ඔස්ට්‍රේලියාවේ කොරෝනා නීති ලිහිල් කිරීමත් සමග Qantas සහ Jetstar ගුවන් සේවාවන් අභ්‍යන්තර ගුවන් ගමන් නැවත අරඹයි (SBS සිංහල/ වාර්තා)

A Qantas jet and a Jetstar jet sit on the tarmac at Melbourne Airport

Qantas and Jetstar resume domestic flights as coronavirus restrictions ease Source: AAP

Qantas සහ Jetstar ගුවන් සේවාවන් කලාපීය සහ අන්තර් ප්‍රාන්ත ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.


 

සවන්දෙන්න SBS සිංහල සේවයට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

ඔස්ට්‍රේලියාව පුරා පනවා ඇති කොරෝනා නීති හා සීමාවන් ලිහිල් කිරීම නිසා ඔවුන් මෙම තීරණයට එළඹී බව වාර්තා වේ.
Qantas and Jetstar
Source: AAP

Qantas සහ Jetstar ගුවන් ගමන් නැවතත්

Qantas සහ Jetstar ගුවන් සේවාවන් කලාපීය සහ අන්තර් ප්‍රාන්ත ගුවන් ගමන් ජුනි මස අග පටන් යළි ඇරඹීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව ගුවන් ගමන් 300 කට අධික සංඛ්‍යාවක් යළි ක්‍රියාත්මක වනු ඇත.

කොරෝනා වසංගතයට පෙර පැවති කලාපීය සහ අන්තර් ප්‍රාන්ත ගුවන් ගමන් ප්‍රමාණයට වඩා 10% ක වැඩි ගුවන් ගමන් ප්‍රමාණයක් මෙහිදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

දැනට වසා දමා ඇති ප්‍රාන්ත හා ටෙරිටරි සීමාවන් ඉදිරියේදී විවෘත කිරීම සහ සංචාරක ඉල්ලුම මත ජූලි මාසයේ සිට ගුවන් ගමන් වැඩි කිරීමටද අපේක්ෂා කරන බව Qantas සහ Jetstar ගුවන් සේවාවන් පවසයි.
A Qantas aircraft at Brisbane airport
Source: AAP

ගුවන් ගමන් සහ ගමනාන්ත

සිඩ්නි සහ මෙල්බර්න් අතර ක්‍රියාත්මක Qantas ගුවන් ගමන් සතියකට 5 සිට 46 දක්වා වැඩි කිරීමට අදහස් කර සිටී.

එමෙන්ම සිඩ්නි සහ මෙල්බර්න් අතර ක්‍රියාත්මක Jetstar ගුවන් ගමන් සතියකට 7 සිට 21 දක්වා වැඩි කිරීමට අදහස් කර ඇත.

සිඩ්නි නුවර සිට Byron Bay දක්වා ද Qantas ගුවන් සේවය ගුවන් ගමන් ආරම්භ කිරීමට අදහස් කර ඇති බව චැනල් 7 පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

මේ අතර බටහිර ඔස්ට්‍රේලියාව, ක්වීන්ස්ලන්තය, නිව් සවුත් වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියා යන ප්‍රාන්ත අතර ද ගුවන් ගමන් වැඩි කිරීමට ද Qantas ගුවන් සේවය පියවර ගෙන තිබේ.

එමෙන්ම Broome, Cairns සහ Rockhampton සිට සහ ඒ වෙතට පැමිණෙන ගුවන් ගමන් ද වැඩි කිරීමට ඔවුහු කටයුතු යොදා ඇති බව සඳහන්.

තවද මේ වන විට සතියකට ගුවන් ගමන් හතරක් පමණක් ක්‍රියාත්මක Qantas ගුවන් සේවයේ සිඩ්නි - බ්‍රිස්බේන් ගුවන් ගමන් සංඛ්‍යාව ජුනි මස අග සිට සතියකට 21 දක්වා වැඩි කිරීමටද අදහස් කර ඇත.

එමෙන්ම Jetstar  ගුවන් සේවයේ මෙල්බර්න් - බ්‍රිස්බේන් ගුවන් ගමන් සතියකට 3 සිට 5 දක්වා ඉහළ දැමීමටද තීරණය කර තිබේ.

ජූලි මාසයේදී පැමිණෙන පාසල් නිවාඩු සමයත් සමග ඔස්ට්‍රේලියාව තුළ සිදු කෙරෙන ගුවන් ගමන් වලට ඉහළ ඉල්ලුමක් ඇතිවේ යයි අපේක්ෂා කරන බව Qantas ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී Alan Joyce පවසයි.

එනිසාම ඉහළ පාරිභෝගික ඉල්ලුමකට අවශ්‍ය ගුවන් ගමන් සැපයුම් ලබා දීමට මාසයකට පෙර සිටම Qantas ගුවන් සේවය කටයුතු කරන බව ඔහු පෙන්වා දෙයි.

නමුත් ඒ සියලු දේ ප්‍රාන්ත හා ටෙරිටරි සීමාවන් නැවත විවෘත කිරීම මත තීරණය වන බව ඔහු වැඩි දුරටත් පැහැදිලි කරයි.
Self check-in is common in domestic airport of Australia.
Source: Wikimedia

COVID ආරක්‍ෂිත ගුවන් ගමන්

කොරෝනා වසංගතය හමුවේ තම ගුවන් ගමන් ක්‍රියාත්මක වන සැලසුම මේ වන විට Qantas ගුවන් සේවය හෙළි කර ඇත.

ඒ අනුව ජුනි 12 වන දින සිට සෑම ගුවන් මගියෙකු හටම පැළඳීමට මුව ආවරණයක් ලබා දෙන අතර තම ආසන පටි, ආහාර පාන තබා ගන්නා tray මෙන්ම armrests සනීපාරක්ෂිතව (sanitise) තබාගැනීම සඳහා wipes ලබා දෙයි.

මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන නමුත් සැමගේම සෞඛ්‍යාරක්ෂාව සඳහා ඒවා පැළඳීම යෝග්‍ය බව Qantas ගුවන් සේවයේ අදහස වේ.

ගුවන් මගියා අසුන්ගත් පසුව ගුවන් යානය තුළ එහා මෙහා යාම් සීමා කරන ලෙසට ඔවුන්ට දැනුම් දෙයි.

ගුවන් යානය තුළ කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය වීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම අනවශ්‍ය බව Qantas ගුවන් සමුහයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය Ian Hosegood පවසයි.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 4 June 2020 2:36pm
By Madhura Seneviratne

Share this with family and friends