සිඩ්නි කලාපයට යළි කොරෝනා නීති, එක් ප්‍රදේශයක් දෙසැම්බර් 23 වන බදාදා වනතුරු lockdown. සිඩ්නි කොරෝනා පොකුරේ අලුත්ම තොරතුරු මෙන්න (SBS සිංහල/ වාර්තා)

Gladys Berejiklian says NSW health authorities are still tracing the source of Sydney’s new coronavirus cluster.

Gladys Berejiklian says NSW health authorities are still tracing the source of Sydney’s new coronavirus cluster. Source: Getty Images AsiaPac

සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශය ආශ්‍රිතව හටගත් කොරෝනා පොකුර අද (21/12) උදෑසන වන විට ආසාදිතයින් 83 දෙනෙකු දක්වා වර්ධනය වී තිබේ.


 

SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

මේ අතර සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශයේ හටගෙන ඇති කොරෝනා පොකුරෙන් සිඩ්නි නුවර සෙසු කලාප වලටද කොරෝනා වයිරසය පැතිරී ඇත්දැයි බියක් මේ වන විට මතුව තිබේ.
NSW has recorded a 10th consecutive day without a locally-acquired COVID-19 case, prompting eased restrictions on gatherings and relaxed rules on mask usage.
NSW has recorded a 10th consecutive day without a locally-acquired COVID-19 case, prompting eased restrictions on gatherings and relaxed rules on mask usage. Source: Getty Images AsiaPac

සිඩ්නි කොරෝනා පොකුර තවත් වර්ධනය වෙයි

සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශය ආශ්‍රිතව හටගෙන ඇති කොරෝනා පොකුර ඊයේ වන විට 70 දෙනෙකු වී තිබුණු නමුත් අද උදැසන වන විට එය 83 දෙනෙකු දක්වා වර්ධනය වී තිබේ.

ඊයේ රාත්‍රී 8 ට අවසන් වූ පැය 24 තුළ එම ප්‍රදේශයේ වැසියන් 38,000 ක් පමණ කොරෝනා පරීක්ෂාවන් සිදුකරගැනීමට ඉදිරිපත්වූ බවද සඳහන්.

මේ අතර සිඩ්නි කලාපය පුරා කොරෝනා වයිරසය තවදුරටත් පැතිරී ඇති බවට නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නවතම දත්ත අනතුරු අඟවයි.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ වෙත නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කොරෝනා අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.

  • Artarmon
  • Bondi Junction
  • Cronulla
  • Double Bay
  • Darling Point
  • Erskineville
  • Eveleigh
  • Homebush
  • Kirribilli
  • Lane Cove
  • Newtown
  • Peakhurst
  • Penrith
  • St Peters
  • Riverstone
  • Rosebury
  • Surry Hills
  • Terry Hills
  • Turramurra
  • Woolloomooloo
  • Forster
  • Raymond Terrace
A person is seen being tested at a coronavirus testing facility at Bondi Beach in Sydney, Thursday, October 15, 2020. COVID-19 clusters in Sydney continue to grow, with authorities issuing new alerts. (AAP Image/Dan Himbrechts) NO ARCHIVING
Source: AAP

පහත සඳහන් ස්ථාන වලට ගොස් ඇත්නම් වහාම කොරෝනා පරීක්ෂාවක් කරගත යුතුය

අදාළ දිනවල ඒ ඒ වේලාවන් හිදී පහත සඳහන් ස්ථාන වලට ගොස් ඇත්නම් එම පුද්ගලයින් වහාම කොරෝනා පරීක්ෂාවක් කරගත යුතු බව නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

තම කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල ඍණාත්මක වුවද ඔවුන් දින 14 ක් නිරෝධායනය විය යුතුය.

  • Avalon Bowlo (4 Bowling Green Ln, Avalon Beach): දෙසැම්බර් 13, ඉරිදා පස්වරු 5 සිට රාත්‍රී 7 දක්වා සහ දෙසැම්බර් 15, අඟහරුවාදා පස්වරු 3 සිට පස්වරු 5 දක්වා
  • Avalon Beach RSL Club: දෙසැම්බර් 11, සිකුරාදා මුළු දිනයම
  • Manly Skiff Club, Manly: දෙසැම්බර් 12, සෙනසුරාදා මධ්‍යහනයේ සිට පස්වරු 2.30 දක්වා
  • Donny's Bar, Manly: දෙසැම්බර් 12, සෙනසුරාදා පස්වරු 3.15 සිට රාත්‍රී 9.00 දක්වා
  • Old Manly Boat Shed, Manly: දෙසැම්බර් 12, රාත්‍රී 9.00 සිට පසුදා අලුයම 12.30 දක්වා
  • Rusti Fig, Newport: දෙසැම්බර් 12, සෙනසුරාදා පෙරවරු 9 සිට පෙරවරු 10.30 දක්වා
  • Café Junior, Woolworths Neutral Bay Village, Neutral Bay: දෙසැම්බර් 13, ඉරිදා පස්වරු 12.45 සිට පස්වරු 2.30 දක්වා
  • BoThai, Crows Nest: දෙසැම්බර් 13, ඉරිදා පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා
  • Pearly Nails, Mona Vale: දෙසැම්බර් 14, සඳුදා පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා
  • Salon X, Paddington: දෙසැම්බර් 16, බදාදා පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා සහ දෙසැම්බර් 17, බ්‍රහස්පතින්දා පෙරවරු 9 සිට රාත්‍රී 8 දක්වා
  • Mona Vale Golf Club, Mona Vale: දෙසැම්බර් 16, බදාදා පස්වරු 5 සිට රාත්‍රී 10 දක්වා
  • Garfish Seafood Restaurant, Manly: දෙසැම්බර් 17, බ්‍රහස්පතින්දා පස්වරු 6.45 සිට රාත්‍රී 8.30 දක්වා
  • Salon for Hair, Turramurra: දෙසැම්බර් 15, අඟහරුවාදා සිට දෙසැම්බර් 18, සිකුරාදා දක්වා ඕනෑම වේලාවක
  • Hair by Erika, Lane Cove: දෙසැම්බර් 11, සිකුරාදා පස්වරු 2.30 සිට පස්වරු 4.30 දක්වා
Gladys Berejiklian has confirmed Sydney’s new coronavirus cluster stems from an international source.
Gladys Berejiklian has confirmed Sydney’s new coronavirus cluster stems from an international source. Source: Getty Images AsiaPac

සිඩ්නි කලාපයට යළි කොරෝනා නීති

සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශයට බදාදා (23/12) මධ්‍යම රාත්‍රිය වන තෙක් lockdown නීති පනවා තිබේ.

ඒ  අනුව සෞඛ්‍ය සේවා ලබාගැනීම්, ආහාර පාන වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීම්, රැකියා කටයුතු සහ යමෙකු රැකබලා ගැනීම් යන අත්‍යවශ්‍ය හේතු මත එම ප්‍රදේශ වල පුද්ගලයින්ට නිවසින් බැහැරව යා හැකිය.

එමෙන්ම උදාවී ඇති තත්ත්වය හේතුවෙන්  සිඩිනි කලාපය පුරාවට, Blue Mountains සහ Central Coast කලාප වලට යළි කොරෝනා නීති පනවා තිබේ.

ඒ අනුව ඉහත කලාප වල නිවෙස් වලට අමුත්තන් 10 දෙනෙකුට පමණක් රැස්වීමට අවසර ලැබේ.

එමෙන්ම උත්සව ශාලා සහ වැඳුම් පිදුම් කරන ස්ථාන වලට වර්ග මීටර් 4 කට එක් අයෙකු බැගින්වූ නීතිය අදාළ වන අතර උපරිම රැස්විය හැකි ප්‍රමාණය 300 ක් බව වාර්තා වේ.

ආගමික ස්ථාන වල නර්තන, ගායන හා ආශිර්වාද කිරීම පුද්ගලයින් 5 දෙනෙකු ගේ උපරිමයකට සීමා කර තිබේ.

Share
Published 21 December 2020 1:50pm
Updated 21 December 2020 3:12pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends