ඔස්ට්‍රේලියාව තුළ අන්තර්ජාලය ඔස්සේ අපයෝජන හා හිරිහැර කිරීම් කරන්නන්ට වැඩ වරදින ලකුණු (SBS සිංහල/ වාර්තා)

Twitter and Facebook

General view of social media apps Facebook, Twitter and Instagram displayed on an iPhone 5. Source: EMPICS Entertainment

අන්තර්ජාලය හරහා හිරිහැර කිරීමෙන් හෝ වෙනත් අපයෝජන හරහා වැඩිහිටියන්ව පෙළීමට විරුද්ධ වන පනත් කෙටුම්පතක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඉදිරිපත් කර තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

මෙවැනි ආකාරයේ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළ ලොව ප්‍රථම රට බවට මේ අනුව ඔස්ට්‍රේලියාව පත්වෙයි.
Social Networks
Source: AAP

Online bullying හෙවත් අන්තර්ජාලය හරහා සිදුවන හිරිහැර

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඉදිරිපත් කර ඇති මෙම නව පනත් කෙටුම්පත මගින් ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට අන්තර්ජාලය හරහා සිදුවන හිරිහැර සහ පෙළීම් වලින් දැඩි ආරක්ෂාවක් සැපයෙන බව වාර්තා වේ.

Online safety bill නමැති මෙම පනත් කෙටුම්පත අද (23/12) දිනයේ නිකුත් කෙරුණි.

සයිබර් අපයෝජන වලින් වැඩිහිටියන්ව ආරක්ෂා කරගැනීමේ ලොව පළමු පනත් කෙටුම්පත ලෙස ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙය හැඳින්වීය.

මේ හරහා ඕස්ට්‍රේලියාවේ ඊ-සේෆ්ටි කොමසාරිස්වරයාට අන්තර්ජාලයේ වැඩිහිටියන්ව අපයෝජනයට ලක් කෙරෙන් දේවල් ඉවත් කිරීමට නියෝග කිරීමට අවසර ලබා දෙයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

විශේෂයෙන්ම නීත්‍යානුකූල පැමිණිල්ලකට අදාළ සමාජ මාධ්‍ය ජාල හෝ වෙබ් අඩවි කාලෝචිත ලෙස ප්‍රතිචාර නොදක්වන්නේ නම් මෙම පියවර ගැනෙනු ඇත.

එමෙන්ම පැය 24 ක් තුළ පළවුණු අතිශය බරපතල අපයෝජනයන්ට තුඩුදෙන දේවල් ඉවත් කිරීමට අපොහොසත් වන වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල වලට මෙම නීතිය අනුව ඩොලර් 555,000 දක්වා දඩයකට යටත් වීමට සිදුවේ.

එමෙන්ම එවැනි දේවල් පළ කරනු ලබන පුද්ගලයින් ට ඩොලර් 111,000 ක් දක්වා වූ දඩයකට යටත් වීමට සිදුවනු ඇත.
Social media
Source: Pixabay

අන්තර්ජාලය වැරදි ලෙස භාවිතා කිරීම

අන්තර්ජාලය මගින් විශාල ලෙස සමාජ, අධ්‍යාපනික හා ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සන්නිවේදන අමාත්‍ය Paul Fletcher පැවසීය.

නමුත් අන්තර්ජාලය හා සබැඳි මිනිස් අන්තර්ක්‍රියා වලින් සුළු ප්‍රමාණයක් වැරදි මගක යන බවත් ඒ හරහා අනතර්ජාලය තුළද අවදානම් තත්ත්ව මතුවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙම යෝජිත වැඩිහිටි සයිබර් අපයෝජන පිටු දැකීමේ නීති අන්තර්ජාලය ඔස්සේ පළවන බරපතල හානිකර අන්තර්ගතයන්ට පමණක් අදාළ වන අතර කතා කිරීමේ නිදහසේ වැදගත්කම සුරකින බව ද ඔහු පැහැදිලි කළේය.

මෙම නීතිය යටතේ ඔස්ට්‍රේලියාවේ eSafety කොමසාරිස්වරයා ගේ දැනුම් දීමෙන් පැය 24 ක් ඇතුළත Twitter සහ Facebook වැනි සමාජ මාධ්‍ය ජාලා වල පළවූ බරපතල හානිකර අන්තර්ගතයන් ඉවත් කරගත යුතු වේ.

අන් අයව අපයෝජනය කිරීමට හෝ නීති විරෝධී අන්තර්ගතයන් හුවමාරු කර ගැනීමට භාවිතා කරන නිර්නාමික හෝ ව්‍යාජ ගිණුම් පිටුපස සිටින පුද්ගලයින් හෙළි කිරීමට eSafety කොමසාරිස්වරයාට බලය ඇත.

ත‍්‍රස්තවාදී සිදුවීම් වැනි online අර්බුදවලට ප‍්‍රතිචාර වශයෙන් වෙබ් අඩවි අවහිර කිරීමට ද ඔහුට බලය ඇත.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ප්‍රජාවේ ප්‍රතිචාර ඉල්ලා සිටින අතර ලබන වසරේ පෙබරවාරි 14 තෙක් ඒ සඳහා කාලය ලබා දී ඇත.

Share
Published 23 December 2020 11:18am
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends