මෙල්බර්න් කොරෝනා ආසාදිතයින් ආ ගිය ස්ථාන ඇතුළත් ලැයිස්තුව තවත් දිගු වන විට කොරෝනා පරීක්ෂාවන් දෙගුණ කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කරයි (SBS සිංහල/ වාර්තා)

NSW

Source: AAP

සිඩ්නි කලාපය ආශ්‍රිතව මතුව ඇති කොරෝනා පොකුරු පාලනය කිරීම උදෙසා තම කොරෝනා පරීක්ෂාවන් දෙගුණ කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

මේ අතර මෙල්බර්න් කලාපයේ කොරෝනා ආසාදිතයින් ආ ගිය ස්ථාන ඇතුළත් ලැයිස්තුවට තවත් ස්ථාන ගණනාවක්ම ඇතුල් කිරීමට වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීන්ට සිදුව ඇත.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වැඩි ආසාදිතයින් ප්‍රමාණයක් බලාපොරොත්තුවෙන්

කොරෝනා ආසාදිතයින් පිළිබඳ මීළඟ යාවත්කාලීන කිරීමේදී ආසාදිතයින් දෙකකට වඩා වාර්තා කරනු ඇතැයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

බටහිර සිඩ්නි කලාපයේ කොරෝනා වයිරසයට නිරාවරණය වූ ස්ථානයක් ලෙස නම් කළ මත්පැන් අලෙවි සැලට ගිය පාරිභෝගිකයින් දහස් ගණනක් කොරෝනා පරීක්ෂණ සඳහා යොමුවීමත් සමග මේ තත්ත්වය උදාවනු ඇතැයි වාර්තා වේ.

පසුගිය ඉරිදා (03/01) රාත්‍රී 8 න් පසුව තවත් අලුත් ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වූ බවත් ඔවුන්ව සඳුදා (04/01) දින ආසාදිතයින් ගණනට නොගැනුනු බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති John Barilaro පැවසීය.

ඒ අනුව ඔවුන් දෙදෙනා අද (05/01) දිනයේ ප්‍රකාශ කරන ආසාදිතයින් ගණනට දැමෙන බවත් ඒ අනුව ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ආසාදිතයින් දෙදෙනෙකුට වඩා වැඩි වන බවත් ඔහු පැහැදිලි කළේය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


මීට අමතරව දෙසැම්බර් 20 - 31 අතර දිනයකදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Berala හි පිහිටි BWS මත්පැන් අලෙවි සැලට හා Woolworths සුපිරි වෙළෙඳ සැලට යම් අයෙකු ගොස් ඇත්නම් වහාම කොරෝනා පරීක්ෂාවන් සිදුකර එහි ප්‍රතිඵලය negative ලෙස ලැබෙන තුරු ස්වයං නිරෝධායනය වන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීහු ඉල්ලා සිටිති.

සිඩ්නි කලාපය ආශ්‍රිතව මතුව ඇති කොරෝනා පොකුරු පාලනය කිරීම උදෙසා තම කොරෝනා පරීක්ෂාවන් දෙගුණ කිරීමට ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
A General view of the BWS store at Berala in Sydney that became the centre for contamination
A General view of the BWS store at Berala in Sydney Source: AAP Image/Dan Himbrechts

තවත් සිය ගණනකට ස්වයං නිරෝධායනය වන ලෙස වික්ටෝරියානු සෞඛ්‍ය අංශ ඉල්ලයි

මෙල්බර්න් කලාපයේ කොරෝනා ආසාදිතයින් ආ ගිය ස්ථාන ඇතුළත් ලැයිස්තුවට තවත් ස්ථාන ගණනාවක්ම ඇතුල් කිරීමට වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීන්ට සිදුව ඇත.

මේ හේතුවෙන් පුද්ගලයින් 1000 කට අධික සංඛ්‍යාවකට කොරෝනා පරීක්ෂාවන් සිදුකර ස්වයං නිරෝධායනය වන ලෙස වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලා තිබේ.

මේ අතර ඇතැම් කොරෝනා ආසාදිතයින් සම්බන්ධ කරගැනීමට වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීන්ට තවමත් නොහැකිවී ඇති බවද ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නවතම යාවත්කාලීන කිරීමට අනුව Black Rock අවන්හල ආශ්‍රිත කොරෝනා පොකුරට ආසාදිතයින් 24 දෙනෙකු සම්බන්ධ බවත් ඔවුන් ගේ පළමු හා දෙවැනි ආශ්‍රිතයින් 1,106 කට ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති බවත් පැවසේ.

නමුත් වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තමන් ඇමතීමට පෙර ජනමාධ්‍ය වලින් දැනුවත්වී තමන් කොරෝනා පරීක්ෂාවන් සිදුකර ස්වයං නිරෝධායනය වීමට පටන් ගත් බව ඇතැම් ආශ්‍රිතයින් පවසා තිබේ.

වහාම කොරෝනා පරීක්ෂාවක් සිදුකර එම ස්ථානයට ගිය දිනයේ සිට දින 14 ක් ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇත.
Hundreds of primary and secondary contacts of eight positive coronavirus cases are isolating in Victoria.
Source: AAP

කොරෝනා නීති ලිහිල් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට දකුණු ඔස්ට්‍රේලියානු බලධාරීන් සූදානම්

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පනවා තිබෙන කොරෝනා නීති ලිහිල් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Coronavirus Transition කමිටුව අද (05/01) උදෑසන රැස්වේ.

නමුත් දකුණු ඔස්ට්‍රේලියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමා විවෘත කිරීම පිළිබඳව අද දිනයේදී සාකච්ඡා නොකරන බවද සඳහන්.

එමෙන්ම දකුණු ඔස්ට්‍රේලියා - වික්ටෝරියා ප්‍රාන්ත සීමා පිළිබදවද කිසිදු වෙනස්කමක් සිදු නොකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ දැනට මතුව ඇති කොරෝනා තත්ත්වය වික්ටෝරියානු බලධාරීන් ඉක්මණින් පාලනය කරනු ඇතැයි දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Steven Marshall විශ්වාස කරයි.

Share
Published 5 January 2021 9:37am
By Madhura Seneviratne

Share this with family and friends