COVID -19 තත්වය හමුවේ දැඩි දුෂ්කරතාවයට මුහුණ දී සිටින කුලී නිවැසියන් හට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයෙන් සහාය.(SBS සිංහල / වාර්තා)

Queensland Premier Annastacia Palaszczuk.

Queensland Premier Annastacia Palaszczuk. Source: AAP

කොරෝනා වෛරස තත්වය හමුවේ සිය නිවාස කුලිය ගෙවාගැනීමට නොහැකිව දුෂ්කරතාවයට පත්ව සිටින පුද්ගලයින් කිසිදු හේතුවක් මත කුලී නිවාස තුලින් ඉවත් කිරීමට නොහැකි බවට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය අවධාරණය කොට තිබේ.

ප්‍රාන්ත පාර්ලිමේන්තුව මගින් නව නීතිමාලාවක් සම්මත කොට ඇති අතර, මෙම සහනය ලබාගැනීම සඳහා සිය අදායම පහත මට්ටමක පවතින බවට එම කුලී නිවැසියන් සනාථ කලයුතු වෙයි.එසේම නව නීතීන්ට අනුව කුලී නිවාස හිමියන් පමණක් නොව ව්‍යාපාර ස්ථාන සඳහා කුලී ගෙවීම් සිදුකරන්නන් සඳහා ද සහන හිමිව තිබේ.


 

 සවන්දෙන්න SBS  සිංහල සේවයට , සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට


 සජීවීව සහ පසුව වැඩසටහනට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න


 
For Rent
Source: Flickr
මෙම නව නීති මාලාව සම්මත කිරීම පසුගිය බදාදා (22) දින පැවැත්වූ හදිසි පාර්ලිමේන්තු සැසිවාරයේදී සිදුකොට ඇති අතර මෙම නීතින් මගින් පවතින අයහපත් තත්වයට මේ මොහොතේ අත්‍යවශ්‍ය පිළිතුරු ලබා දී ඇති බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk පවසා තිබේ.

“ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පවතින සීමාවන් ලිහිල් කිරීමට නම් මධ්‍යම රජය මගින් යෝජිත ජංගම දුරකථන app එක සියලුම ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියන් භාවිත කලයුතුයි” 

පසුගිය බදාදා (22) දිනයෙදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා රෝගියකු වාර්තා නොවූ අතර මෙය මෙම සතිය තුලදී කිසිදු රෝගියෙකු වාර්තා නොවූ දෙවන දිනය වෙයි. මේ අනුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය, පවතින අර්බුධයට නිසි පිළියම් යොදමින් සිටින බවට සනාථ වන බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කොට තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පවතින සීමාවන් ලිහිල් කිරීමට නම් මධ්‍යම රජය මගින් යෝජිත ජංගම දුරකථන app එක සියලුම ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියන් භාවිත කලයුතු බවද Annastacia Palaszczuk සඳහන් කොට තිබේ.
App Store
Source: Flickr
මේ වනවිට ප්‍රාන්ත සෞක්‍ය අංශ මගින් වෛරසය බහුලව පවතින ප්‍රදේශ පිළිබඳව දෛනිකව ලබාදෙන දත්ත ඔස්සේ සහ මෙම යෝජිත නව app එක මගින් ජනතාවට වෛරස ව්‍යාප්තිය පිළිබඳව වැඩි දැනුමක් ලැබෙන අතර එය වෛරස ව්‍යාප්තිය මැඩලීම ඉක්මන් කිරීමට අත්‍යවශ්‍ය කරුණක් වන බවද ඇය අවධාරණය කොට තිබේ.

SBS Radio
Source: SBS Radio


 


Share
Published 23 April 2020 5:42pm
Updated 23 April 2020 5:44pm
By Nipuna Dodangoda


Share this with family and friends