අගමැති වේ.

Anthony Albanese sworn in as Australia's 31st prime minister

Anthony Albanese sworn in as Australia's 31st prime minister Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ 31 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස Anthony Albanese අද (23/05) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

කැන්බරා නුවර ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාරවරයාගේ නිවසේ පැවති උත්සවයකදී ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජනරාල් David Hurley ඉදිරියේ Anthony Albanese ඔස්ට්‍රේලියාවේ 31 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන ලදී.

ඔහුට අමතරව කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරු සිව් දෙනෙකුද නව රජයේ අමාත්‍යවරුන් ලෙස අද දිවුරුම් දුන්හ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නව නියෝජ්‍ය අගමැති ලෙස Richard Marles ද නව භාණ්ඩාගාරික අමාත්‍යවරයා ලෙස Jim Chalmers ද මුල්‍ය අමාත්‍යවරිය ලෙස  Katy Gallagher ද විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස Penny Wong ද අද දිවුරුම් දුන්හ.


Highlights

  • Anthony Albanese යනු Anglo-Celtic සම්භවයක් නොමැති ඔස්ට්‍රේලියාවේ තේරී පත්වුණු පළමු අගමැති වේ.
  • දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු කම්කරු පක්ෂය විපක්ෂයෙන් ආන්ඩුවට ගෙන ගිය සිව්වන පුද්ගලයා බවට Anthony Albanese පත්ව ඇත.
  • කම්කරු පක්ෂයේ හිටපු අගමැතිවරයෙකු වූ Kevin Rudd ගේ නියෝජ්‍ය අගමැතිවරයා ලෙස ඔහු කටයුතු කළ අතර 2013 දී වැඩ බලන අගමැති ලෙස කෙටි කලක් සේවය කළේය.

සම්පූර්ණ ඇමතිවරුන් පත් කිරීම සහ අමාත්‍යාංශ ක්‍රියාත්මක කිරීම සඳහා ඊළඟ සතියේදී කම්කරු පක්ෂයේ බල මණ්ඩලය රැස්වන තෙක් මෙම ඇමතිවරුන් සියලු විෂය පථයන් ආවරණය කරනු ඇත.

ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමට අනුව කම්කරු පක්ෂය ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ ආසන 150 න් ආසන 75 ක් මේ වන විට දිනාගෙන තිබේ.

එහි බහුතරය දිනාගැනීමට ආසන 76 ක් දිනාගත යුතුව ඇත.

කවුද මේ Anthony Albanese?

Anthony Albanese යනු Anglo-Celtic සම්භවයක් නොමැති ඔස්ට්‍රේලියාවේ තේරී පත්වුණු පළමු අගමැති වේ.

Anglo-Celtic සම්භවය යනු බ්‍රිතාන්‍ය හෝ අයර්ලන්ත සම්භවයකින් පැවතෙන පරම්පරාවලටය.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු කම්කරු පක්ෂය විපක්ෂයෙන් ආන්ඩුවට ගෙන ගිය සිව්වන පුද්ගලයා බවට Anthony Albanese පත්ව ඇත.

Public housing හෙවත් පොදු නිවාසවල හැදී වැඩුණු තනිකඩ මවකගේ සහ ආබාධිත විශ්‍රාමිකයෙකුගේ 59 හැවිරිදි මෙම පුත්‍රයා පහළම මට්ටමේ සිට ඔස්ට්‍රේලියාවේ පළමු පුරවැසියා බවට දැන් පත්වී තිබේ.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


Albanese ඉතාලි සම්භවයකින් පැමිණෙන පුද්ගලයෙකි.

"'ඉතාලි ජාතිකයා' කියා හැඳින් වූවා මිස පාසලේදී මාව හැඳින්නුවේ හැම වෙලේම ප්‍රසන්න නම්වලින් නෙමෙයි, වැඩිමහල් වන විට මම ඒකට හේතුව දැනගත්තා, මොකද මම හැම විටම පාපන්දු ලෝක කුසලානයේදී ඉතාලියට සහයෝගය දැක්වුවා." Anthony Albanese තම ළමා කාලය මේ ආකාරයෙන් සිහිපත් කළේ SBS Italian ගුවන් විදුලියටය.

ඔහුගේ ළමා කාලය ගත වූයේ අභ්‍යන්තර සිඩ්නි උපනගරයක් වන Camperdown හිදීය.
Prime Minister Anthony Albanese(centre) poses for photographs with interim ministers after a swearing-in ceremony at Government House in Canberra on Monday
Prime Minister Anthony Albanese(centre) poses for photographs with interim ministers after a swearing-in ceremony at Government House in Canberra on Monday. Source: AAP / LUKAS COCH/AAPIMAGE

නැතිවූ පියා සොයා ගිය ගමන

Albanese ගේ ඉතාලි සම්භවය සහ ඔහුගේ පියා සොයා ගැනීමේ කතාව ඔහුගේ ජීවිතය පිළිබඳ ලියවුණු පොතකින් ද පවසා පවසා ඇත.

ඔහුගේ ඉතාලි අනන්‍යතාවය, ඔහුගේ පියාගේ වාසගම හරහා ඔහුට පැහැදිලි විය.
ඔහුගේ මව Maryanne නිතරම ඔහුට පවසා ඇත්තේ විදේශගතව සිටියදී නැවකදී හමු වූ තම නැසීගිය සැමියාගේ කතාවය.
“ඒ නැවේදී ඇයට Carlo Albanese නම් තරුණයෙක් මුණගැසුණා. ඇය තරුණ කතෝලික කාන්තාවක් වූ අතර පවුලේ ගෞරවය ආරක්ෂා කළ තැනැත්තියක්. මට කිව්වා - මිනිසුන්ට කිව්වා, මගේ පියා මිය ගොස් ඇති බව" යනුවෙන් Albanese තම කුඩා කළ මතකය නැවත සිහිපත් කරන්නට විය.
Anthony Albanese හැදී වැඩුණේ ඔහුගේ පියා ඔහු ඉපදීමට පෙර රිය අනතුරකින් මිය ගිය බව සිතමිනි.

ඔවුන් දෙදෙනා කිසි විටෙකත් විවාහ නොවූ බවත් ඔවුන්ගේ කෙටි සම්බන්ධතාවයෙන් පසු වෙන් වූ බවත් ඔහුගේ මව ඔහුට හෙළි කිරීමට තීරණය කරන තුරු මෙය සිදු විය.

දෙදෙනා වෙන් වූ දා සිට ඔහුගේ පියාට සිදුවූයේ කුමක්දැයි තමා නොදන්නා බව ඇය කුඩා Albanese හට පැවසුවාය.

"මගේ අම්මා 2002 දී මිය ගියා, මගේ පුතා ඉපදුණේ 2000 දී. අපි ඇගේ සොහොන අසල සිටි දිනයක කුඩා දරුවෙකු වී සිටි මගේ පුතා මගෙන් ඇසුවා 'ඔබේ පියා කොහේද?' කියලා" යනුවෙන් Anthony Albanese, SBS ඉතාලි ගුවන විදුලියට පැවසුවේය.
ඔහුගේ ජීව විද්‍යාත්මක පියා සෙවීම ආරම්භ වූයේ එතැනිනි.

"වාසනාව නිසා අපි එයාගේ විස්තර හොයාගත්තා. ඊට පස්සේ අපි මුණගැහුණා, මට සහෝදරයෙක්, සහෝදරියක්, ලේලිලා සහ බෑණනුවන් ඉන්නවා කියලා මම දැනගත්තා." Anthony Albanese පැවසීය.

Anthony Albanese 2009 වසරේ ඉතාලියේ නිල සංචාරයක යෙදී සිටියදී ඔහුගේ පියාව පෞද්ගලිකව හමුවීමට ඔහුට අවස්ථාව උදා විය.

එවකට Anthony Albanese ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැතිවරයා විය.

තම පියා පළමු වරට මුණගැසෙන විට ඔහුට වයස අවුරුදු 46 කි.

“ලෝකයේ අනෙක් පැත්තේ රටක නියෝජ්‍ය අගමැතිවරයකු ඔහුගේ පුත්‍රයා වීම ගැන ඔවුන් පුදුමයට පත් වුණා.” Albanese සිහිපත් කළේය.
Anthony Albanese with his father Carlo
Anthony Albanese with his father Carlo in Italy. Source: Anthony Albanese

දේශපාලනඥයෙක් ලෙස වෘත්තීය දේශපාලනයට

වෘත්තීය දේශපාලනඥයෙකු වූ Albanese 1996 දී ලිබරල් පක්ෂයේ John Howard බලයට පත්වීමත් සමඟ කැන්බරා වෙත පැමිණියේය.

ඔහු විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව හැදෑරූ නමුත් සෑම විටම දේශපාලනය වෘත්තියක් කරගැනීමට සිටියේය.

"Albo" ලෙසින් වඩාත් ප්‍රචලිත මොහු සිය දේශපාලන දිවියේ වැඩි කාලයක් ගත කර ඇත්තේ කම්කරු පක්ෂ දේශපාලනයේ ඉදිරිපෙළේ ය.

එහිදීද බොහෝ කාලයක් ඔහු විපක්ෂයේ සිට තිබේ.

Anthony Albanese ගේ දේශපාලන ජීවිතයේ වසර 26 තුළ කම්කරු රජයකට සම්බන්ධ වී ඇත්තේ වසර හයක් පමණි.

එහිදී ඔහු යටිතල පහසුකම් අමාත්‍ය ධුරය දැරූවේය.
කෙසේවෙතත්, ඔස්ට්‍රේලියානු අගමැති කාර්යාලය ඔහුට නුපුරුදු එකක් නොවේ.

කම්කරු පක්ෂයේ හිටපු අගමැතිවරයෙකු වූ Kevin Rudd ගේ නියෝජ්‍ය අගමැතිවරයා ලෙස ඔහු කටයුතු කළ අතර 2013 දී වැඩ බලන අගමැති ලෙස කෙටි කලක් සේවය කළේය.

දැනට 59 වන වියෙහි පසුවන Anthony Albanese හට පුතෙකු සිටින අතර එම කසාදයෙන් දික්කසාද වී ඇත.

දැනට සිටින ඔහුගේ සහකාරිය වන Jodie Haydon 2019 දී ඔහුට මුණගැසුණු අතර ඔහු කම්කරු පක්ෂයේ නායකයා වූයේද එම වසරේමය.

Anthony Albanese වසර 2013 දී කම්කරු පක්ෂයට නායකත්වය දීමට ප්‍රථමයෙන් උත්සාහ කළේය.

නමුත් 2019 වසරේදී කම්කරු පක්ෂයේ නායකත්වය ඔහුට හිමිවුණු අතර 2022 දී ඔස්ට්‍රේලියාවේ අගමැති පුටුව කරා ඒ ගමන ඔහුව රැගෙන ආවේය.



Share
Published 23 May 2022 1:29pm
Updated 23 May 2022 1:35pm
By Madhura Seneviratne

Share this with family and friends