ඔස්ට්‍රේලියාවේ බහුලව සිදුවන online shopping scam වර්ග සහ ඒවායින් බේරෙන හැටි (SBS සිංහල/ වාර්තා)

වංචා පිළිබඳ දැනුවත් කරන ඔස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවියක් වන Scamwatch වෙත 2021 වසරේ මේ දක්වා online සාප්පු සවාරි වංචා පිළිබඳ පැමිණිලි 26,000 කට වඩා ලැබී ඇති බව වාර්තා වේ.

Watch out for fake online deals and avoid scammers this sales season

Watch out for fake online deals and avoid scammers this sales season Source: Getty Images

වෙළෙඳ දැන්වීම් වංචා ඇතුළු online සාප්පු සවාරි වංචා නිසා ඔස්ට්‍රේලියානුවාසීන්ට මේ වසරේ මේ දක්වා ඩොලර් මිලියන 12.9ක් පමණ අහිමි වී තිබේ.

Australian Competition & Consumer Commission (ACCC) හෙවත් ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් මේ බව හෙළිකරන ලදී.


Highlights

  • පාරිභෝගිකයින් බොහෝ විට අන්තර්ජාලයේ හොඳම අලෙවි ගණුදෙණු සොයමින් සිටින අතර, ඒ නිසාම වංචාවකට හසුවීම බොහෝ පහසුවේ.
  • Online සාප්පු සවාරි වංචාවකදී අදාළ වංචාකරුවන් සැබෑ පෙනුමක් ඇති ව්‍යාජ Online වෙළඳසැල් නිර්මාණය කරමින් භාණ්ඩ විශාල වට්ටම් සහිත මිලකට අලෙවි කරයි.
  • ඔබ Online භාණ්ඩයක් මිලදී ගැනීමට පෙර, අදාළ අලෙවිකරුවා විසින් ඔබට වංචා කිරීමේ හැකියාව පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත් වේ.

ඔස්ට්‍රේලියාවේ online සාප්පු සවාරි වංචා වැඩි වීමක්

එළඹෙන උත්සව සමයට පෙර සිටම ක්‍රියාත්මක විය හැකි වෙළෙඳ වංචා පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙස ACCC ය ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් ඉල්ලා සිටියි.

වංචා පිළිබඳ දැනුවත් කරන ඔස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවියක් වන Scamwatch වෙත 2021 වසරේ මේ දක්වා online සාප්පු සවාරි වංචා පිළිබඳ පැමිණිලි 26,000 කට වඩා ලැබී ඇති බව වාර්තා වේ.

2020 වසර පුරාවටම ලැබුණු මුළු පැමිණිලි ප්‍රමාණයට වඩා එය වැඩිය.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


කොවිඩ් වසංගතය අතරතුර වැඩි පිරිසක් online හරහා භාණ්ඩ මිලට ගන්නා බැවින් මෙය 2020 වසරේ සිට ගෝලීය ප්‍රවණතා සමඟ අනුකූල වන බවද Scamwatch පවසයි.

නත්තල සහ නව වසර උදාව යනු වෙළෙඳාම සම්බන්ධයෙන් වසරේ කාර්ය බහුලතම කාලය වේ.
උත්සව සමයේ ත්‍යාග ලෙස දීමට හැකි භාණ්ඩ අලෙවි කරනු ලබන සැක නොහිතන වෙළෙඳහිමියන්ගෙන් මෙහිදී වංචාකරුවන් වාසි අත්කරගැනීමට සූදානම් වන බව ACCC හි නියෝජ්‍ය සභාපතිනී Delia Rickard පැවසුවාය.

පාරිභෝගිකයින් බොහෝ විට අන්තර්ජාලයේ හොඳම අලෙවි ගණුදෙණු සොයමින් සිටින අතර, ඒ නිසාම වංචාවකට හසුවීම බොහෝ පහසු බව ඇය පෙන්වා දුන්නාය.
online shopping
Online shopping Source: AAP

Online සාප්පු සවාරි වංචාවන්

Online සාප්පු සවාරි වංචාවකදී අදාළ වංචාකරුවන් සැබෑ පෙනුමක් ඇති ව්‍යාජ Online වෙළඳසැල් නිර්මාණය කරමින් භාණ්ඩ විශාල වට්ටම් සහිත මිලකට අලෙවි කරයි.

කෙසේවෙතත් එම භාණ්ඩ ව්‍යාජ වන අතර ඒවා කිසි විටෙක ගැනුම්කරුවන්ට ලබා නොදේ.
ඊට අමතරව වංචාකරුවන් සමාජ මාධ්‍ය ජාලවල ව්‍යාජ වෙළඳසැල් නිර්මාණය කර හෝ නීත්‍යානුකූල වෙබ් අඩවිවල ව්‍යාජ වෙළෙඳ දැන්වීම් පළ කිරීමද සිදුකරයි.

බැංකු ගිණුමක් හරහා සෘජුව මුදල් ගෙවීමක් හෝ cryptocurrency වලින් ගෙවීමක් සිදුකරනවා නම් ඔවුන් වට්ටම් ලබාදෙයි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


වැඩිම online සාප්පු සවාරි වංචා ආශ්‍රිත භාණ්ඩ

2021 ඔක්තෝබර් 31 දක්වා online සාප්පු සවාරි වංචාවන්හි වාර්තා වූ ඉහළම පාඩුවලට සම්බන්ධ නිෂ්පාදන 10 පහත පරිදි වේ.
Top 10 products reported in online shopping scams in 2021
Source: Scamwatch

Online භාණ්ඩයක් මිලට ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු දේ

ඔබ Online භාණ්ඩයක් මිලදී ගැනීමට පෙර, අදාළ අලෙවිකරුවා විසින් ඔබට වංචා කිරීමේ හැකියාව පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත් වේ.

ඇතැම් වංචාකරුවන් PayPal හෝ ක්‍රෙඩිට් කාඩ් හරහා ගෙවීම් කරන ලෙස ඉල්ලමින්  online වෙළඳසැල් නීත්‍යානුකූල ලෙසට හුවා දැක්වීමට ද උත්සාහ කරයි.
එනිසා ඔබ Online භාණ්ඩයක් මිලදී ගැනීමට පෙර පහත සඳහන් කරුණු පිළිබඳ සැලකිලිමත් වීම වඩා වැදගත් බව Scamwatch වෙබ් අඩවිය පවසයි.

  • අදාළ Online වෙළෙන්දා සෑම විටම සැබෑ PayPal platform එක භාවිතා කරන්නේදැයි දෙවරක් පරීක්ෂා කරන්න.
  • සෘජු bank transfer, gift cards හෝ cryptocurrency හෝ වලින් ගෙවන ලෙස ඇවිටිලි කිරීමේදී දෙවරක් පරීක්ෂා කරන්න.
  • අලෙවිකරුවා පිළිබඳ සොයා බලා ඔබ මිලදී ගන්නේ කාගෙන්දැයි ඔබ දන්නා බවට වග බලා ගන්න.
  • අදාළ Online වෙළෙන්දා සහ එම භාණ්ඩ පිළිබඳ වෙනත් පුද්ගලයින් පවසන්නේ කුමක්දැයි බැලීමට එම භාණ්ඩය හෝ සමාගමේ නම පිළිබඳ සොයාබලන්න.
  • එම අලෙවිකරුවා පිළිබඳ වංචාවන් සම්බන්ධයෙන් යම් පැමිණිලි ලැබී ඇතිදැයි පරීක්ෂා කරන්න.
  • ඔබ සමාජ ජාල වෙබ් අඩවියකින් භාණ්ඩයක් මිල දී ගන්නේ නම් අලෙවිකරුවාගේ ඉතිහාසය පරීක්ෂා කර ඔවුන් සමඟ ගනුදෙනු කළ වෙනත් පුද්ගලයින්ගේ reviews කියවන්න.
  • භාණ්ඩ සඳහා මුදල් ගෙවන විට bank transfer හරහා පෙර ගෙවීමක් හෝ Bitcoin වැනි ඩිජිටල් මුදල් හරහා ගෙවීමක් ඉල්ලා සිටින විධිවිධානවලින් වළකින්න.
  • සෑම විටම PayPal හෝ ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු වැනි ආරක්ෂිත ගෙවීම් සේවාවක් භාවිතා කිරීමට උත්සාහ කරන්න.

Share
Published 26 November 2021 10:15am
Updated 26 November 2021 10:59am
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends