NSW ප්‍රාන්තයේ කා බී විනෝද වීමට නොමිලේ ලබාදෙන වවුචර ලබාගන්නේ මෙහෙමයි (SBS සිංහල / වාර්තා)

Dine & Discover වවුචර භාවිතා කළ හැක්කේ Dine & Discover වැඩසටහනට සම්බන්ධ ව්‍යාපාරික ස්ථානවලදී පමණි.

How to apply for Dine & Discover NSW Vouchers

Source: AAP Image/Dan Himbrechts

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවැසියන්ව නිවෙස්වලින් පිටතට පැමිණ ආහාර පාන ගැනීම, කලා සහ විනෝදාස්වාද කටයුතු සඳහා සහභාගී කරවීම උනන්දු කරවීම පිණිස Dine & Discover NSW නමින් නව වැඩසටහනක් දියත් කර තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් දියත් කළ මෙම වැඩසටහන යටතේ Dine & Discover වවුචර නොමිලයේ ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.


Highlights

  • සම්පුර්ණ වටිනාකම $100 ක් වන $25 වවුචර 4 ක් සඳහා මෙහිදී අයදුම් කිරීමට අවසර ලැබේ.
  • මෙම වවුචර 2022 ජුනි 30 තෙක් වලංගු වේ.
  • Dine & Discover වවුචර ලබාගැනීමට ඔබට MyServiceNSW ගිණුමක් තිබිය යුතුය.

Dine & Discover වවුචර

වයස අවුරුදු 18 ට හෝ ඊට වැඩි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවැසියන්ට මෙම වුව්චර Dine & Discover වවුචර සඳහා අයදුම් කළ හැකිය.

සම්පුර්ණ වටිනාකම $100 ක් වන $25 වවුචර 4 ක් සඳහා මෙහිදී අයදුම් කිරීමට අවසර ලැබේ.

එයින් Dine NSW වවුචර 2 ක අවන්හල්, කැෆේ, තැබෑරුම්, wineries, pubs සහ සමාජ ශාලාවල ආහාර පාන ගැනීමට හෝ takeaway ක්‍රමයට ආහාර පාන ගැනීමට හෝ භාවිත කළ හැකිය.

ඊට අමතරව සෙසු Discover NSW 2 ක සංස්කෘතික ආයතන, සජීවී සංගීතය සහ කලා ස්ථාන ඇතුළු විනෝදාස්වාද කටයුතු සඳහා භාවිත කළ යුතුය.

රජයේ නිවාඩු ද ඇතුළුව සතියේ දින 7 තුළ ඕනෑම දිනයකදී මෙම වවුචර භාවිතා කළ හැකිය

මෙම වවුචර 2022 ජුනි 30 තෙක් වලංගු වේ.
NSW Premier Dominic Perrottet
NSW Premier Dominic Perrottet. Source: AAP

Dine & Discover වවුචර සඳහා අයදුම් කිරීමට සුදුසුකම්

Dine & Discover වවුචර සඳහා අයදුම් කිරීමට පහත සඳහන් සුදුසුකම් සපුරා තිබිය යුතුය.

  • වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විය යුතුය.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වාසය කළ යුතුය.

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


Dine & Discover වවුචර භාවිතා කළ හැකි සහ නොහැකි අවස්ථා

  • Dine & Discover වවුචර භාවිතා කළ හැක්කේ Dine & Discover වැඩසටහනට සම්බන්ධ ව්‍යාපාරික ස්ථානවලදී පමණි.
  • ඔබේ බිල්පත ඩොලර් 25 ට අඩුනම් ඉතිරි මුදල් ඔබට ලබාදෙනු ඇත.
  • වවුචරය කල් ඉකුත්වීමේ දිනයට පෙර භාවිත කළ යුතුය.
  • Dine & Discover වවුචරය ලබාදී අත්පිට මුදල් ගත නොහැක.
  • ඇල්කොහොල්, දුම්කොළ ගැනීමට මෙන්ම සූදු ක්‍රීඩා සඳහා ද මෙම වවුචර භාවිත කළ නොහැකිය.
Dine & Discover NSW Vouchers
Source: www.service.nsw.gov.au

ඔබට අවශ්‍ය දේ

Dine & Discover වවුචර ලබාගැනීමට ඔබට MyServiceNSW ගිණුමක් තිබිය යුතුය.

NSW රියදුරු බලපත්‍රය, Medicare කාඩ්පත, ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය වැනි අනන්‍යතාව සහතික කළ හැකි ලේඛන 2 ක් ඉදිරිපත් කළ යුතුය.

Service NSW app එකේ නවතම version එක download කරගැනීමට සහ වවුචර් භාවිතා කිරීමට Smart ජංගම උපාංගයක් තිබිය යුතුය.

Share
Published 14 October 2021 7:06pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends