ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සහ පුරවැසිභාවය පිළිබඳ නීති සංශෝධනවලට නීති විශාරදයෝ හරස් වෙති (SBS සිංහල/ වාර්තා)

රජයේ ආයතන ලබා දෙන රහස්‍ය තොරතුරු මත ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් අවලංගු කිරීමට හෝ පුද්ගලයෙකුගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අවලංගු කිරීමට එම සංශෝධන නීතියක් බවට පත්වුවහොත් ඉඩ සලසයි.

Australian citizenship

Australian citizenship. Source: AAP

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සහ පුරවැසිභාවය පිළිබඳ පනතට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ යෝජිත සංශෝධන නීති විශාරදයින් විවේචනය කර තිබේ.

එම සංශෝධන, නීතියක් ලෙස සම්මත නොවිය යුතු බවට ඔස්ට්‍රේලියාවේ නීති සභාව පවසයි.


Highlights

මෙම සංශෝධන නීතියක් බවට පත්වුවහොත් රජයේ ආයතන ලබා දෙන රහස්‍ය තොරතුරු මත ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් අවලංගු කිරීමට හෝ පුද්ගලයෙකුගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අවලංගු කිරීමට ඉඩ සැලසේ.

මෙම සංශෝධන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සහ පුරවැසිභාවය පිළිබඳ නීතියට එරෙහිව යන තත්ත්ව බොහොමයක් පවතින බව ඔස්ට්‍රේලියාවේ නීති සභාව පවසයි.

මෙම යෝජිත පනත් කෙටුම්පත ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව සහ සංවේදී අපරාධ පරීක්ෂණ සම්බන්ධ තොරතුරු ආරක්ෂා කිරීමේ අරමුණට පටහැනි බව ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමේ සභාපති ද පවසයි.


සංශෝධන නීතියක් ලෙස සම්මත නොවිය යුතුයි

මධ්‍යම රජය යෝජනා කළ මෙම සංශෝධන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සහ පුරවැසිභාවය පිළිබඳ නීතියට එරෙහිව යන තත්ත්ව බොහොමයක් පවතින බව ඔස්ට්‍රේලියාවේ නීති සභාව පවසයි.

බුද්ධි හා ආරක්‍ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ඒකාබද්ධ කමිටුව ඉදිරියේ අදහස් දක්වමින් ඔවුහු මේ බව ප්‍රකාශ කර තිබේ.

නව ආරක්‍ෂිත තොරතුරු රාමුව (Protected Information Framework ) 1958 ඔස්ට්‍රේලියානු සංක්‍රමණ පනතට සහ 2007 ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පනතට ඇතුළත් කෙරෙනු ඇත.

රජයේ ආයතන ලබා දෙන රහස්‍ය තොරතුරු මත ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් අවලංගු කිරීමට හෝ පුද්ගලයෙකුගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අවලංගු කිරීමට එම සංශෝධන නීතියක් බවට පත්වුවහොත් ඉඩ සලසයි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App එක නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


එම යෝජිත සංශෝධනවල ආරක්ෂාව සහ වගවීමේ පියවරයන් හිඟ බව ඔස්ට්‍රේලියාවේ නීති සභාවේ සභාපති ආචාර්ය Jacoba Brasch පැවසීය.

තමන්ගේ තොරතුරු භාවිතා කරන බව අදාළ පුද්ගලයා නොදැන විදේශ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වැනි ගැසට් කරන ලද ඔස්ට්‍රේලියානු ආයතන මගින් ලබා දෙන තොරතුරු අදාළ බලධාරීන්ට මේ හරහා භාවිතා කළ හැකි බව ආචාර්ය Jacoba Brasch පැවසීය.

නීති බලාත්මක කිරීම සම්බන්ධව මහජනතාවගේ උනන්දුවක් ඇති බව මෙන්ම අපරාධකරුවන්ගේ චරිත සම්බන්ධව විස්තර දැනගැනීමට අපරාධ සම්බන්ධ බුද්ධි ආයතන විසින් අදාළ බලතල භාවිතා කිරීම සඳහා වගකිව යුතු නිලධාරීන්ට අදාළ තොරතුරු ලබා දීම කෙරෙහි මහජනතාවගේ උනන්දුවක් ඇති බවට ඔස්ට්‍රේලියාවේ නීති සභාව පිළිගන්නා බවද චාර්ය Brasch විස්තර කළේය.
An Australian citizenship recipient holds his certificate during a citizenship ceremony on Australia Day in Brisbane, Thursday, Jan. 26, 2017. (AAP Image/Dan Peled) NO ARCHIVING
An Australian citizenship recipient holds his certificate during a citizenship ceremony on Australia Day in Brisbane. Source: AAP

ප්‍රජාතන්ත්‍රවාදී නීති පද්ධතියක මූලධර්මයන්ට අනුකූල විය යුතුයි

ආරක්‍ෂිත තොරතුරු රාමුවක් ස්ථාපිත කිරීමේ යෝජනාවේදී ප්‍රජාතන්ත්‍රවාදී නීති පද්ධතියක මූලධර්මයන්ට අනුව එම අවශ්‍යතා සමබර කළ යුතු බව ද ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

සාධාරණව නඩු පැවරීමේ අයිතිය, ඵලදායි ලෙස අධිකරණ සමාලෝචනය, යුක්තිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහ විධායක බලය පිළිබඳ පාර්ලිමේන්තු හා ස්වාධීන පරීක්‍ෂණ අදාළ මූලධර්මයන්ට ඇතුළත් වේ.
මෙය සම්මත වුවහොත් කිසිදු පාර්ලිමේන්තු පරීක්‍ෂණයකින් තොරව ඇමතිවරයා විසින් තීරණය කරන ලද ආයතන විසින් සපයනු ලබන තොරතුරු සඳහා මෙම සංශෝධන අදාළ වනු ඇත.

එමෙන්ම එම තොරතුරුවල ස්වභාවය, සංවේදීතාව, සත්‍යතාවය හෝ හෙළිදරව් කිරීමෙන් ඇති වන අවදානම් පිළිබඳව කිසිදු ව්‍යවස්ථාපිත පරීක්‍ෂණයකට ලක් නොවිය යුතුය.
Australian Passport
Australian Passport Source: Getty Images

ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමේ මතය

මෙම යෝජිත පනත් කෙටුම්පත ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව සහ සංවේදී අපරාධ පරීක්ෂණ සම්බන්ධ තොරතුරු ආරක්ෂා කිරීමේ අරමුණට පටහැනි බව ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමේ සභාපති මහාචාර්ය Rosalind Croucher පැවසුවාය.

තවද යමෙකුගේ වීසා බලපත්‍රයක් අවලංගු කිරීමේ පදනමක් ලෙස මෙය භාවිතා කරන කල එය හෙළිදරව් කිරීම මහජනතාවගේ යහපතට හේතු වේදැයි නිසි තක්සේරුවකින් තොරව අඩු වැදගත්කමක් ඇති පුළුල් පරාසයක තොරතුරු රහසිගතව තබා ගැනීමට අදාළ නියෝජිතයින්ට මෙම පනත් කෙටුම්පත ඉඩ සලසන බවත් මහාචාර්ය Croucher පැවසුවාය.
ආරක්‍ෂක ආයතන ඇතුළු සියළුම ආයතන ඇතැම් අවස්ථාවලදී වැරදි සිදු කරන බවද ඇය සඳහන් කළාය.

එනිසා වීසා අවලංගු කිරීම් සඳහා හේතුවූ පදනම නිසියාකාරව හා සාධාරණ ලෙස පරීක්‍ෂා කිරීමට තම චරිත පදනම් කරගෙන වීසා බලපත්‍ර අවලංගු කර ඇති පුද්ගලයින්ට, එම තීරණ ගැනීම සඳහා රජය විසින් විශ්වාසය තබන ලද ද්‍රව්‍ය වෙත ප්‍රවේශය ලබා දිය යුතු බවද ඇය අවධාරණය කළාය.

Share
Published 30 August 2021 12:55pm
Updated 12 August 2022 2:59pm
By SBS News, Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends