ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් නොමිලේ ලබාදෙන ඉංග්‍රීසි පාඨ මාලාව සඳහා සුදුසුකම් ලබන ස්ථිර හා තාවකාලික වීසා ඛාණ්ඩ මෙන්න (SBS සිංහල/ වාර්තා)

flag

Source: Getty Images

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ට නොමිලේ ලබාදෙන ඉංග්‍රීසි භාෂා පන්ති සඳහා ප්‍රවේශය වැඩිපුර ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය සතියේදී තීරණය කළේය.

ඒ සම්බන්ධ නීති ද ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී පසුගිය සතියේ සම්මත කර ගැනුණි.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

Adult Migrant English Program හෙවත් AMEP ලෙස හඳුන්වන මෙම වැඩසටහන කුමක්ද? මේ සඳහා සුදුසුකම් ඇත්තේ කා හටද? යන කරුණු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
Adult Migrant English Program
Source: SBS

Adult Migrant English Program හෙවත් AMEP

සුදුසුකම් ලැබූ සංක්‍රමණිකයින් හට සහ මානුෂීය වීසා වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියාවේ වාසය කිරීමට අවසර ලත් පුද්ගලයින්ට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් නොමිලේ ලබා දෙන ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ පාඨ මාලාව AMEP ලෙස හැඳින්වේ.

ඔස්ට්‍රේලියානු සමාජයේ ඔවුන්ට ස්ථාපිත වීම සඳහා අත්වැලක් සැපයීම මේ හරහා සිදු කෙරේ.

මීට පෙර මෙම පාඨ මාලාව පැය 510 කට සීමා කර තිබූ නමුත් දැන් එම සීමාව ඉවත් කර තිබේ.

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


AMEP සඳහා සුදුසු කවුරුන්ද?

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සඳහන් කරන පරිදි ඔබ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙකු නම් හෝ මෙම ලිපියේ පහත සඳහන් කර ඇති තාවකාලික වීසා වර්ග වලින් එකක් හෝ ඇති අයෙකු නම් ඔබට මෙම AMEP සඳහා සහභාගී වීමට සුදුසුකම් ඇත.

ඊට අමතරව, මේ සඳහා සුදුසුකම් ලැබීමට ඔබේ වීසා බලපත්‍රය ආරම්භ වූ දින සිට හෝ ඕස්ට්‍රේලියාවට පැමිණි දින සිට පහත සඳහන් අවශ්‍යතා ද සපුරාලිය යුතුය:

  • AMEP සේවා සැපයුම්කරුවෙකු සමඟ මාස හයක් ඇතුළත ලියාපදිංචි විය යුතුය (හෝ ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණෙන විට ඔබට වයස අවුරුදු 18 ට වඩා අඩු නම් ඔබට ලියා පදිංචිය සඳහා මාස 12 ක් ලැබේ)
  • ඔබේ ඉංග්‍රීසි පාඨ මාලාව  මාස 12ක් ඇතුළත ආරම්භ කළ යුතුය
  • වසර 5 ක් ඇතුලත ඔබේ පාඨ මාලාව සම්පූර්ණ කළ යුතුය
ඔබ පාඨ මාලාව සඳහා කාලය දිගු කිරීමක් ඉල්ලුම් කරන්නේ නම් ඉහත කාල රාමු වලින් පසුව ඔබට AMEP වෙත පිවිසිය හැකිය.

ඔබ මෙම ඉංග්‍රීසි පාඨ මාලාව සඳහා සහභාගී වීමට සුදුසුකම් ලබන්නේ දැයි දැන ගැනීමට හෝ වැඩසටහන සඳහා ලියාපදිංචි වීමටහෝ

මෙම ඉංග්‍රීසි පාඨ මාලාව පැවැත්වෙන්නේ කොහේද?

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ස්ථාන 300 ක පමණ මෙම මෙම ඉංග්‍රීසි පාඨ මාලාව පැවැත්වෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සඳහන් කරයි.

එම ස්ථාන ප්‍රාදේශීය කලාප වල මෙන්ම දුෂ්කර ප්‍රදේශ වලද තිබේ.

ඔබේ ප්‍රදේශයට සමීපතම
Life expectancy hits a new high in Australia
Source: Pixabay

AMEP වැඩසටහන සඳහා සහභාගී වීමට සුදුසු තාවකාලික වීසා වර්ග

පහත සඳහන් තාවකාලික වීසා වර්ග  වලට AMEP වැඩසටහන සඳහා සහභාගී වීමට අවසර ලැබේ.

  • Bridging F (Class WF)
  • Business Skills (Provisional) (Class UR)
  • Business Skills (Provisional) (Class EB)
  • Interdependency (Provisional) (Class UG)
  • Partner (Provisional) (Class UF)
  • Partner (Temporary) (Class UK)
  • Dependent child visa (subclass 445) (Temporary)
  • Resolution of Status (Temporary) (Class UH)
  • Safe Haven Enterprise (Class XE)
  • Senior Executive (Provisional) (subclass 161)
  • Investor (subclass 162)
  • State/Territory Sponsored Business Owner (Provisional) (subclass 163)
  • State/Territory Sponsored Senior Executive (Provisional) (subclass 164)
  • State/Territory Sponsored Investor (Provisional) (subclass 165)
  • Business Innovation and Investment (Provisional) (subclass 188)
  • Skilled – Designated Area-sponsored (Provisional) (Class UZ)
  • Skilled – Independent Regional (Provisional) (Class UX)
  • Skilled- Employer Sponsored Regional (Provisional (Class PE)
  • Skilled – Regional Sponsored (subclass 475)
  • Skilled – Regional Sponsored (subclass 487)
  • Skilled – Regional Sponsored (subclass 489)
  • Skilled Work Regional(Provisional) (subclass 491)
  • Temporary (Humanitarian Concern) (Class UO)
  • Temporary Protection (Class XD)

Share
Published 14 December 2020 11:28am
By Madhura Seneviratne

Share this with family and friends