2021/22 වර්ෂය සඳහා වන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාව පිළිබඳ අය වැයේදී හෙළිවූ කරුණු (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන අයදුම්කරුවන් ගේ අයදුම්පත් ප්‍රධාන වශයෙන් සලකා බැලීමටත් ගොඩගැසී ඇති partner visa අයදුම්පත් ඉක්මණින් සලකා බැලීමටත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුව තිබේ.

After the coronavirus pandemic shut international borders and effectively put a stop to the government’s migration program.

After the coronavirus pandemic shut international borders and effectively put a stop to the government’s migration program. Source: SBS News

2021/22 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාවේ කිසිදු වැඩි කිරීමක් සිදු නොකරන බව පසුගිය මැයි 11 දින ඉදිරිපත් කෙරුණු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ 2021/22 අය වැය කතාවේදී ප්‍රකාශ කෙරිණි.

ඒ අනුව 2020/21 වසර සඳහා පැවති සංක්‍රමණික කෝටාවම 2021/22 වර්ෂය සඳහා ක්‍රියාත්මක වනු ඇත.


Highlights

  • 2021/22 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සමස්ත සංක්‍රමණික කෝටාව 160,000 අගයේම පවතියි.
  • ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන අයදුම්කරුවන් ගේ අයදුම්පත් ප්‍රධාන වශයෙන් සලකා බැලීමටත් ගොඩගැසී ඇති partner visa අයදුම්පත් ඉක්මණින් සලකා බැලීමටත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුව තිබේ.
  • 2021 වසරේ අග භාගයේදී ඇතැම් ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට දොරටු විවර කරන ලකුණු.

2021/22 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාව

2021/22 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සමස්ත සංක්‍රමණික කෝටාව 160,000 අගයේම පවතියි.

එහිදී දැනට ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන අයදුම්කරුවන් ගේ අයදුම්පත් ප්‍රධාන වශයෙන් සලකා බැලීමටත් ගොඩගැසී ඇති partner visa අයදුම්පත් ඉක්මණින් සලකා බැලීමටත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුවනු ඇත.
ඒ අනුව Skill හෙවත් නිපුණතා වීසා ධාරාවේ වීසා 79,600 ක් ද Family ධාරාවේ වීසා 77,300 ක්ද විශේෂ සුදුසුකම් යටතේ වීසා 100 ක්ද Child වීසා 3,000 ක්ද 2021/22 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාවට ඇතුළත් වේ.

 ඊට අමතරව humanitarian හෙවත් මානුෂීය වීසා වැඩසටහන යටතේ 2021/22 මුල්‍ය වර්ෂය සඳහා වීසා 13,750 ක් ලබා දීමටද සැලසුම් කර තිබේ.
Migration Program planning levels
Source: Homeaffairs.gov.au

ඔස්ට්‍රේලියාවේ ශුද්ධ සංක්‍රමණික ප්‍රමාණය පහත වැටෙයි

කොරෝනා වසංගතය හේතුවෙන් දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවේ ශුද්ධ සංක්‍රමණික ප්‍රමාණය පහත වැටුණි.

ඇස්තමේන්තු වලට අනුව එය නැවත කොරෝනා වසංගතය පැමිණීමට පෙර තිබූ මට්ටමට පැමිණීමට අවම වශයෙන් තවත් වසර දෙකක් ගතවනු ඇත.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

ස්ථිර හා තාවකාලික වීසා හිමියන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට ලබන වසරේ මැද භාගය වන විට අවස්ථාව ලැබෙනු ඇති බව සිය 3 වන අය වැය ඉදිරිපත් කරමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg අනාවරණය කළේය.

එය මීට පෙර සැලසුම් කර තිබූ කාලයට වඩා තවත් මාස 6 කින් ප්‍රමාද වී තිබේ.

ඔස්ට්‍රේලියානු දේශ සීමා තවමත් වසා දැමීම හේතුවෙන් 2021/22 මුල්‍ය වර්ෂය සඳහා  77,000 ක් ලෙස කලින් පුරෝකතනය කර තිබූ Net overseas migration numbers හෙවත් ශුද්ධ විදේශීය සංක්‍රමණ සංඛ්‍යාව  ඊට වඩා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඔස්ට්‍රේලියාවට ඇතුළු වී මාස 12 කට වඩා වැඩි කාලයක් රැඳී සිටින පුද්ගලයින් හා එම කාලය තුළ කොපමණ පිරිසක් ඔස්ට්‍රේලියාව හැර යනවාද යන්න සැලකිල්ලට ගනිමින්  ශුද්ධ විදේශීය සංක්‍රමණ අගය මනිනු ලැබේ.

විදේශ සංක්‍රමණය සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනයෙන් තුනෙන් දෙකකට ආසන්න වේ.

නමුත් එය 2022/23 තෙක් ධනාත්මක මට්ටමකට  ආපසු නොපැමිණෙන බව 2021/22 අයවැය පුරෝකථනය කරයි.

ජාත්‍යන්තර සිසුන්ට කොළ එළියක්

2021/22 ඔස්ට්‍රේලියානු අය වැය කතාවේදී ජාත්‍යන්තර සිසුන්ට කොළ එළියක් ලැබුණි.

2021 වසරේ අග භාගයේදී ඇතැම් ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට දොරටු විවර කරන බවට මෙවර අය වැය කතාවේදී ප්‍රකාශ කෙරිණි.

පසුගිය වසරේ මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමුවායින් පසුව මේ දක්වා කිසිදු ජාත්‍යන්තර සිසුවෙකුට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර නොලැබිණි.

කෙසේනමුත්, වෙනමම නිරෝධායන ක්‍රියාවලියක් අනුගමනය කරමින් ජාත්‍යන්තර සිසුන්ව ඔස්ට්‍රේලියාවට ගෙන ඒමට විවිධ ප්‍රාන්ත විවධ යෝජනා මධ්‍යම රජයට මේ වන විට ඉදිරිපත් කර තිබේ.

Share
Published 13 May 2021 11:20am
Updated 12 August 2022 3:04pm
By Maani Truu, Madhura Seneviratne


Share this with family and friends