ඔස්ට්‍රේලියාවේ Scams වලට ගොදුරුවුණු පුද්ගලයින්ගේ මුදල් යළි වංචා කරන Scam එකක් ගැන හෙළිදරව්වක් (SBS සිංහල/ වාර්තා)

වින්දිතයින්ට කලින් ගාස්තුවක් ගෙවීමෙන් පසු ඔවුන්ගේ පාඩුව අයකර ගැනීමට උපකාර කරන බවට පොරොන්දු වෙමින් කලින් වංචාවකින් දැනටමත් මුදල් අහිමි වූ පුද්ගලයින් මෙම වංචාවන් මගින් ඉලක්ක කරයි.

Experts advise how to avoid being scammed.

Experts advise how to avoid being scammed. Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ Money recovery scams හෙවත් මුදල් ප්‍රතිසාධන වංචා පිළිබඳ පැමිණිලි වැඩිවීමෙන් පසුව, පෙර ගෙවීමක් සඳහා මුදල් අයකර ගැනීමට අනාරාධිත උපකාර පිරිනැමීම් පිළිබඳව දැනුවත් වන ලෙස Scamwatch ඔස්ට්‍රේලියානුවාසීන්ට අනතුරු අඟවයි.

මේ බව දන්වමින් ඔවුන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.


Highlights

  • Money recovery scams හෙවත් මුදල් ප්‍රතිසාධන වංචා පිළිබඳ  මේ වනවිට ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩිපුර පැමිණිලි ලැබෙමින් පවතී.
  • මේ වසරේ මේ දක්වා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් 270,000කට අධික මුදලක් මේ ආකාරයේ වංචා නිසා අහිමි වී ඇති අතර එය 301% ක වැඩිවීමකි.
  • මෙම වංචාකරුවන් පරිගණක හෝ ස්මාර්ට් ජංගම දුරකථන වෙත remote access හෙවත් දුරස්ථ ප්‍රවේශයක් ඉල්ලා සිටිය හැකිය.

Money recovery scams

වින්දිතයින්ට කලින් ගාස්තුවක් ගෙවීමෙන් පසු ඔවුන්ගේ පාඩුව අයකර ගැනීමට උපකාර කරන බවට පොරොන්දු වෙමින් කලින් වංචාවකින් දැනටමත් මුදල් අහිමි වූ පුද්ගලයින් මෙම වංචාවන් මගින් ඉලක්ක කරයි.

මේ වසරේ මේ දක්වා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් 270,000කට අධික මුදලක් මේ ආකාරයේ වංචා නිසා අහිමි වී ඇති අතර එය 301% ක වැඩිවීමකි.

"වංචාකරුවන් වින්දිතයාට උදව් කිරීමට පෙර මුදල් සහ පුද්ගලික තොරතුරු ඉල්ලා සිටින අතර පසුව අතුරුදහන් වී සියලු සම්බන්ධතා නවත්වනවා." යනුවෙන් ACCC හෙවත් ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ නියෝජ්‍ය සභාපති Delia Rickard පැවසුවාය.
මුදල් ප්‍රතිසාධන වංචාවන් යළිත් වංචාවට ගොදුරු වූවන් ඉලක්ක කර ගන්නා බැවින් ඒවා විශේෂයෙන් බරපතල වංචා වේ.

බොහෝ පුද්ගලයින්ට දැනටමත් මුදල් හෝ අනන්‍යතා තොරතුරු අහිමි වී ඇති බැවින් මෙම වංචාවන් සැලකිය යුතු මානසික පීඩාවන්ට තුඩු දිය හැකි බවද ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ නියෝජ්‍ය සභාපති Delia Rickard පැවසුවාය.

මෙම වසරේ Scamwatch වෙත money recovery scams පිළිබඳ පැමිණිලි 66ක් ලැබී ඇති අතර එය 2021 අදාළ කාලයට සාපේක්ෂව 725% ක වැඩිවීමකි.
How to avoid online scams this holiday season
How to avoid online scams. Source: Getty Images

වංචාකරුවන් ක්‍රියා කරන අයුරු

නීති සමාගමක්, වංචා කාර්ය සාධක බලකායක් (fraud taskforce) හෝ රජයේ ආයතනයක් වැනි විශ්වාසදායක සංවිධානයක් ලෙස පෙනී සිටිමින් වංචාකරුවන් පෙර වංචාවන්ට ගොදුරු වූවන් ඉලක්ක කර, ඔවුන් සම්බන්ධ කර ගනියි.

ඔවුන්ට නිල වශයෙන් ඇඟවෙන වෙබ් අඩවි තිබිය හැකි අතර ඔවුන් උදව් කළ වෙනත් වින්දිතයන්ගෙන් ව්‍යාජ සාක්ෂි භාවිතා කරයි.

up-front payment හෙවත් කලින් මුදල් ගෙවීමක් කරන ලෙස මෙන්ම ඔවුන් බොහෝ විට වින්දිතයන්ගෙන් ව්‍යාජ ලේඛන පුරවන ලෙස හෝ හැඳුනුම්පත් ලේඛන ලබා දෙන ලෙස ඉල්ලා සිටී.
වංචාකරුවන් පරිගණක හෝ ස්මාර්ට් ජංගම දුරකථන වෙත remote access හෙවත් දුරස්ථ ප්‍රවේශයක් ඉල්ලා සිටිය හැකිය.

ඒ අනුව සැකයෙන් තොරව ගොදුරු වූවන් වංචා කිරීමට ඔවුන්ට හැකි වේ.

සැබවින්ම වංචාවකට ගොදුරු නොවූ පුද්ගලයින් දුරකථනයෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් සම්බන්ධ කර ගැනීම සහ ඔවුන් නොදැනුවත්වම වංචාවකට සම්බන්ධ වී ඇති බවත් එම මුදල් ආපසු ගෙවීමට හිමිකම් ඇති බවත් ඔවුන්ට ඒත්තු ගැන්වීම මෙම වංචාකරුවන් භාවිතා කරන තවත් එක් උපක්‍රමයකි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔබට මින් වැළකීමට හැකි ක්‍රම

මුදල් වංචාවකින් ඔබට අහිමිවූ මුදල් යළි අයකර ගැනීම සඳහා උදව් කිරීමට ඉදිරිපත් වන යමෙක් ඔබව සම්බන්ධ කර ගන්නේ නම්, එය වංචාවකි.

එවිට පහත සඳහන් අයුරින් ඔබ ක්‍රියා කළ යුතු බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ නියෝජ්‍ය සභාපති Delia Rickard පැවසුවාය.

  • දුරකථන ඇමතුම විසන්ධි කරන්න.
  • විද්‍යුත් තැපෑල මකා දමා ඉදිරි සම්බන්ධතා නොසලකා හරින්න.
  • ඔබ කිසි දිනක පුද්ගලිකව මුණගැසී නැති කිසිවකුට ඔබේ මූල්‍ය තොරතුරු හෝ අනන්‍යතා ලේඛනවල පිටපත් ලබා නොදෙන්න.
  • ආගන්තුකයන්ට කිසිවිටෙකත් ඔබගේ දුරකතනය හෝ පරිගණකය වැනි උපාංග වෙත දුරස්ථ ප්‍රවේශය ලබා නොදෙන්න.


Share
Published 7 April 2022 3:46pm
By Madhura Seneviratne

Share this with family and friends