ඔස්ට්‍රේලියාවේ ඇතැම් Casual සේවකයින්ට වැටුප් සහිත වාර්ෂික සහ අසනීප නිවාඩු ලබාගත හැකි බවට තීන්දුවක් ප්‍රකාශ කෙරේ (SBS සිංහල/ වාර්තා)

Casual Worker

Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ ඇතැම් අනියම් සේවකයින් (casual workers) හට සුබදායී පුවතක් ඔස්ට්‍රේලියානු මධ්‍යම අධිකරණයෙන් ඊයේ (20/05) වාර්තා විය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

ඇතැම් අනියම් සේවකයින් වැටුප් සහිත නිවාඩු ලබා ගැනීමට හිමිකම් ඇති බව එම පුවත වේ.
casual workers
Source: Flickr

අනියම් සේවකයින්ට වැටුප් සහිත නිවාඩු

ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකායේ බොහෝ විට අසාධාරණයට ලක්වන සේවක කොටසක් ලෙස අනියම් සේවකයින් හඳුන්වයි.

ඔවුන්ට තම සේවා කාලයේදී නිවාඩු ලබාගැනීමට හැකි වුවද ඒවා සඳහා ගෙවීමක් සිදු නොකෙරෙයි.

විශේෂයෙන් අසනීප නිවාඩු සහ වාර්ෂික නිවාඩු වලදී වැටුප් රහිතව එම නිවාඩු ලබා ගැනීමට ඔවුනට සිදුවේ.

ඒ අනුව නිතිපතා එක හා සමාන සේවා මුරයක සේවය කරන අනියම් සේවකයින්ට වැටුප් සහිත වාර්ෂික, අසනීප හා සුරැකුම් නිවාඩු (carer's leave) ලබාගැනීමට හිමිකමක් ඇති බව ඔස්ට්‍රේලියාවේ මධ්‍යම අධිකරණය ඊයේ පැවසුවේය.
මෙම තීන්දුව අති විශිෂ්ඨ එකක් බව පතල් කර්මාන්තයේ ජාතික වෘත්තීය සමිති සංගමයේ ලේකම් Tony Maher, Sydney Morning Herald වෙබ් අඩවියට පැවසුවේය.

බොහෝ සේවායෝජකයින් සේවකයින්ව අනියම් පදනම මත සේවයට බඳවාගෙන ඔවුන්ට පූර්ණ කාලීන සේවා පැය ගණනක් ලබා දෙමින් අකටයුතුකම් කරන බවට පසුගිය කාලය මුළුල්ලේම චෝදනා එල්ල වන්නට විය.

එනිසා මෙම අධිකරණ තීන්දුවත් සමග එම ක්‍රියාව වෙනස් වන බව Tony Maher පැවසුවේය.

ඒ අනුව යම් අනියම් සේවකයෙකු පූර්ණ කාලීන සේවා පැය ගණනක් සමාකාරව නොකඩවා සේවය කරයිනම් ඔහු/ඇය ස්ථිර සේවකයකු ලෙසත් ස්ථිර සේවකයකු හට ලැබෙන සේවක අයිතිවාසිකම් ඒ අනුව අදාළ අනියම් සේවකයාට ලැබිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
casual workers
Source: Flickr

මෙම තීන්දුව සේවායෝජකයින්ව අධෛර්ය කිරීමක් බවට චෝදනා

මෙම තීන්දුව නිසා සේවායෝජකයින් රාජකාරී සඳහා අනියම් සේවකයින් කැඳවීමට පසුබට වන බවත් මෙය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන බවත් Australian Industry Group සංවිධානය පවසයි.

මෙම නව තීන්දුව හරහා අනියම් සේවකයින්ට double-dip ක්‍රමයට අමතර මුදල් ආකාර දෙකකින් ලැබෙන බවත් එය සේවායෝජකයා හට පාඩු ගෙන දෙන්නක් බවත් ඔවුහු පෙන්වා දෙති.
අනියම් සේවකයෙකු හට පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන සේවකයකු හට වඩා තරමක් වැඩි මුදලක් එක් සේවා පැයකට ගෙවනු ලබයි.

ඒ අනුව මෙම නව තීන්දුව යටතේ අනියම් සේවකයෙකු වාර්ෂික නිවාඩු ලබා ගැනීමේදී casual loadings සමග එම නිවාඩු වලට ගෙවීමත් යන ද්විත්වයම සිදුවන නිසා එය සේවායෝජකයා හට ආර්ථික වශයෙන් මහත් පාඩුවක් ගෙන දෙන්නක් බව පැවසේ.

ස්ථිර සේවකයෙකු හට පැයකට ගෙවනු ලබන වැටුපට වඩා 15-25% ක වැඩි ප්‍රතිශතයක් අනියම් සේවකයෙකු ගේ පැයකට  ගෙවීම casual loadings යනුවෙන් හැඳින්වේ.
casual workers
Source: Pixabay

පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන හෝ ලෙස සේවය වෙනස් කරගැනීම

ඔස්ට්‍රේලියාවේ අනියම් සේවකයින්ට (casual workers) 2018 ඔක්තෝබර් 01 වන දින සිට තම සේවය පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන හෝ ලෙස වෙනස් කරගැනීම සඳහා ඉල්ලීම් කිරීමට හැකියාව ලැබී ඇත.

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථාන සහ කම්කරු නීති පිළිබඳ නියාමකයා ලෙස සැලකෙන  Fair Work Ombudsman වරයා මෙම නව නීතිය ප්‍රකාශයට පත් කළේය.

Fair Work Ombudsman වරයා හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය අනුව ඔස්ට්‍රේලියාවේ අනියම් සේවකයින්ට තම සේවය පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන හෝ ලෙස වෙනස් කරගැනීම සඳහා ඉල්ලීම් කිරීමට පහත කරුණු සම්පූර්ණ කළ යුතුවේ.

  • අනියම් සේවකයෙකු ලෙස අවම වශයෙන් මාස 12 ක කාලයක් හෝ එක හා සමාන සේවා මුරයක හෝ පැය ගණනක සේවය කිරීම.
  • මාස 12ක් පුරාවට සතියකට පැය 38ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සේවය  කරන අනියම් සේවකයින්ට පූර්ණ කාලීන සේවය සඳහා ඉල්ලුම් කළ හැකිය.
  • මාස 12ක් පුරාවට සතියකට පැය 38කට අඩුවෙන්  සේවය  කරන අනියම් සේවකයින්ට ස්ථිර අර්ධ කාලීන සේවය සඳහා ඉල්ලුම් කළ හැකිය.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 21 May 2020 1:32pm
By Madhura Seneviratne

Share this with family and friends