අලුත් නීතිත් සමග 2020-21 වසර සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන විවෘත කරන දිනය මෙන්න (SBS/ සිංහල)

It is revealed that last year most of the Australian Permanent visas were delivered to onshore applicants

Source: Getty Images

2020-21 වසර සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination program එක හෙවත් නිපුණතා වීසා වැඩසටහන 2021 ජනවාරි 05 වන දින විවෘත කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඊයේ (21/12) නිවේදනය කළේය.


SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


කොරෝනා වසංගතයෙන් පීඩා විඳි වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය අංශය හා ආර්ථිකය යළි ශක්තිමත් කිරීමේ අරමුණින් මෙවර නිපුණතා වීසා වැඩසටහන ක්‍රියාත්මක කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

ඒ අනුව සෞඛ්‍ය හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ වෘත්තීන් වල නියැලෙන පිරිස් හට මෙන්ම IT හා ඉංජිනේරු ක්ෂේත්‍ර වල සිටින්නන් සඳහා ද මෙවර වැඩි අවස්ථාවක් මේ හරහා ලබා දී ඇත.
flag
Source: Getty Images

වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන skilled වීසා වැඩසටහනට අමතරව ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි මගින් ක්‍රියාත්මක කෙරෙන skilled visa nomination වැඩසටහන් තිබේ.

ඒ අනුව 2020-21 වසර සඳහා වන වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන එළඹෙන ජනවාරි 05 වන දින විවෘත කෙරෙනු ඇත.

මෙම වැඩසටහන යටතේ පහත සඳහන් වීසා ඛාණ්ඩ දෙක නිකුත් කෙරේ.

  1. Skilled Work Regional (Provisional) visa (subclass 491)
  2. Skilled Nominated visa (subclass 190)

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


වික්ටෝරියානු skilled visa nomination වැඩසටහනේ පියවර

වික්ටෝරියානු skilled visa nomination වැඩසටහනේ පියවර 4 කින් සමන්විත වේ.

අදාළ පියවර වික්ටෝරියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දක්වා ඇත්තේ පහත අයුරිනි.
VIC skilled visa nomination program
Victoria skilled visa nomination program steps Source: www.liveinmelbourne.vic
වික්ටෝරියානු skilled visa nomination  වැඩසටහනට අයදුම් කිරීම සඳහා තෝරා ගැනීම සලකා බැලීමට, ඔබ වික්ටෝරියානු skilled visa nomination සඳහා ලියාපදිංචි විය යුතුය.

Skilled Work Regional (Provisional) visa (subclass 491)

ඔබට 491 වීසා බලපත්‍රය හිමි වුවහොත් ඔබට ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක වසර 5 ක් වාසය කිරීමටත් පූර්ණ කාලීන රැකියා කිරීමටත් අවසර ලැබේ.

අනතුරුව මේ හරහා ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අයදුම් කළ හැකිවේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ 491 වීසා සඳහා අයදුම් කිරීමට ඔබ පහත අවශ්‍යතා සපුරාලිය යුතු වේ.

  • දැනටමත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක වාසය කිරීම.
  • දැනටමත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක රැකියා කිරීම (අවම වශයෙන් මාස 3ක් හෝ)
  • එම රැකියාව වික්ටෝරියානු ප්‍රාන්තයේ ආර්ථිකය යළි ගොඩ නැගීමට හා සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමට අදාළ වන සෞඛ්‍ය, වෛද්‍ය පර්යේෂණ, ජීව විද්‍යා, කෘෂි ආහාර හෝ ඩිජිටල් අංශ වල ඉහළ නිපුණතාවයකින් යුත් රැකියාවක් විය යුතුය.
Australian Federal budget 2022
Source: Getty Images

Skilled Nominated visa (subclass 190)

190 වීසා යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි කරදෙන වීසා බලපත්‍රයකි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ 190 වීසා සඳහා අයදුම් කිරීමට ඔබ පහත අවශ්‍යතා සපුරාලිය යුතු වේ.

  • දැනටමත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක වාසය කිරීම.
  • දැනටමත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක රැකියා කිරීම (අවම වශයෙන් මාස 6ක් හෝ)
  • එම රැකියාව වික්ටෝරියානු ප්‍රාන්තයේ ආර්ථිකය යළි ගොඩ නැගීමට හා සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමට අදාළ වන සෞඛ්‍ය, වෛද්‍ය පර්යේෂණ, ජීව විද්‍යා, කෘෂි ආහාර හෝ ඩිජිටල් අංශ වල ඉහළ නිපුණතාවයකින් යුත් රැකියාවක් විය යුතුය.

Share
Published 22 December 2020 11:20am
By Madhura Seneviratne

Share this with family and friends